මේ අලුත් 20 මොකක්ද?
හැමෝම ලේසියට කියන 20, නැත්තම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් යෝජනා වෙලා තියෙන විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් 2 වෙනිදා මුලින්ම ගැසට් අතිරේකයේ පළවුණා.
2015 දී 19 න්, නැත්නම් 19 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරපු ගොඩක් කරණු 20 වෙනි සංශෝධනයෙන් අයින් කරන්න යෝජනා වෙලා තියෙනවා , ඒ වගේම ඊට කලින් 2010 දී 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු බොහොමයක් කරුණු ආයෙත් එකතු වෙලා තියෙනවා.
දැනට තියෙන 19 වෙනි සංශෝධනයෙන් සිද්ධ වුනේ මොකක්ද ?
x විධායක ජනාධිපතිධූරයේ බලතල අඩුකරලා ඔහු/ඇය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වඩාත් වගකිව යුතු තත්ත්වයකට ඒ හරහා පත් කරලා තිබුණා.
x කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කරද්දී තිබුණු දේශපාලනික ක්‍රියාවලිය අයින් කරලා ඒ තුළ ස්වාධින බවක් ඇති කිරීමට කටයුතු යොදා තිබුණා.
මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ කොහොමද?
ඒ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරු 225 න්, 215 ක්ම ඒ වෙත පක්ෂව ඡන්දය දීලා, ඒ කියන්නේ එකඟත්වය පළ කරලා.
එතකොට කෙටුම් පතක් නීතියක් වෙන්නේ කොහොමද?
දැන් යෝජනා වෙලා තියෙන 20 වෙනි සංශෝධනය තාම කෙටුම් පතක්, ඒ කියන්නේ තාම නීතියක් විදියට ඒක සම්මත නෑ.
ඒක නීතියක් වෙන්නේ මෙන්න මෙහෙම
මුලින්ම ඒක පනත් කෙටුම් පතක් විදියට පාර්ලිම්නේතුවේ න්‍යාය පත්‍රයට දාන්න දවස් 14 කට කලින් ගැසට් කරන්න ඕනි.( සැප්තැම්බර් 2 වෙනිදා, මේ කෙටුම්පත ගැසට් කළා, ඒ නිසා මේ පියවර අවසන් )
ඊට පස්සේ පළවෙනි වර කියවීමට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්රයට ඇතුළත් කරන්න පුළුවන්. ( අද සැප්තැම්බර් 22, පාර්ලිමේන්තුවේදී 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත පළමු වරට අධිකරණ ආමාත්‍ය අලි සබ්‍රි විසින් ඉදිරිපත් කළා)
එතකොට විශේෂත්වය තමයි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්රයට ඇතුළත් කලාට පස්සේ දවස 7 ක් ඇතුලත ඕනෑම පුරවැසියෙකුට පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අහියෝග කරන්න තියෙන හැකියාව (දැන් ඒකට පුරවැසියන්ට අවස්ථාව තිබෙනවා, ඒ අනුව යෝජනා වෙලා තියෙන 20 වන සංශෝධන කෙටුම් පතත් එහෙම අභියෝගයට ලක් කරන්න විවිධ පාර්ශව මේ වෙන කොට ඉදිරිපත් වෙලා තියෙනවා)
යෝජනා වෙලා තියෙන 20 වන සංශෝධන කෙටුම් පතත් එහෙම අභියෝගයට ලක් නොකළොත් මොකද වෙන්නේ ?
එහෙම වුනොත් පළමුවර කියවීමෙන් සතියකට පස්සේ දෙවනවර කියවීමකට කෙටුම් පත යැවෙනවා. ඊට පස්සේ තුන්වෙනි වර කියවීමත් එක්ක පාර්ලිම්නේතු ඡන්ද විමසීමකට යනවා. මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද එයට ලැබුණොත් 20 වන සංශෝධන කෙටුම් පතත් නීතියක් විදියට සම්මත වෙනවා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන සංශෝධනයක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ක සහයෝගයක් තියෙන්නම ඕනේ.
යෝජනා වෙලා තියෙන 20 වන සංශෝධනය අධිකරණයේ අභියෝගයට ලක් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ භූමිකාව මොන වගේ එකක්ද?
ශ්‍රේෂ්ඨාධිකරණය මේ යෝජනා කරන සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂා වෙලා තියෙන විධිවිධානයක් උල්ලංඝනය වෙනවද යන්න විභාගයට ගන්නවා. එහෙම එක් විධානයක් හෝ වැඩි ගණනක් උල්ලංඝණය වෙලා තියෙනවා නම් මන්ත්‍රීවරුන්ගේ 2/3 අනුමැතිය වගේම ජනමත විචාරනයකට ගිහින් ජනතාවගේ අනුමැතියත් ගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව අවශ්‍ය නම් විකල්පයක් විදියට ආණ්ඩුවට පුළුවන් ආරක්ෂිත විධිවිධාන උල්ලංඝනය වෙලා තියන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන වගන්ති ඉවත් කරලා යෝජනා කරලා තියෙන සංශෝධනය මන්තී‍්‍රන්ගේ 2/3 ඡන්දයෙන් සම්මත කරගන්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ මොකක්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවපු පාර්ලිමේන්තු සභාව වෙනුවට 19 වන සංශෝධනයෙන් හඳුන්වා දුන්න එකක් .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුලිකවම කරන්නේ ස්වාධීන කොමිෂන් සභා වෙන
මැතිවරණ කොමිෂන් සභාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අල්ලස් කොමිෂන් සභාව හා
මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ඒවායේ කටයුතු පවත්වා ගැනීම හා නියාමනය.
ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, මේ කොමිෂන් සභාවල සාමාජිකයින්, අනෙක් අතට වැදගත් පදවි ගණනාවකට කරන පත් කිරීම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්, නීතිපති හා පොලිස්පති වගේම අනෙකුත් පදවිවලට කරන පත් කිරීම් පිළිබඳව සංවරණයක් ලෙස ක්‍රියා කිරීමේ වැදගත් භූමිකාවක් ඉටු කරනවා වගේම විවිධ කාර්යයන් සිදු කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ බොහෝ දේශපාලන පක්ෂ ඇතුළත් වෙච්ච පුළුල් නියෝජනයක් සහතික කරන ආකාරයකින් ව්‍යුහගත කරලා තියෙන එකක්. ඒ නිසා මේ අනුව මුලින් සඳහන් කළ පත්වීම් විධායක ජනාධිපතිවරයාගේ/වරියගේ තනි කැමැත්තට (අභිමතයට) සිදු නොවීම සහතික කිරීමට සංවරණයක් ලෙස ක්‍රියා කරනවා. ඒක මේ පත් කිරීම් ක්‍රියාවලිය දේශපාලන ඇඟිලි ගැසීමක් නැතුව ස්වාධිනව පවත්ව ගන්න උදව් වෙනවා.
එතකොට 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවපු පාර්ලිමේන්තු සභාවයි, 19 වන සංශෝධනයෙන් හඳුන්වා දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි වෙනස් වන්නේ කොහොමද?
මුලිකවම යෝජනා වෙලා තියෙන 20 වෙනි සංශෝධනයෙන් 18 වෙනි සංශෝධනයෙන් හරහා කලින් ස්ථාපිත කරපු පාර්ලිම්න්තු සභාව ආයෙත් ගේන්න යෝජනා වෙලා තියෙනවා.මේ ව්‍යුහ දෙකේ මුලික වෙනස් කම් ගැන බැලුවොත් මෙන්න මේ කරුණු අඳුනගන්න පුළුවන්
එකක් තමයි පාර්ලිමේන්තු සභාව සමන්විත වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විතරක් වීම.
හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්-දේශපාලන පුද්ගලයින් තුන් දෙනෙක් ඉන්නවා.
පාර්ලිමේන්තු සභාව බොහෝ දුරට සමන්විත වන්නේ අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා අයත්වන දේශපාලන පක්ෂයේ හෝ සන්ධානවල මන්ත්‍රීවරුන්ගෙන් විතරයි .
එතකොට පත් කිරීම් ක්‍රියාවලියේදී අනෙක් දේශපාලන පක්ෂ එක්ක අර්ථවත් අදහස් විමසීමක් සිද්ධ වෙන්නේ නෑ
අනෙක් එක තමයි පාර්ලිමේන්තු සභාවේ අංක 4 හා 5 සාමාජිකයින් අගමැතිවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ තෝරා ගැනීම් මත පමණක් පදනම්ව තෝරා ගන්නා ප්‍රජාවන් දෙකේ නියෝජිතයෙක් වීම, ඒ නිසා රටේ බහුත්වවාදී ස්වභාවයෙහි පිළිගැනීමක් නැති වීම.
යෝජනා කරන සංශෝධනය ප්‍රධාන පදවි වලට පුද්ගලයින් පත් කිරීමේදී බලපාන්නේ කොහොමද?
පාර්ලිමේන්තු සභාවට කරන්න පුළුවන් ‘‘නිරීක්ෂණ’’ සැපයීම විතරයි. එනිසා ජනාධිපතිවරයා/වරිය මේ නිරීක්ෂණ සලකා බැලිය යුතුව තිබේද යන්න සහතික කරන කිසිවක් නෑ . ඒක ජනාධිපතිවරයාට/වරියට අඩු වැඩි වශයෙන් මෙම පදවිවලට ඔහු/ඇය අභිමත පුද්ගලයින් පත් කිරීමේ බාධා විරහිත අභිමතයක් ලබා දෙන තත්වයක් ඇති කරනන පුළුවන්. ඒ හරහා මෙම පදවි දේශපාලනීකරණයට ලක් වෙන්න පුළුවන් වගේම ඒවායේ ස්වාධින්තවයටත් හානි වෙන්න ඉඩ කඩ වැඩියි.
🖋️ ආවොත් අමාරු වෙන 20 ගැන ලේසියෙන් කියවලා තේරුම් ගමුද?
එහෙනම්
මේ Thread එක Follow කරන්න 👇
නැත්තන් මේ ලිනික් එකෙන් ලිපි පෙළට යන්න 👇 https://t.co/8gUSgmfwNB #20thAmendement #LKA #SriLanka @CPASL@bfonseka pic.twitter.com/dLJ19xQd3u
— Vikalpa (@vikalpavoices) September 23, 2020
https://www.facebook.com/media/set?vanity=Vikalpasrilanka&set=a.10158643041729806
දෙවන කොටස ඉදිරියට …
සැකසුම : යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සම්පාදිත ලුහුඩු ප්‍රශ්නෝත්තර සංග්‍රහය ඇසුරෙනි.