iMage:Ahinsakainge Aramaya/Diyavannawa, Colommbo
යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කිරීම ට විරුද්ධව පැණ නැගී ආ බරපතල විරෝධය හමුවේ, නැවත එම ස්මාරකය ඉදිකිරීම සදහා මැදිහත් වීමට බලධාරීන්ට සිදු විය.
කෙසේ නමුත්, යාපනය විශ්ව විද්‍යාලය තුළ තිබූ එම ස්මාරකය ඉවත් කිරීම නිසා, යුද්ධයෙන් මිය ගිය සිය සමීපතමයින් සැමරීමට ඇති අයිතිය, නිදහස පිළිබද නැවත වටයකින් සංවාදයක් මතුවිය. එය ලංකාවේ දකුණ දක්වා විහිදී ගියේය. වෙබ් අවකාශයේ සම්මන්ත්‍රණ ද, ස්මාරකය උදුරා දැමීමට විරුද්ධව සමාජ ජාලාවල විවිද අන්දමේ විරෝධතාවයන් ද මතු විය. නමුත් සෑම විටකම මෙන් එය ඒ මොහොත ග්‍රහණය කර ගනිමින්, ඒ වෙනුවෙන් වැඩ කිරීම සාමාන්‍යකරණය වී ඇති තත්ත්වයක් නැවත පෙන්නුම් කළේය. නමුත් අප විසින් අවබෝධ කරගත යුත්තේ, පීඩික යාන්ත්‍රණය තුළ ඇති ‘පීඩක’ මනෝබාවය එයින් වෙනස් නොවන බවයි. ඒ මනෝබාවය විසින් ක්‍රියාත්මක කරන තවත් එවැනි ක්‍රියාවලියක් දූපතේ තවත් බිමකින් නැවත වටයකින් මතුවිය හැකිය. එය විසින් නැවත වරක් තුවාල කර ඇති ලාංකීය මිනිස් හදවත් යළිත් පාරනු ඇත. එබැවින් අපට එම පිඩක මනෝබාවය පිළිබද ගැඹුරු කියැවීමක් අත්‍යවශ්‍ය වන්නේය. එසේම, එම පීඩක මනෝබාවය විසින්ම මෑත ඉතිහාසය තුළ සිදුකරන ලද එවැනි සාහාසික ක්‍රියාවලීන් යළි යළිත් මතක් කර ගැනීම අවශ්‍යය. ‘සිහිවටන’ මතින් ඩෝසර් ගමන් කළ මෑත ඉතිහාසය යළි යළිත් සිහිපත් කිරීමත්, ඒවා සිදුකල අන්දමත් සිහිකර ගැනීම වටින්නේය. ඒ අන් කිසිවක් නිසා නොව, බරපතල යුද්ධයකින් පසුව තුවාළ වූ හදවත් සුවපත් කළ හැකි ‘එක්’ ක්‍රමයක් වන්නේ මරා දැමූවන් ‘සිහි කිරීමට’ ඔවුන්ගේ සමීපතමයින්ට ඇති අයිතිය තහවරු කිරීමය. එම අයිතිය රාජ්‍ය විසින් පිළිගැනීමයි. එසේම එවන් තත්ත්වයක් යළි ඇති නොවීම වලක්වා ගන්නටය.
‘අහිංසකයින්ගේ ආරාමය’ මතින් ගමන් කල ‘ඩෝසරය’
අහිංසකයින්ගේ ආරාමය ගොඩනගන්නේ 1988/89 කාලවලදී අතුරුදහන් කරන ලද සහ ඝාතනය කරන ලද තරුණ තරුණියන් සිහිවීම සදහායි. බත්තරමුල්ල, දියවන්නාව අසල ගොඩනගන ලද එම ‘අහිංසකයින්ගේ ආරාමයට’ එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ද විශාල සහයෝගයක් ලබා දුන්නේය. එම සහයෝගයෙන් නොනැවතී මෙහි සංවිධාන කටයුතු කරනු ලැබූ ‘අතුරුදහන් වූවන්ගේ මාපිය දූ දරු සංවිධානය’ සමග එක්ව එම ස්මාරකය අබියස අතුරුදහන් වූවන් සිහි කිරීමට ද ඔවුන් එවකට එක්විය. ඒ 1999 දෙසැම්බර් 10 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින දීය. එම අහිසංකයින්ගේ ආරාමයේ නිර්මාණ කරුවා වූයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහය. එවකට “අහිංසකයන්ගේ ආරාමය” ඉහළම මට්ටමේ කලා නිර්මාණයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට පවා ලක් ව තිබුණි. සුවිශේෂී කරුණක් වූයේ එම අහිසංකයින්ගේ ආරාමය ඩෝසර් කරන විට ජනතා විමුක්ති පෙරමුණද නොදැක්කා සේ සිටීමය.
නමුත් කාලයක් පුරාම වල් වැදී තිබූ එම අහිංසකයින්ගේ ආරාමය නැවත ප්‍රතිසංස්කරනය කිරීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හෝ එවකට අතුරුදහන් වුවන් වෙනුවෙන් කදුලු සැලූ කිසිවෙකුත් උනන්දු වූයේ නැත. ඉන් පසු මෙම අහිංසකයින්ගේ ආරාමයේ බුල්ඩෝසර් වන්නේ අතුරුදහන් වූවන්ගේ මතකය සදහා ඉතිරිව තිබූ එම සිහිවටනයත් පොළවට සමතලා කරමිනි. එම ස්මාරකය ඉවත් කිරීම සදහා ඔවුන් විසින් ගෙන ආ තරකයක් වූයේ, කෝට්ටේ දියවන්නා ඔය අවට සංවර්ධන කටයුතුවලට සහ එහි වාර්තමාන පරිසරයේ දර්ශනීය පෙනුමට ‘අහිංසකයන්ගේ ආරාමය’ බාධාවක් බවයි. එවකට නාගරික සංවර්ධනය බාරව සිටියේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ වත්මත් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ය.
එම අහිසංකයින්ගේ ආරාමය හි ඛේදවාචකය පිළිබදව, අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, ශාන්ත ඩී පතිරණ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින් පළ කරමු(වීඩියෝව අනුග්‍රහය- සම්පත් සමරකෝන්/ 2012 පෙබරවාරි)
Sampath Samarakoon