ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙළි කර මුලින්ම කෝපි ද පසුව තේ ද වගා කළා.
රටෙන් 2/3 ක් පහත් තැනිතලාව, 1/5 ක් මධ්‍යම කඳුකරය. කඳුකරයෙන් ගලා බසින ගංගා 103 ක්. මේ ගංගා උපයෝගි කරගෙන අපේ රට ට හොඳ වාරි කර්මාන්තයක් තිබුණා.
අප රට දේශගුණික වශයෙන් විවිධයි. තෙත්, වියලි, අතර මැදි, අර්ධ ශුෂ්ක වශයෙන් සහ තෙත් කලාපය උඩරට, පහතරට, තෙත් ආදී වශයෙන් බෙදෙනවා.
අපේ රටේ ග්‍රාමීය ජනගහනය 76% ක්. රටේ ජන ගහනයෙන් මිලියන 1.5ක් රු.200/- ක් තමයි දෛනික ආදායම. කෝටි දෙකකට ආසන්න ජනගහනයෙන් 70% තාමත් කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගෙන ජීවත් වෙනවා. රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 57% ආහාර නිෂ්පාදනය සදහා යොදාගන ඇත. ඉන් කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 722000ක්. අතිරේක බෝග සදහා සුදුසු ඉඩම් හෙක්ටයාර් 130000 තිබුණත් එයින් වාර්ෂිකව හෙක්ටෙයාර් 4000ක් වගා වෙන්නේ නැහැ. මේ තමා අපේ රටේ තත්ත්වය.
ලෝකය ජාතීන් අතින් විවිධයි. ආසියාතිකයන්, යුරෝපීය සුදු ජාතිකයන්, අප්‍රිකාණු ජාතිකයන් ආදීන් ඒ අතර වනවා. ඒ වගේම අපේ රටේ ද ජාතීන් සහ සංස්කෘතීන් අතින් විවිධයි. උදාහරණ වශයෙන් සිංහල, දමිළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන් ඉන්නවා. උඩරට, පහතරට, සබරගමු ආදී සංස්කෘතීන් ද තිබෙනවා.
අපේ වනාන්තරය ජෛව විවිධත්වයෙන් පිරි වනාන්තරයක්. මේ කියනා ජෛව විවිධත්වය කුමක්ද? මිහිපිට සිටින සියළු ජීවීන්ගේ විවිධත්වය ජෛව විවිධත්වයයි. සෑම සත්ත්වයකුටම ආවේණික වූ විවිධත්වයක් තියනවා. ජාන විවිධත්වයක් තියනවා. පරිසර විවිධත්වයක් තියනවා. මිනිසුන් තුළ පමණක් ජාන විවිධත්ව 23 ක් තියනවා. ඒ නිසා තමයි තමන්ගේ අම්මා, තාත්තා වගේ වෙන්න තමන්ට පුළුවන් වෙලා තියෙන්නේ. මෙය සතුන්ටත් ඒ වගේමයි. ඒ වගේම විවිධ සතුන් ඉන්නවා, විවිධ ජීවීන් ඉන්නවා, ඔවුනොවුන්ට ආවේණික වූ විවිධ පරිසර පද්ධතීන් තියනවා. ඒ පරිසර පද්ධතීන් විවිධයි. සමුද්‍රිත, වෙරළබඩ, භෞමික වශයෙන් එය කොටස් තුනක් වෙනවා.
අප රට වටා ඇති මුහුද මේ සමුද්‍රිත පරිසර පද්ධතිය පිහිටලා තියනවා. එකම වෙරළෙහි තැනින් තැන විෂමයි, විවිධයි. හික්කඩුව ප්‍රදේශයේ හොඳ කොරල්පර, යාපනය පැත්තට ගියාම හොඳ කඩොලාන පද්ධති වගේ විශේෂ දකින්න පුළුවන්. ඒ වගේම මන්නාරම, මුලතිව්, ප්‍රදේශයේ සරුසාර මත්ස්‍ය වගාවක් දක්නට ඇත.
2004 දී අපට මහා සුනාමි ව්‍යසනයක් ආවා. ඒ ව්‍යසනයෙන් සමහර වෙරළබඩ ගම්මාන ආරක්ෂා වුනේ මේ කඩොලාන ආරක්ෂා වී තිබුණු නිසා. මඩකලපුව දිස්ත්‍රික්කයේ අම්පාර, පොතුවිල් ප්‍රදේශවල සියළුම ගම්මාන විනාශ වුණා. නමුත් පානම ගම්මානය විනාශ වුණේ නැහැ. එයට එකම හේතුව එහි තිබූ කඩොලාන පද්ධතිය සහ ස්වාභාවික වැලි කදු පද්ධතියයි.
1918 ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ගිය ජනයා ජීවත් වන මේ ගම්මානය සිංහල, දෙමළ මිශ්‍ර නම්-ගම් වලින් යුක්ත වෙනම සංස්කෘතියක් තමයි තිබෙන්නේ. ඒ ගොල්ලන්ගේ භාෂාවන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපිත් සමග බලන විට පරිසරයට ආදරය කරන ඒ අය හොඳ ජීවන රටාවක් ගෙන යනවා. ඔවුන් සුනාමියෙන් ආරක්ෂා වීමටත් එය හේතු වුණා. (නමුත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම් ආරක්ෂක අංශවලින් අල්ලාගෙන සිටින තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒ ගැන මේ සටහනින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නෑ)
පරිසරය, වනාන්තරය අපේ ජීවිතේ කොටසක්. වනාන්තර එක්ක අපි ඒ තරම්ම බැඳීමක් තියනවා. වනාන්තර අපේ ජාන එක්කත් බැඳිලා තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ පරණ වනාන්තර තුළ, ඒ තරම්ම අපේ බැඳීම වැඩියි. අලි, වලසුන්, දිවියන්, සමනළයින්, උරගයන්, පක්ෂීන් මේ සියල්ල අපිත් සමග බැඳිලා ඉන්නේ.
අද ගම් වලට අලි එනවා. වගා පාළු කරනවා. නමුත් අලි ගමට එනවා නොවේ, අලි ගමට ගෙන්වා ගන්නේ අපි. අලින්ට කිලෝග්‍රූම් 150 වැඩි ආහාර ප්‍රමාණයක් දවසකට අවශ්‍යයි. මේ ආහාර ප්‍රමාණය සැතපුම් 15-20ක් ඇවිදලා හොයාගන්න අලින්ට සිද්ධවෙනවා. අද සැතැපුම් 20ක් ඇවිදින්න අලින්ට කැලයක් තියනවද? මේක තමයි ප්‍රශ්ණය. වලහා ගැන අතීතයේ කථාවක් අපට තියනවා. යාළුවෝ දෙන්නෙක් යනකොට වලහා දැකලා එක්කෙනෙක් බේරෙන්න ගහකට නැග්ගා. අනෙකා බිම නිදා ගත්තා. වලහා ඇවිදින් බිම නිදාගත් යාළුවට උපදෙසක් දුන්නා. මේ කථාව ගොඩ නගලා තියෙන්නේ අපි පරිසරය සතුන් එක්ක තිබුණු අතීත බැඳීම මතයි.
අනුමාන වශයෙන් ලෝකයේ දස ලක්ෂ 7 සිට 80 දක්වා සත්ව විශේෂ ඉන්නවා. ශාක විශේෂ 250000 පමණ තියනවා. ලංකාව ද සත්ව සහ ශාක විවිධත්වයෙන් කොතරම්දයත්, මල් හට ගන්නා ශාක 3771ක් තියනවා. මීවන ශාක 31, මකුළු වර්ග 501, සමනළ 241, ගොළුබෙල්ලන් 246, බත්කූරු විශේෂ 116ක්, කුරුළු විශේෂ 402, සර්ප විශේෂ 98ක්, ක්ෂීරපායින් 91ක්, හිකනල් විශේෂ 21ක්, කැස්බෑ විශේෂ 05ක්, කටුසු විශේෂ 17ක්, හූනු විශේෂ 21ක් ඒ අතර වනවා. මේ සියල්ල ජීවත් වන්නේ එකම පරිසරයක වීම වැදගත්.
මේ ජෛව විවිධත්වයන් ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, බෝග වර්ග වැඩි දියුණුව සඳහා ඉතා වැදගත් වනවා. ජෛව විවධත්වය අප ආරක්ෂා කරගත යුත්තේ ඇයි? ජෛව විවිධත්ව ක්‍රියාකාරකමි පවත්වාගන යන්න, ජාන සම්පත් ආරක්ෂා කර ගන්න, තිරසාර ලෙස පරිසර පද්ධතීන් රැක ගන්න අවශ්‍යයි. පරිසර පද්ධති කැබලි කිරීම, සංවර්ධන ක්‍රියාවලියට පරිසර පද්ධතිය යොදා ගැනීම, ආගන්තුක ශාක විශේෂ හඳුන්වා දීම තුළ සත්ව විශේෂ නැතිවෙලා යනවා. ගහ කොළ විවිධත්වය නැතිවෙලා යනවා. ජීවී පැවැත්මට හානි වෙනවා. මෙය තමා විවිධත්වයට හානි වීමේ ප්‍රතිඵල.
ජෛව විවිධත්වය සමග “ආදරය” බැඳී ඇති ආකාරය අපි බලමු.
වනාන්තරයේ ඉන්නවා විවිධ සත්තු. අපිට සමීප සතෙක් තමා වඳුරා. වඳුරන් රංචු පිටින් ගමන් කරන්නේ. ඉහලින්ම යන්නේ නායක වඳුරා. ඌ ඉදිරියෙන් තර්ජන ඇත්දැයි අතු සොලවමින් බලනවා. අම්මලා යන්නේ පිටු පසින්ම. අතු සොලවන විට පහලට ගෙඩිවර්ග, කෘමි සතුන් පසු පසින් එන සතුන් ආහාරයට ගන්නවා. අනතුරක් ඇත්නම් හඬ වෙනස් කර කෑ ගසනවා. එවිට, සතුරාට මුහුණ දීමට අනෙක් සතුන් සූදානම් වෙනවා.
අපි මිනිස් සමාජය විදිහට මෙහෙම එකමුතුවක් තියනවද? අපි අතර මෙහෙම බැඳීමක්, අනෙකාට මග පෙන්වීමක් තියෙනවද? එහෙම තිබුණා අපේ පැරණි සමාජයේ. උදාහරණයක්. යන්න පිටවල ගමට. එක මිදුලයි, සියළුම ගෙවල් වලින් බහින්නේ එක මිදුලට. ඒ ඇයි, ඔවුන්ගේ ආක්ෂාවට ගොඩ නැගුණු සහයෝගය. ඒ සොර සතුරු බිය නොවේ, අමනුෂ්‍ය බිය වගේ දේවල්. බොහෝ විට රාත්‍රී කාලයේ නිවෙස් වල රැදෙන්නේ වැඩිහිටි පිරිමින් සහ කුඩා දරුවන්, කාන්තාවන්. මැදිවියේ පිරිමින් වගා ආරක්ෂාවට පැලට යනවා. මේ නිසා එදා සමාජය එකමුතුව ඔවුනොවුන්ගේ ආරක්ෂාව සලසා ගත්තා. අද තනි තනිව ගෙවල් හදාගන, තාප්ප වට කරන්, වතුර ටිකයි, ටෙලිෆෝනුයි අරගෙන අපි ජීවත් වෙනවා. අනෙකාට මොනවා උනත් කමක් නැහැ.
සත්ව ලෝකයේ කපුටාට තියෙන්නේ සදාචාර සම්පන්න පැවැත්මක්. ඔහුගේ අඹුව හැර වෙනත් කිසිම අඹුවක් සමග ඔහු ජීවත් වන්නේ නැහැ. ඔහු පරිසර හිතකාමී සතෙක්. සත්ත්ව ලෝකයේ බොහෝ සතුන් ඉක්මවා ගිය දරු සෙනෙහසක් කපුටා සතුයි. කපුටෙකුගේ තට්ටක් බිම වැටුණාම මුළු කපුටු රෑනම ඇවිත් ඒ තට්ට හොයනවා. ඒ තරම් එකමුතුවක්, අනෙකාට ලෙන්ගතු බවක් ඔවුන්ගේ තියනවා. එදා සමාජයත් ඒ වගෙයි. වහලයට නැගපුවාම ගමේ අය ඇවිත් එකතු වෙලා පොල් අතු ගෙනල්ලා වහලය සෙවිලි කරනවා. මට මතකයි තම තමන්ගේ කුඹුරු වල ගොයම්, එකතු වෙලා කපලා අස්නු ගෙට ගත්තා. ඒ සමාජ පරිසරය අද නැහැ. අද කමතට එකතු වන්නේ, වහලට පොල් අතු හෙවිල්ලන්න එකතු වන්නේ බෝතලයක් තියනවා නම් විතරයි.
සිංහරාජ වනාන්තරයේ සියළු සතුන් උදේ කණ්ඩායමක් ලෙසින් එකට යන්නේ. ඉහලින්ම වඳුරා වැනි සතුන් අතු සොලවමින් පලතුරු ගෙඩි වර්ග කමින් යනවා. අතු සොලවන විට ඉගිලෙන කුරුමිණියන් ආදී කෘමීන් ආහාරයට ගන්නා පක්ෂීන් ඔවුන්ට යටින් යමින් කෘමීන් ආහාරයට ගන්නවා. වඳුරන් ගමන් කරන විට වැටෙන ගෙඩි බිම, ඇට වර්ග ආහාරයට ගන්න බිම ගමන් කරන සතුන් ඔවුන් පසු පසින් බිමින් ගමන් කරමින් තම ආහාර සොයා ගන්නවා. මෙය සෑම උදෑසනකම සිංහරාජයේ සුලභ දසුනක්. විවිධත්වය තුල ඉඳිමින් තම තමන් පෝෂණය වන ආකාරයයි ඒ. අපේ ගෙවල්වල හිටපු ගේ කුරුල්ලා අද දකින්න අඩුයි. ඔවුන්ට ඉන්න නිවහන් අඩුයි. පොල් අතු පිදුරු සෙවිලි කළ ගෙවල් ඉවත් වෙලා, ඇස්බැස්ටෝස් වහල ඇවිත්, ගස් කොළන් කපලා, පරිසර උෂ්ණත්වය වැඩි වෙලා. ගේ කුරුල්ලා නුවරඑළිය දිසාවට ගිහින්. දැන් එළියට හුනුසල් පොලන්නේ නැහැ. නෑඹිලිය ගෙවල් වලින් ඉවත් වෙලා. ගල් වැලි ඉවත් කළ හාල් ගෙදරට ඇවිත්. කුරුල්ලන්ට කන්න ගේ මිදුලේ හුනුසල් ඇටයක් නැහැ.
අලි රංචුවේ ඉන්න අලි දෙනකට පැටියෙක් ලැබුනහම අනිත් දෙනුන්ට කිරි එරෙනවා. ඒ අලි පැටියාට විශාල වශයෙන් කිරි අවශ්‍ය නිසා. මේ දේ පැරණි අප සමාජයේත් තිබුණා. අපේ අවුරුදු 50, 60 ට වඩා පැරණි සමාජයේ අම්මලා කිහිප දෙනෙකුගෙන් කිරි බීපු දරුවෝ බහුතරයක් ඉන්නවා. ඒ වගේ සබැඳියාවක්, ආදරයක් එක්ක තිබූ සමාජයක් තමයි අපට තිබුණෙ. මුදල් එක්ක පිටුපසට තල්ලු වූ සමාජ යහ පැවතුම් තව තවත් එහාට තල්ලු වෙන සමාජයක් අද දක්නට ලැබෙනවා. එනමුත් අතීතයේ ඒ විවිධත්වය තුළ අත්වින්ද බෝහෝ දේ දැන් තේරුම් ගැනීමට උනන්දු පිරිසක් ඉන්නවා. මේ තත්ත්වයන් අවුරුදු 25කට පෙර අවබෝධ කරගත්තේනම් අද ගෙදරට කැලේ ගෙනැවිත් සෑදීමට අවශ්‍ය වන්නේ නැහැ.
අශෝක හේරත්