කුරුණෑගලින් බදුල්ල ගෝනකැලේ වතු යායට නෑ ගමනක්
වතුකරයේ ජනතාවගෙන් සියයට එකක් විතරයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබෙන්නේ එයිනුත් කිසිම කෙනෙක් වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට ගිහින් නෑ.
ගෝනකැලේ තිබෙන ඇටැම්පිටිය කෝවිලේ තිබෙන්නේ 1931 දී සුද්දගේ ආණ්ඩුව කාලේ වහපු ටකරන් ඊට පස්සෙ කවුරුවත් මේවා අළුත්වැඩියා කරන්න කටයුතු කරල නෑ. ඒක තමයි මේ ජීවිතේ හැටි. ඔබ ගියොත් පුදුම වෙයි මේ ප්‍රදේශයේ පොලීසි වල දෙමළෙන් පැමිණිල්ලක් ලියා ගන්න කෙනෙක් නෑ, තැපැල් කන්තෝරුවක දෙමළෙන් ටෙලිග්‍රූම් එකක් ලියා ගන්න කෙනෙක් නෑ, උසාවියේ ඔක්කොම වැඩ කෙරෙන්නේ සිංහලෙන්. ලංකාවේ ජාතික ප්‍රශ්නයක් නැතැයි කියන අයට පෙන්වන්න මීට වඩා හොද උදාහරනයක් තවත් තියේද? මෙරට වතුදෙමළ ජනයා දෙවන ගනයේ අඩු වරප්‍රසාද ලබන පුරවැසියන් ලෙෂ තවමත් ජීවත්වන බව නොවේද මෙමගින් සනාත වෙන්නෙ කියා මෙහි ගිය අපට හිතුන.
අහස ඉරාගෙන ඉහලට නැගුණු සුන්දර නමුණුකුල කන්ද පාමුල පිහිටා ඇති මේ වතු යායට අප රැගෙන ගියේ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය මගින් පැවැත්වූ අධ්‍යාපන පාඨමාලාවක් අවසානයේ වතුකර දෙමළ කම්කරු ජනතාවගේ ජීවිතය පිලිබඳ අත්දැකීම් බෙදා හදා ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාවක් ලෙසයි. අපේ කණ්ඩායමට තරුණ තරුණියන් 20 දෙනෙක් ඇතුලත් වෙලා හිටිය.
අප එහි ගිය මුල් දවසෙ හැන්දෑවෙ ගෝනකැලේ කෝවිලේ අප වෙනුවෙන් සිංහල දෙමළ සංස්කෘතික හමුවක් පැවැත්වුනා. එහිදී වතුදෙමළ ජනයාගේ සංස්කෘතික අංග මෙන්ම කුරුණෑගලින් ගිය සිංහල දෙමළ තරුණ තරුණියන් ගේ සංස්කෘතික අංගද ඉදිරිපත් කිරීමට අවස්තාව සැලසීම තුළින් එකිනෙකාගේ සංස්කෘතීක අංග අවබෝධ කරගැනීමේ අවස්ථාවක් උදාකරදී තිබුණි.
ඌව සාම ජාලය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩ සටහන මගින් මෙම වත්තේ ජීවත්වන ජනයාගේ එදිනෙදා ජීවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමටද අපහට අවස්ථාව ෂලසා දී තිබිණි.
‛‛මෙහි කාන්තාවන් තමයි වැඩියෙන්ම දුක් විඳින්නේ. පිරිමින්ගෙන් බොහෝ දෙනෙක් බීමට ඇබ්බැහි වෙලා ඉදීම ලොකු ප්‍රශනයක්. පිරිමි අය වැඩ කරන්නෙ උදේ ඉඳල සවස දෙක දක්වා විතරයිී. ඒත් කාන්තාවො සවස 4 වෙනකං වැඩ කරන්න ඕනී. ඒත් දෙගොල්ලගෙ වැටුප එකයිී. ඒ කාන්තාවො උදේ 6 ට වත්තෙ පෙරෙට්ටුවට යන්න ඉස්සර වෙලා උයල පිහල ළමයි ඉස්කෝලෙ යවන්නත් ඕනේ.
මෙම වැඩසටහනේ තවත් අංගයක් ලෙස කුරුණෑගලින් ගිය තරුණ තරුණියෝ දෙතුන් දෙනා බැගින් බෙදී එදා රාත්‍රිය ගෝනකැලේ වත්තෙ කම්කරු පවුල් සමඟ ඔවුන්ගේ ලැයිං කාමරවල ගතකලා. එහිදී ඔවුන්ට වතු ජනතාව ලැයිං කාමර තුළ ගෙවන කටුක ජීවන රටාව පිළිබඳව අවබෝධයක් මෙන්ම ඒය අත්විඳීමේ අවස්ථාවක්ද උදාකරදී තිබීම මෙම නෑගමන වඩාත් අර්ථාන්විත එකක් බවට පත්කරදී තිබුණි. එම රාත්‍රියේදී ගෝනකැලේ වත්තේ සහෝදර ජනයා තමනට හැකි උපරිම ආකාරයෙන් සිය අමුත්තන්ට සැලකීමට වග බලාගනු ලැබූබවද කිව යුතුය.
පහුවදා උදේ අපි ආපසු යන්න සූදානම් වෙලා යලිත් කෝවිල් භූමියට එකතු උනා. ඒ ගෝනකැලේ වතුයායේ නෑදෑයින්ට සමුදෙන්න. හැම දෙනාම වගේ ඇවිල්ල හිටිය. මේ දින දෙකේ අත්දැකීම බෙදා හදා ගන්නත් ඒක වෙලාවක් උනා. කුරුණෑගලින් අපිත් එක්ක ගිය සහෝදර සහෝදරියන් වගේම ගෝනකැලේ වත්තේ කිහිප දෙනෙක්ද මෙම නෑගමනෙන් ලැබූ අත්දැකීම් වචන බවට පෙරලුව.
‛‛අපි හිටියෙ ලීලවතීගේ ගෙදර ඔවුන් අපට ඉතාම ආදරයෙන් සැලකුව. අපට ජාතීන් වශයෙන් කිසිම වෙනසක් දැනුනෙ නෑ. අපි සොයා ගත් කරුණු වලට අනුව ලංකාවෙ නොදියුණුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක් ඌව පලාතටයි අයිති වෙන්නෙ. ඔවුන් කිව්ව විදියට 1818 තිබුන ඌව පලාත තමයි තවමත් තියෙන්නේ. ඒත් කුරුණෑගල තත්ත්වය ගත්තොත් අද හුඟක් දියුනු නගරයක්. එය අද ලංකාවේ දෙවන ලොකුම වෙලද නගරය බවට ද පත්වෙලා. එහෙත් ඌව පළාත තවමත් වසර ගනනාවක් පසුපසින් මේ නිසා තමයි ලංකාවට බලය බෙදීමක් අවශ්‍ය වන්නේ. මොකද ඌව පලාතෙ සංවර්ධන වේගය සියයට 16 වන විට බස්නාහිර පලාතේ සංවර්ධන වේගය සියයට 65 ක් වෙලා. මධ්‍යගත ආණ්ඩුවක අසමතුළිත සම්පත් බෙදීයාමේ අසාධාරණයට ඌවේ ජනයා තවම වන්දි ගෙවනව.කොච්චර අසාධාරණ ද? අපත් සමග ගමනට සහාභාගී වූ සොයුරියක් බොහොම හැගුම් බරව පැවසුව.’’
‛‛අවුරුදු 20 ගණනක් දැන් මේ යුද්ධය පවතිනව. මේ ජනවර්ගික යුද්ධය අවසන් කරන එක ලේසි දෙයක් කියල මම හිතන්නෙ නෑ. නමුත් අපි වගේ සාමාන්‍ය ජනතාව එකට එකතුවෙලා සමගිය ගොඩනගාගෙන මේ යුද්ධය නවත්වන්න කියල බලපෑම් කරන්න පුළුවන්. මේ වගේ කුඩා උත්සාහයක් හරි අපි ඒ වෙනුවෙන් දරන්න ඕනි. එකිනෙකාගෙ සංස්කෘතීන් තේරුම් ගත හැකි හැගීම් තේරුම් ගත හැකි මෙවැනි වැඩ සටහන් අවශ්‍ය වන්නේ ඒ නිසයි. මෙම වත්තේ සහෝදරයෙක් පැවසුව.
‛‛මම පාසල් යන කාලේ මේ වගේ මිත්‍රත්ව හුවමාරු වැඩසටහනකට සහභාගි උනා නමුත් ඒවා එතරම් සාර්ථක වුනේ නෑ මේ ගමන එද්දිත් මම ටිකක් සැකෙන් ආවෙ. ඒ වගේ මේ ගමනත් අසාර්ථක වෙයි කියල නමුත් මේ පාර නම් ඒ අයගෙ ජීවිතය තේරුම් ගන්න ඔවුන් එක්ක අපේ හැඟීම් බෙදා ගන්න ගොඩාක් ඉඩ ලැබුන. මේ අය සාමය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ. අපට සැලකුවෙ ඔවුන්ගෙම දරුවන්ට,සහෝදරයින්ට වගේ. අපිත් සිංහලයින් විදියට සිංහල අය එක්ක වගේ ම අනෙක් ජාතීන් එක්කත් සහෝදරත්වය ගොඩ නගන්න ඕනි මේක ඒ සඳහා ලැබුනු හුඟාක් හොඳ අවස්ථාවක්.’’ අපත් එක්ක ගිය තවත් සහෝදරියක් පැවසුව
‛‛බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 18% ක් දමිල ජාතිකයින්. අපේ මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ කුරුණෑගල මලියදේව, ශාන්ත ආනා, ශුද්ධ වූ පවුලේ කනා්‍යාරාමය වගේ ඉස්කෝල මේ දරුවන්ට නෑ. මේ ලැයිං කාමර වල ඔවුන්ට පාඩම් කරන්න ඉඩක් නෑ හයියෙන් කැසට් එක දැම්මොත් ඒ දරුව පාඩම් කරල ඉවරයිී. මේ පළාතෙ දෙමළ ජනතාව දැන් ජීවත්වන්නෙ හතරවැනි පරම්පරාව නමුත් ඒ අයට තවමත් සලකන්නෙ දෙවන පුරවැසියන් ලෙසටයි. ලෝකයේ කොහේ හරි ලිපිනයක් නැති මිනිසුන් පිරිසක් ඉන්නවනම් ඒ මේ වතුකරයෙ දෙමළ ජනතාව. මේ අය උප්පැන්න සහතිකයක්, හැඳුනුම්පතක් නැති පිරිසක්, ලැයිං කාමර ඉදිකරල මේ අය මෙහාට ගෙනල්ල දැන් අවුරුදු 180 යි. නමුත් ඔවුන්ට තවමත් මේ ලැයිං කාමරය වෙනස් කරල හදන්න අයිතියක් ඔවුන්ට නැහැ.’’ ඌව ජාලයේ ක්‍රියාකාරිකයෙක් හැගුම්බරව පැවසුව.
හැගුම්බර කථා අතර සමුගැනීමේ අවස්ථාව උදවුනා නොනැවතී වැටෙන වර්ෂාව මැද අප ගෝනකැලේ වතු යායේ කම්කරු සොයුරු සොයුරියන්ගෙන් සමුගත්ත. ඔවුන්ගේ ඉහ ඉද්දර ඇති නමුණුකුල කන්ද ඈතට කොතරම් සොඳුරු දසුනක් වුවත් ඒ කන්ද පාමුල දිවි ගෙවන ඔවුන්ගේ ජීවිත අසුන්දර බව දකින්නේ කීයෙන් කී දෙනාද?
සුනිල් කහගල්ල
එන්. ක්‍රිෂ්ණරාජා