අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා කරන්නෙ නැතිව ඕනෑ තරම් තරඟ කරන්න ඉඩ දෙන එක. තිබුණු ව්‍යවස්ථාධායක සභාව සම්පූර්ණයෙන්ම නැතිකරල ඒ වෙනුවට වෙනත් පාර්ලිමේන්තු සභාවක් යෝජනා කරනවා. ඒකට කිසිම බලයක් නැහැ ඒක නිකම් ඉංග්‍රීසියෙන් කියනවනම් ජනාධිපතිට Observation දෙන්න පුළුවන් එකක්. අපි මොකද්ද දැක්ක කියල කියන්න පුළුවන්. ඒ වගේ කිසි වැඩක් නැති දෙයක්. 3 වැනි දෙය තමයි මැතිවරණ කොමසාරිස් ඒ දෙපාර්තමේන්තුවේ දැනට යම් දුරටවත් මැතිවරණය වැරදි දේවල් පාලනය කරන්න තියෙන ඒ බලය, ඒකත් අයින් කරල. මැතිවරණ කොමසාරිස් කොළ අච්චු ගහල, කොලේ බෙදල, ගණන් කරන කොමිටි එකකට අඩුකරලයි තියෙන්නෙ. මැතිවරණ කොමසාරිස් දැන් නිකන් කූලී කාරයෙක්.
දැන් මේ තුනම එකතුවක් විදියට ගත්තොත්, සමස්ථයක් හැටියට අපි දකින්නේ විධායක ජනාධිපතිගේ බලයේ විශාල වශයෙන් වැඩි කරල. 2005 චින්තනේ නම් කිව්වේ විධායක ක්‍රමය නැති කරනව, මේවා අඩු කරනව, කියල තමයි ආවේ. හැබැයි කළේ ඒකෙ බලතල විශාල වශයෙන් වැඩි කිරීම ඒක එකක්. දෙවනුව දේශපාලන වශයෙන් හුගක් වැදගත් දෙයක් තමයි, ඇත්තට ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවා ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් තියෙනව ලංකාවෙ, මොකක් හරි කරන්න ඕන කියල කථාව ඔක්කොම ගියේ, මේ ඔක්කොම මේ ඔක්කොම කථා වුණේ ජාතික ප්‍රශ්ණයත් එක්ක. මේ දෙමළ ප්‍රශ්ණෙ විසදන්න ඕනේ, යුද්ධයෙන් පස්සේ මොකක් හරි කරන්න ඕනේ, ජාතික ප්‍රශ්ණෙට මොකක් හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියල. 13 ප්ලස් 13 මයිනස් 13, 14 ඕන මඟුලක් , මොකක් හරි කරන්න ඕනෙ කියල. ඒ කතාවෙන් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියන එක ආවේ. කෝ දැන් ජාතික ප්‍රශ්ණය ගැන එක වචනයක් තියනවද මේ අලුත් සංශෝධනයේ. ලංකාවේ දෙමලු ඉන්නවයි කයලවත් මේ ව්‍යවස්ථාවේ මතක් කරලා තියනවද. නැහැ. ඒ ප්‍රොඩාවෙන් පටන් අරගෙන ව්‍යස්ථාමය වෙනසක් ගේනවැයි කියලා මේ ජාතික ප්‍රශ්නය විසදන්න ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා සම්පූර්ණයෙන්ම වෙනත් දෙයක් ගෙනල්ලා තියෙන්නේ.
ව්‍යවස්ථා වෙනස් කරන්නේ ව්‍යවස්තා හදන්නේ ජනතාවගේ දියුණුවට. මම නම් දකින එකම උදාහරණයයි ව්‍යවස්ත්ථා සම්පූර්ණයෙන්ම හදන්නේ එක මනුස්සයෙක්ගේ හරි එක පුවලකගේ උවමනාවට මේ ලංකාවේ.
අපි අද ඉන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දීමේදී ටිකක් අමාරු තැනක. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ මොකද්ද වෙන්නේ 160ක්ද , 150ක්ද අනිද්දා උන් අමුඩේ ගලවන්න යනවා. එච්චරයි කරන්නේ. හෙලුවැල්ලෙන් නටනවා කිසිම ලැජ්ජාවක් නැතුව.
කොහොමද අපි මෙවැනි තැනකට වැටුනේ. එක හේතුවක් මර්ධනය. දෙවන හේතුව ජාතිවාදී යුද්ධයෙන් ලොකු ජයග්‍රහණයක් ගත්තොත් ඒ යුද්ධයෙන් ජයග්‍රහණය ගත්ත පැත්ත යම් කාලයකට ඒ ජාතීන් අතර විශාල යෝධයෙක්, රජ්ජුරුවො කෙනෙක් විදිහට පෙනී සිටිනවා. ඒක හරියට හිට්ලර් යුදෙවුවො මරලා ජර්මනියේ සයිකොලොජි එක වෙනස් කරා වගේ. අපේ රටෙත් එවැනි දෙයක් තිබෙනවා. නමුත් මර්ධනයට විරුද්ධව මිනිස්සු ටික ටික පෙළබෙන්න පටන් ගන්නවා. මාකොෂ්ට හැමදාම එතන ඉන්න හම්බ උනේ නෑ. රුමේනියාවෙත් එහෙමයි. ඔය වගේ හැම තැනම සිදු උනා. ජනතාවගේ මැතිවරණය බලය නැතිකරාට හැමදාම එහෙම බෑ. හිට්ලර්ට උනා වගේ. දෙමලු නැති කරා කියලා සිංහල මිනිස්සු මුලා කරන්න බැ හැමදාම. ඒ සෙල්ලම හරියන්නේ නැ. ටික කාලයක් පුලුවන් නටන්න. ඊට පස්සේ බැහැ. ඔය දෙකම නැතිවෙන දේවල්. එකක් තමයි විධායක බලය ඉතාම ශක්තිමත් කරන එක. අනෙක රටතුළ මර්ධනය වැඩි වැඩියෙන් ඇති කරන එක. ඔය දෙකම සම්බන්ධ වේන්නේ මෙහෙමයි. මේක ඇත්තටම ජනාධිපතිට තුන්වන සැරේ ඡන්දය ඉල්ලන්න ඉඩ දීම පමණක් ප්‍රශ්නයක් නම් සමාජයට කියන්න පුලවන් ප්‍රශ්ණයක් නැහැ නේද කියලා. ජනප්‍රිය නම් මිනිහා දිනයි. කැමති නැතිනම් මිනිහා පරදියි. ඔය වගේ දේවල් කියන්න පුලවන්.
දැන් ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක දෙවරකට වඩා අවස්ථාවක් දෙන්නේ නෑ. හේතුව බලයේ ඉන්න මිනිහට වාසියක් තියනවා. මේකේ ලොකුම වරද ආපහු ඡන්දය ඉල්ලන්න අවස්ථාව දෙන එක නෙමෙයි. ඒකේ වරද මින් පස්සේ මර්ධනය නිසාත් සහ අනෙක් ප්‍රශ්ණ නිසාත් මේ රටේ අයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලැබෙන්නේ නෑ. අපි දැක්කා වයඹ මැතිවරණය, අපි දැක්කා 2010 ජනවාරි මාසේ කොච්චර දුරට ආණ්ඩුවේ යාන්ත්‍රණය වැරදි විදිහට ප්‍රයෝජනයට ගත්තා ද කියලා. ඒ නිසා ජනාධිපතිවරණ මැතිවරණ ඉවරයි. මෙකෙන් බලය තියනවනේ ඕනම දෙයක් කරන්න. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. ඉදිරයේදී හැම මැතිවරණයකටම වෙන්නේ මොකද කියලා මට දැන් කියන්න පුලුවන්. මෙන්න මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. අන්න ඒකයි වෙන්න යන්නේ අපි ඔක්කොටම මේක බලපානවා. අනෙක මාධ්‍ය නිදහස අපිට ලියන්න, කියන්න තියන නිදහස ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න තියන අයිතිය. හැම දේම මේ ප්‍රශ්ණය නිසා තර්ජනයකටයි, අනතුරකටයි පත් වෙනවා.
කුමා ඩේවිඩ්
(2010 සැප්තැබ්මර් කොළඹ පුස්තකාලයේදී පැවති සම්මන්ත්‍රණයකදී දැක් වූ අදහස්)