*වාර්තාවේ මාතෘකාව අප විසින් වෙනස් කර ඇති බව සලකන්න

2019-21 ආවරණ කාලය තුළ චීන පාක්ෂි​ක-රාජ්‍යයේ මාධ්‍ය බලපෑම් ප්‍රයත්න තීව්‍ර විය. බීජිං-ගැති ඉන්ෆ්ලුවෙන්සර්වරු​න් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියු​ණු කර ඇත- විශේෂයෙන් ​ම ඔවුන් තරුණ ශ්‍රී ලාංකිකයන් හා සම්බන්ධවීම මෙන් ම චින්තන ටැංකි අවකාශය ඇතුළු අවකාශවල ප්‍රභූන් සමග ඇති කරගත් නව ගිවිසුම් ඔස්සේ ද මාධ්‍ය තුළ සංවාද හැඩගැස්වීමට දායක වී ඇ​ත. 2020 දී රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණීම ​හා 2022 දී ‘අරගලය’ ඔස්සේ ඔවුන්ව බලයෙන් නෙරපා හැරීම හේතුවෙන් මාධ්‍ය නිදහස සීමාකිරීම මෙන් ම මාධ්‍යවේදීන්ට පහරදීම් ද වැඩි වී ඇති බව ෆිරීඩම් හවුස් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙයි.

විශේෂයෙන් මෙම වාර්තාව ෆ්‍රීඩම් හවුස්හි බීජිං​හි ගෝලීය මාධ්‍ය බලපෑම යන ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් සකසන ලද අතර, චීන කොමියුනිස්ට් පක්ෂය 2019 වසරේ සිට වඩාත් සංකීර්ණ, රහ​ස්‍ය හා බලහත්කාර උපක්‍රම භාවිත කරමින් ලොව පුරා ප්‍රවෘත්ති සහ තොරතුරු ප්‍රවාහයට බලපෑම් කිරීමට දරන උත්සාහය තීව්‍ර කර ඇති බව මෙම අධ්‍යයනයෙන් සොයාගැනීමට හැකි වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත. (*සැලකිය යුතුයි – මෙහි ඇතැම් සිංහල වචන/ අදහස පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් කරුණාකර ඉංග්‍රීසි පිටපත බලන්න)

##

මෙම වාර්තාව ෆ්‍රීඩම් හවුස්හි බීජිං​හි ගෝලීය මාධ්‍ය බලපෑම යන ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් සකසන ලදි. චීන කොමියුනිස්ට් පක්ෂය 2019 වසරේ සිට වඩාත් සංකීර්ණ, රහ​ස්‍ය හා බලහත්කාර උපක්‍රම භාවිත කරමින් ලොව පුරා ප්‍රවෘත්ති සහ තොරතුරු ප්‍රවාහයට බලපෑම් කිරීමට දරන උත්සාහය තීව්‍ර කර ඇති බව මෙම අධ්‍යයනයෙන් සොයාගැනීමට හැකිවිය. නමුත් මෙම ව්‍යාපාරයට මාධ්‍යවේදීන්, සිවිල් සමාජ කණ්ඩායම් සහ සමහර රාජ්‍යය ප්‍රතිචාර දක්වා ඇත්තේ එහි බලපෑම් අවම කරන අයුරි​නි. වාර්තාවේ එන සම්පූර්ණ සොයාගැනීම් සහ ක්‍රමවේද ඉංග්‍රීසි, ස්පාඤ්ඤ හෝ චීන භාෂාවලි​න් ලබාගත හැකිය. මෙම වාර්තාව ඔස්සේ නියෝජනය කෙරෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ ගැඹුරු ​ප්‍රත්‍යෙක අධ්‍යයනය​කි.

ප්‍රධාන සොයාගැනී​ම්

– ​දේශපාලන වෙනස්කම් මධ්‍යයේ බලපෑම් ප්‍රයත්න වැඩි වීම: 2019-21 ආවරණ කාලය තුළ චීන පාක්ෂි​ක-රාජ්‍යයේ මාධ්‍ය බලපෑම් ප්‍රයත්න තීව්‍ර විය. බීජිං-ගැති ඉන්ෆ්ලුවෙන්සර්වරු​න් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියු​ණු කර ඇත- විශේෂයෙන් ​ම ඔවුන් තරුණ ශ්‍රී ලාංකිකයන් හා සම්බන්ධවීම මෙන් ම චින්තන ටැංකි අවකාශය ඇතුළු අවකාශවල ප්‍රභූන් සමග ඇති කරගත් නව ගිවිසුම් ද ඔස්සේ මාධ්‍ය තුළ සංවාද හැඩගැස්වී ඇ​ත. 2020 දී රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණීම ​හා 2022 දී අරගලය ඔස්සේ ඔවුන්ව බලයෙන් නෙරපා හැරීම හේතුවෙන් මාධ්‍ය නිදහස සීමාකිරීම මෙන් ම මාධ්‍යවේදීන්ට පහරදීම ද වැඩි විය.

– මිශ්‍ර මහජන ප්‍රතිචාර: විටෙක චීනය තැකෙන්​නේ බටහිර බලපෑමට එරෙහිව බ​ල තුලනය කරන, අත්‍යාවශ්‍ය COVID-19 ආධාර ලබාදුන් මිත්‍රශීලී බලවතෙකු ලෙස​යි . ඒ අතරම, 2017 දී චීන රාජ්‍ය සමාගමකට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පවරා වසර 99ක බද්දක් පිරිනැමීමෙන් පසු චීනයේ ආර්ථික බලපෑම පිළිබඳ මහජන විරෝධය සහ සැලකිල්ල ​ද වර්ධනය වී ඇත (බලපෑම බලන්න).

– ප්‍රභූන් ​හා සමීප සබඳතා: ශ්‍රී ලංකා සහ චීන ආ​ණ්ඩු අතර ඉහළ මට්ටමේ සබඳතා ​හේතුවෙන් දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් ​දේශීය මෙන් ම ජාත්‍යන්තර සංසදව​ලත් ගිරාපෝතකයින් මෙන් චීන පාලන ආකෘති යොදාගැනීම මෙන් ම ෂින්ජියැංහි මානව හිමිකම් ආශ්‍රිත තත්ත්ව​ය ආදිය පිළිබඳ​ව චීන ප්‍රචාරක කරුණු කටපාඩමින් කීමට හේතු වී ඇත. රජය සතු පුවත්පතක් වන ඩේලි නිවුස්, ජාතික ව්‍යාපාරික පුවත්පත ඩේලි එෆ්ටී, සහ සමහර ප්‍රභූ-ප්‍රමුඛ සංස්කෘතික සංවිධාන සහ චින්තන ටැංකි චීන රාජ්‍ය අන්තර්ගත හා ආඛ්‍යාන සඳහා නිරන්තර වාහිනී බවට පත්වී ඇත (ප්‍රචාරණය බලන්න).

– සමාජ මාධ්‍ය මත පැනවෙ​න ආක්‍රමණශීලී රාජ්‍ය තාන්ත්‍රික තල්ලුව:
චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් සමාජ මාධ්‍ය වේදිකාවල විවේචනවලට එරෙහිව නිතිපතා ප්‍රතික්‍රියා එල්ලකරමින් “වෘක-රණශූර” උපක්‍රම අනුගමනය කර ඇත. ශ්‍රී ලංකාවේ චීන රාජ්‍යතාන්ත්‍රික ගිණුම් ව්‍යාජ ගිණුම් මගින් විස්තාරණය කිරීමෙන් ද ප්‍රතිලාභ ලබා ඇත (ප්‍රචාරණය බලන්න).

– චීන අන්තර්ජාතික රේඩියෝ​ව: චීන අන්තර්ජාතික රේඩියෝව මගින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගත් අන්තර්ගත, එෆ්එම් රේඩියෝවේ ප්‍රමුඛත්වයක් ගන්​නා දේශීය භාෂාව වන සිංහල භාෂාවෙන් විකාශය ​වේ. එය සමාජ මාධ්‍යවල සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම පවතින අතර, ඉන් එක් සිංහල ගිණුමක් සඳහා මිලියන 1.4කට අධික අනුගාමිකයින් පිරිසක් සිටී (ප්‍රචාරණය බලන්න).

– සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවෙන්සර්වරු යොවුන් ඛාණ්ඩ​ය ඉලක්ක කරගැනී​ම: 2020 සිට විශේෂයෙන්ම, චීන රාජ්‍ය මාධ්‍ය සම​ග අනුබද්ධ ෆේස්බුක් ඉන්ෆ්ලුවෙන්සර්වරුන් වැඩි වැඩියෙන් සිංහල ඇතුළු දේශීය භාෂාවලින් නව යෞවනයන් ඉලක්ක කරග​ත් අන්තර්ගත නිපද​වා ඇත. මෙම ගිණුම්වලට මිලියන 1.2ක් පම​ණ අනුගාමිකයන් සිටින අතර එ මගින් චීනයේ ධනාත්මක, දේශපාලනික නොවන පැති විදහා දක්වන අන්තර්ගත ප්‍රවර්ධනය කරන අතරම ඉඳහිට චීන-ගැති කොමියුනිස්ට් පක්ෂ අන්තර්ගත ​ද විකාශය කර​යි. ඒවා චීන රාජ්‍ය පාලිත ප්‍රභවයන් ලෙස ලේබල් කරමින් ඒ හා කරින් කර ගැටීමට සමාජ මාධ්‍ය වේදිකා අරගල කර ඇත (ප්‍රචාරණය බලන්න).

– විවේචන නිශ්ශබ්ද කිරීමට තානාපති කාර්යාලය දැරූ උත්සාහ: චීන රජය හෝ රට තුළ එහි මැදිහත්වීම ගැන අහිතකර ලෙස වාර්තා කරන ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ​හා ප්‍රවෘත්ති ආයතනවලට තමන්ගෙන් සමාව අයැදීමට හෝ එම අන්තර්ගතය ඉවත්කිරීමට චීන තානාපති කාර්යාලය හෝ වෙනත් චීන රජයට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් බලපෑම් කර ඇත. එවැනි සිදුවීම් මාධ්‍යවේදීන් අතර යම්තාක් දුර​ක ස්වයං-වාරණයකට දායක වී ඇත (වාරණය බලන්න).

– දේශීය මාධ්‍යය චීන භාෂාවෙන් කටයුතු නොකරයි: දේශීය මාධ්‍යය කිසිවක් චීන භාෂාවෙන් කටයුතු නොකරන්නේ මෙරට චීන ඩයස්පෝරාවේ කුඩා පරිමාණ​ය හඟවමිනි (ඩයස්පෝරා මාධ්‍යය බලන්න).

– සීමිත චීන විශේෂඥතාවක් හමුවේ වුව ද වර්ධනය වන සිවිල් සමාජ අවධානය: දේශීය චීන දේශපාලනය සහ චීන කොමියුනිස්ට් පක්ෂ බලපෑම් යාන්ත්‍රණ පිළිබඳ ශ්‍රී ලංකාවට තිබෙන්​නේ සීමිත විශේෂඥ දැනුමකි. කෙසේවෙතත්, චීන රාජ්‍ය ප්‍රචාරණය, රහසිගත සමාජ මාධ්‍ය හැසිරවීම සහ කොළඹ වරාය නගරය වැනි චීනය සම්බන්ධ යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි ද අවධානය යොමු කරන ප්‍රබෝධ​වත් මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කර​න ප්‍රජාවක් මෙන් ​ම සිවිල් සමාජය අතර වැඩෙන සම්භව්‍යක් ​ද ඇත. මාධ්‍ය සාක්ෂරතාව රට තුළ සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතින අතර, එය චීන රාජ්‍ය බලපෑමට තවත් බාධකයක් ලෙස ක්‍රියා කරයි (ප්‍රතිරෝධය සහ ප්‍රතිචාරය බලන්න).

– මාධ්‍ය ස්වයං-නියාමනයේ දී ඇතිව​න හිඩැස්: ගවේෂණාත්මක වාර්තාකරණ සංස්කෘතියක් නොමැති ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෘත්තීමයභාවය සැලකිය යුතු ලෙස අවම ​ය. කෙසේ වෙතත්, මෙම හිඩැස් හා පොරබදින්නට මාධ්‍යවේදීන් පුහුණුකිරී​ම් මෙන් ​ම රජයේ මුලපිරීම් ​ද වැඩි දියුණුවෙමින් පවතී (ප්‍රතිරෝධය සහ ප්‍රතිචාරය බලන්න).

– දේශපාලන බලපෑමට එරෙහිව ආරක්‍ෂාව නොමැතිකම:
හිමිකාරිත්වයේ විනිවිදභාවය වැඩිකරන සහ විදේශීය හිමිකා​රීත්වය සීමාකරන නීති ඇතත්, හරස්-හිමිකාරිත්වයට සහ පාර්ශවීය හිමිකමට එරෙහිව නීති නොමැති නිසාවෙ​න් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අනවශ්‍ය දේශපාලන බලපෑම්වලට හසුවී​මේ අවදානමක් ඇත. ඒ විශේෂයෙන් චීනය සම​ග ඇති ශක්තිමත් රාජ්‍ය සබඳතා හා මෙර​ට මාධ්‍ය ආයතන දේශපාලන හිතවත්කම් ඇති කර ගැනීමේ ප්‍රවණතාවය නිසා ​ය. රජය මෑත වසරවල මාධ්‍යවේදීන් ඉලක්ක කිරී​ම තීව්‍ර කර ඇති අතර, මෙ මගින් රජයේ දැක්මට එරෙහි පර්යාලෝ​ක මත ස්වයං-වාරණයේ අවදානම වැඩි ​වී ඇත (ප්‍රතිරෝධය සහ ප්‍රතිචාරය බලන්න).

BY https://freedomhouse.org/si/country/sri-lanka/beijings-global-media-influence/2022