මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට(මහජ විරෝධතා හමුවේ රටින් පළාගිය) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(17) තීන්දු කළේය.
එම අදාළ පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇති ව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඉතාමත් පැහැදිලි මෙන්ම ඉදිරිගාමී නිරීක්ෂනයන් ඉදිරිපත් කළ අතර, එය ‘දෙරණ වෙබ් අඩවිය’ මෙසේ සටහන් කර තිබිණි. (උපුටා ගැනීම දෙරණ වෙබ් අඩවිය)
strong>”අධිකරණය මගින් වරදකරු කරනු ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියේ සඳහන් ප්‍රතිපාදනවලට යටත්ව කටයුතු කළ යුතුයි. එම ප්‍රතිපාදනවලට අනුව යම් වරදකරුවෙකුට සමාව දීමට පෙර එම පුද්ගලයා වරදකරු කරනු ලැබූ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවිය යුතුයි. පසුව එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ යුතුයි. ඊට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය ද සමඟ එම වාර්තාව අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කළ යුතුයි. පසුව අධිකරණ අමාත්‍යවරයා විසින් තමන්ගේ නිර්දේශයද ඇතුළත්ව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලබනවා. යම් පුද්ගලයකුට සමාව ප්‍රදානය කරන්නේ ද? නැද්ද? යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබන්නේ එම සියලු පටිපාටින් සම්පූර්ණයෙන් කිරීමෙන් අනතුරුවයි. එහෙත් මෙම නඩුකරයේ වග උත්තරකාර දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට පෙර එම නීතිමය ක්‍රියා පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කර තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට ඔහු අසමත් වී තිබෙනවා.”
ඊට අමතරව විනිසුරුවරයා නියෝගය ප්‍රකාශ කරමින් මෙලෙස කරුණු සඳහන් කර තිබේ,
“මෙම නඩුකරයට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් අතුරින් සමාව දීම සඳහා ජනාධිපතිවරයා දුමින්ද සිල්වා නමැති විත්තිකරු තෝරා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න සහගතයි. දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීම සඳහා තෝරා ගැනීමේ දී පෞද්ගලික මිත්‍රත්වය හා දේශපාලන බැඳියාව මත හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන ආකාරය පෙනී යනවා. ඒ තුළින් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය කෙරෙහි මහජනයා තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙනවා” (උපුටා ගැනීම අවසන්)
විනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය ඉතාමත් වැදගත් සහ අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවරු වන්නකි. එහිදී විනිසුරුවරයා සදහන් කර ඇති ප්‍රකාශයතුළ ඇති “මෙම නඩුකරයට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් අතුරින් සමාව දීම සඳහා ජනාධිපතිවරයා දුමින්ද සිල්වා නමැති විත්තිකරු තෝරා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න සහගතයි. දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීම සඳහා තෝරා ගැනීමේ දී පෞද්ගලික මිත්‍රත්වය හා දේශපාලන බැඳියාව මත හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන ආකාරය පෙනී යනවා.” යන්න අධිකරණය නිරීක්ෂණය කර ඇතැයි ප්‍රකාශ කිරීම යන්න, දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව’ ලබා දුන් සමයේ සිටම ලංකාවේ පුරවැසි සමාජය තුළ ද නිරන්තරයෙන් සාකච්ඡා වූවකි.
අවුරුදු 5ක් වයසැති, දරුවෙක් ඇතුලු තවත් නිරායුද යෞවනයන් ඇතුලු දෙමළ වැසියන් 8 දෙනෙක් ඝාතනය කළ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක
අවුරුදු 5ක් වයසැති, දරුවෙක් ඇතුලු තවත් නිරායුද යෞවනයන් ඇතුලු දෙමළ වැසියන් 8 දෙනෙක් ඝාතනය කළ බවට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය මගින් ඔප්පු වී, මරණ දණ්ඩනය හිමිව බන්ධනාගාර ගතකර සිටි සුනිල් රත්නායක නැමති හමුදා සැරයන්වරයාට (එම) ගොඨාබය රාපක්ෂ විසින් සිය ජනාධිපති බලතල භාවිතා කරමින් ‘ජනාධිපති සමාව’ ලබා දෙන ලදි.
නඩුවේ ඉතිහාසය කෙටියෙන්
2000 වසරේ 20වන දින, උඩුප්පිඩ්ඩි හී සරණගාත කදවුරක දිවි ගෙවූ යුද්ධයෙන් අනාථ වූ එම දෙමළ මිනිසුන්, මිරුසවිල් ප්‍රදේශයේ පිහිටි තම නිවාස සහ ඉඩම් බැලීම සදහා ගොස් ඇති අතර, මෙ සාහසික ඝාතනය සිදුකර තිබෙන්නේ ඒ අවස්ථාවේදී බව සාක්ෂි සහිතව අධිකරණය හමුවේ ඔප්පු විය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී සී. කාතිර්වේතිපිල්ලේ ගේ පරික්ෂණ සහ නිගමනයන්ට අනුව ඝාතනය කළ අයගේ ගෙල තියුණු ආයුධ වලින් කපා දමා තිබුණු බව නඩු විභාගයේදී හෙළි වූ අතර, ඝාතනය කළ 8දෙනා අතර සිටි, විල්වරාජා ප්‍රසාද් 5 හැවිරිදි දරුවෙක් ය.
මෙම සමූහ ඝාතනය සිදු වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ආණ්ඩුකරන සමයේ ය. කෙසේ නමුත්, ජාතික හා ජාත්‍යන්තර සංවිධාන විසින් දිගින් දිගටම සිදුකරන ලද බලපෑම් හමුවේ, මෙම ඝාතනය පිළිබද පරික්ෂණ සිදුකිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවට සිදු විය. එම බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස, සුනිල් රත්නායක ඇතුලු හමුදා සාමාජිකයන් 14 දෙනෙක්ට එරෙහිව පළමු අවස්ථාවේ දී, යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු විය.
පසුව, ආරක්ෂක හේතූන් මත යැයි පවසින්, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව මාරු වූ අතර, ඉන් අනතුරුවත්, නීතිපතිවරයා විසින් අදාල සැකකරුවන්ගේ ජිවිත ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක් ඇතැයි සළකා, කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කරනු ලැබූහ. අධිචෝදනා ගොනු කිරීමේන් පසු, අදාල සැකකරුවන් 9 දෙනකුට එරෙහිව, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම යන කාරණාව සලකා නිදහස් වූ අතර, 5දෙනකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු විය. ඒ තඅර සුවිශේෂ සිදුවීමක් විය. එය නම්, විනිසුරුවරුන් සිය කැමැත්තෙන්ම අපරාධ ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා මිරුසවිල් ගිය අතර වසර 13ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසු සාජන් සුනිල් රත්නායක චෝදනා 17කට වරදකරු ලෙස, 2015 ජූනි 23වන දින අධිකරණය විසින් තීන්දු කලේය. ඒත් සමග අනික් චූදිතයන් 4දෙනා සදහා වූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු නොවීම මත නිදහස් කළේය.
පසුව එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් වූ අතර, එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මහාධිකරණය ලබා දුන් නඩු තීන්දුව ඒකමතිකව අනුමත කළේය.
ජනාධිපති සමාව
ගෝඨාබය රාජපක්ෂ දැන් ජනාධිපති සමාව ලබා දී ඇත්තේ එවැනි දිර්ඝ අධිකරණ ක්‍රියාවලියකින් පසුව වැරදි කරුවකු වූ අපරාධකාරයෙක්ටය. දරුවෙක් ඇතුලු තවත් 8දෙනෙක් ගේ ගෙළ කපා, සාහසික ලෙස ඝාතනය කල ඝාතකයෙක්ට, රටක ජනාධිපතිවරයා විසින්, ජනාධිපති සමාව ලබා දීම ශිෂ්ඨ ලෝකය කෙසේ තේරුම් ගනීවිද? ශිෂ්ඨ ලෝකය කුමක් සිතාවිද? යන්න ගෝඨාබය රාජපක්ෂට අවශ්‍ය නොවන සේයකි. එය ඇත්තය. ගෝඨාබය රාජපක්ෂ නම් ජනාධිපතිවරයා හිටපු හමුදා නිළධාරියෙක්ය. ඔහු ජනාධිපති වුවත්, අධිකරණය කුමක් කීවත් පරණ වහල, ඒ වහල යට හිටි කිසිවෙක් අමතක කල යුතු නොවේ. ඔවුන් අපරාධකරුවන්ද? මංකොල්ලකරුවන්ද? කප්පම් සදහා දරුවන් පැහැර ගත්තවූවන්ද අදාල වන්නේ නැත. ඔවුන් ඔහුගේ සාමාජිකයන්ය. ඒ නිසා ඔහු එය දැන් ඔප්පු කර අවසන්ය. මේ පළමු ඔප්පු කිරීම විය හැකිය.
දැන්…..
දුමින් ද සිල්වාට, නීතිය අවභාවිතා කරමින් (මහජ විරෝධතා හමුවේ රටින් පළාගිය) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ජනාධිපති සමාව බල රහිත කර ඔහුට නැවත දඩුවම් නියම කිරීමේ ක්‍රියාවළිය, අවුරුදු 5ක් වයසැති, දරුවෙක් ඇතුලු තවත් නිරායුද යෞවනයන් ඇතුලු දෙමළ වැසියන් 8 දෙනෙක් ඝාතනය කළ බවට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය මගින් ඔප්පු වී, මරණ දණ්ඩනය හිමිව බන්ධනාගාර ගතකර සිටි සුනිල් රත්නායක නැමති හමුදා සැරයන්වරයාට (එම) ගොඨාබය රාපක්ෂ විසින් සිය ජනාධිපති බලතල භාවිතා කරමින් ‘ජනාධිපති සමාව’ ලබා දීම පිළිබදව නැවත වරක් අධිකරණය විසින් සළකා නොබලනු ඇතිද?