අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික විසදුම් වලින් ලැබෙන්නේ ඉතාමත් අවම මට්ටමක සහයක් වුවත් යම් පමණකට හෝ ඒවා විසදා ගත හැක්කේ පරිඝණක සහ අන්තර්ජාල සාක්ෂරතාවය වැඩිදියුණු කර ගැනීමෙන්ය. එපමණක් ද නොවේ. අතිශයින් පෞද්ගලික දත්ත සහ තොරතුරු බෙදා ගන්නේ නම් පාර්ශවයන් අතර තිබියු යුතු අචාරධාර්මික ගුණයන් වර්දනය කර ගැනීමත් අතිශයින් වැදගත් වෙයි. තවද, ආදරය, විශ්වාසය, ගෞරවය වැනි වටිනාකම් පිළිබද නැවත නැවතත් සමාජය තුළ කියවා ගැනීමත් අත්‍යව්‍ය වනු ඇත.

එසේම Non-consensual intimate imagery (NCII) තත්ත්වයේ අන්තර්ගතයන් ලංකාවේත්, ලොව පුරාත් බරපතල තර්ජනයක් වී තිබේ. (NCII යනු එම පින්තූරවල නිරූපිත පුද්ගලයාගේ පැහැදිලි අවසරයකින් තොරව සමීප ඡායාරූප හෝ වීඩියෝ බෙදාගැනීම හෝ බෙදා හැරීමයි. අවසරයකින් තොරව සබැඳිව හෝ වෙනත් ක්‍රම හරහා බෙදා ගන්නා නිරුවත් හෝ ලිංගික අන්තර්ගතයන් මෙයට ඇතුළත් විය හැකිය. NCII පුද්ගලිකත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර වින්දිතයින්ට විනාශකාරී චිත්තවේගීය, මානසික සහ සමාජීය බලපෑම් ඇති කරනු ලබයි.)

විශේෂයෙන් මෙහිදී ගොදුරු බවට පත් වන්නේ ස්ත්‍රීන්, සමාජභාවයෙන් වෙනස් පුද්ගලයන්ය. නමුත් මෙයට ඕනෑම කෙනෙක් ගොදුරු විය හැක. මේවා විසදා ගැනීම සදහා සහය ලබා ගැනීමේදී ද(විශේෂයෙන් දේශීයව) නැවතත් ස්ත්‍රීන්, සමාජභාවී පුද්ගලයින් ප්‍රභල ආකාරයෙන් අපහසුතාවයන්ට පත්වේ. එබැවින් මේවා අවම මට්ටමකට/ නවතාගැනීමට හැකි වන්නේ තාක්ෂණයේත් – මිනිස් සබදතාවලත් අචාරධර්ම, මිනිස් වටිනාකම් දියුණු කර ගැනීමේන්ය.

*[VERY IMPORTANT: NCII සමඟ සටන් කිරීමට දරන ප්‍රයත්නවලට නීතිමය ක්‍රියාමාර්ග, වින්දිතයින් සඳහා උපකාරක සේවා සහ අන්තර්ජාලයෙන් එවැනි අන්තර්ගතයන් හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට stopncii.org වැනි තාක්ෂණික මෙවලම් විසඳුම් ලෙස භාවිතා කළ හැකිය.

කෘතීම බුද්ධිය(Artificial Intelligence(AI)

ඉතාමත් ආසන්නම සිදුවීමක් මෙසේ වාර්තා විය. ස්ත්‍රියක් තම නිරුවත් අන්තර්ගතයන් ඇතුලත් වීඩියෝවක් යම් පුද්ගලයෙක්ට යවා ඇති බවත් එය ලබා ගත් පුද්ගලයා එම වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවත් සමාජ මාධ්‍ය තුළ වාර්තා විය. දැන් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ වෛරල් වීමත් සමග ඉන් ගොදුරු බවට පත් වූ අදාළ ස්ත්‍රීය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහය පතා ඇත. එහිදී අය ප්‍රකාශ කර ඇත්තේ “එම වීඩියෝව කෘතීම බුද්ධිය මාර්ගයෙන් සකස් කරලා තියෙන්නේ. මීට පෙරත් එහෙම උනා අපි ගණන් ගත්තේ නෑ. අපි මේ සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා”

[හොදම දේ තමයි එවැනි ආකාරයේ පිංතූර/ වීඩියෝ නොයවා ඉන්න එක, නමුත් ප්‍රශ්ණය ඇත්තේ පිංතුර යවන කෙනාගේ නෙමෙයි. එම පිංතුර අනෙක් අය සමග බෙදා ගන්නා පාර්ශවයේ. ඒක නරුමකමක්. අශීලාචාර තත්ත්වයක]

Generative AI

ලෝකය උඩු-යටිකුරු කරමින් ඇති තාක්ෂණික අර්ථයෙන් ඉතා දියුණු තත්ත්වයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය යි(Generative AI) එහිදී එම උත්පාදක කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන ඕනෑම පුද්ගලයෙක් බැලූ බැල්මට යාථාර්ථයට සමානම අන්තර්ගතයක්(වීඩියෝ/ඡායාරූප/ හඩපට) නිර්මාණය කළ හැකිය. අදහසක්(වචන) වලින් ඡායාරූපයක්, වීඩියෝවක් සහ හඩපටයක් දක්වා තාක්ෂණික දියුණු අන්තර්ගතයක් ප්‍රතිඵලයක් ලෙස ලබා ගත හැකිය. සරලව පැවසුවහොත් කෙනෙක්ට අවශ්‍ය කුමන අන්දමේ ඡායෘරූපයක් ද, වීඩියෝවක් යන්න අදාළ පරිගණක යෙදවුමට ලබා දීමෙන්(නොමිලේ වුවත්) එම අන්තර්ගතය යථාවට සමානම අයුරින් නිශ්පාදනය කරගත හැකිය. එබැවින් සමාජයක්, ලෝකයක් ලෙස පත්වෙන අර්බුදවලින් ප්‍රධාන වන්නේ යම් වීඩියෝවක් හෝ ඡායාරූපයක් සත්‍ය ද, අසත්‍ය ද යන්න තවදුරටත් තහවුරු කර ගැනීමේ අභියෝගයකට මුහුණ පා ඇති බවය. එම තාක්ෂණය කොපමණ දියුණු, උසස් තත්ත්වයක තිබුණත් මිනිසා දැන් පත්ව ඇති, පත්වෙමින් ඇති ප්‍රධාන අර්බුදවලින් ප්‍රධානම වන්නේ එයයි. එයට විසදුම් ලෙස ලෝකය පුරා සාකච්ඡා වන අදහස් අතරින් ප්‍රධානම කලාපය වන්නේ ආචාරධර්ම වැඩිදියුණු කර ගැනීමයි. මානව අයිතිවාසිකම් පදනම් කරමින් GenAI මගින් අන්තර්ගතයන් නිශ්පාදනය කිරීම සදහා උනන්දු කරවීමයි.


සමාජ මාධ්‍ය ප්‍රකාශනය/Social Media Declaration/ Version 2.0 සහ Generative AI [මානව හිමිකම් රාමුවක් – වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක්..]

ලංකාවේත්, අසියාවේත් ප්‍රථම වරට(2019) දී මානව හිමිකම් රාමුවක් මත සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීමත්, මානව හිමිකම් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ(පරිශීලකයන්) හැසිරීම උනන්දු කරවීමත් අරමුණු කර ගෙන සකස් කරනු ලැබූ සමාජ මාධ්‍ය ප්‍රකාශනයේ (Version 2.0 | 2024) – Generative AI පරිච්ඡේදයේ මෙසේ දැක්වෙයි.

“මාධ්‍ය ලෝකයේ(පුවත්පත්, විද්‍යුත්, ඩිජිටල් ඇතුලු) AI උත්පාදක භාවිතය පිළිබඳ සදාචාරාත්මක අනතුරු ඇඟවීම්වලට දෝෂ හෝ පක්ෂග්‍රාහීත්වය, කොල්ලකෑම සහ “අඳුරු සහ සාමාන්‍ය” අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවදානම ඇතුළත් වේ. මීට අමතරව, AI-උත්පාදනය කරන ලද අන්තර්ගතයන් සඳහා මහජන විශ්වාසය අඩපණ කිරීමට සහ මාධ්‍ය හි විශ්වසනීයත්වය නැති කිරීමට ඇති හැකියාව පිළිබඳව සැලකිලිමත් වේ. මාධ්‍ය සංගම් විසින් AI භාවිතයට එරෙහිව අනතුරු අඟවා ඇති අතර එය මාධ්‍යමය අන්තර්ගතයේ බුද්ධිමය දේපල අයිතිවාසිකම්වලට ගරු නොකරන අතර එය විශ්වාසදායක නොවන අන්තර්ගතයන් උත්පාදනය කිරීමට හේතු විය හැක. ප්‍රකාශනය කරන ලද ඕනෑම AI-උත්පාදිත අන්තර්ගතයක් සඳහා වගකීම සහ තුන්වන පාර්ශ්වයේ IP අයිතිවාසිකම් නොසැලකිලිමත් ලෙස උල්ලංඝනය කිරීමේ හැකියාව වැනි නීතිමය ඇඟවුම් ද ඇත.”

ඒ පිළිබද වන පහත සටහන තවදුරටත් කියවීමෙන් පවතින තත්ත්වය තේරුම් ගැනීමටත්, ඇතිවිය හැකි ධනාත්මක සහ සෘණාත්මක තත්ත්වයන් පිළිබද හොද අවබෝධයක් ලබා ගැනීමට ඔබට පුලුවන් කමක් ලැබෙනු ඇත. Read in full: Social Media Declaration | Version 2.0 socialmedialanka.org

මෙම ආචාරධර්ම පද්ධතිය නිසි ලෙස අවබෝධයෙන් භාවිතා කිරීමෙන් ඔබටත්, ඔබේ සමීපතමයින්ටත්, ඔබේ සමාජයටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්, ගෞරවනීය ජීවිතයක් සදහා දායකත්වය ලබා දිය හැකිය.