Main iMage: Dr.Ashoka Ranwala/ Facebook
හාල්, පොල් ප්‍රශ්ණ ජාතික ජන බලවේගයේ හෙවත් මාළිමා ආණ්ඩුවේ සෘජු නිර්මාණයන් වන්නේ නැත. එම ප්‍රශ්ණ කාලයක් පුරාම ලංකාවේ ආණ්ඩු බලය හොබවූ සියලු ආණ්ඩුවල අසාර්ථකත්වයන්ගේ ප්‍රතිපලය.(නමුත් එසේ කියා අපි අදාළ නැතැයි කියා අහක බැලීමට මාළිමා ආණ්ඩුවට නොහැකිය. එය එසේ වන්නේ ඔවුන් බලයට පැමිණියේ ම ඒවා පිළිබද හොදින් හදාරමින් සහ ඔවුන්ගේ වචනවලින්ම ලියන්නේ නම් ‘ගෙදර වැඩි කරලා’ ය. තවද ආණ්ඩුබලය ගැනීමෙන් පසු ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමැසීම ආණ්ඩුවක මූලික වගකීමය. එසේ නැතිනම් ජනතාව දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න 2022 දී මුලු ලෝකයම අත්දුටුවෝය.
ආචාර්ය උපාධිය සහ රන්වල
අසෝක රන්වල(හිටපු කතානායක) ගේ ආචාර්ය උපාධිය පිළිබද ප්‍රශ්ණයේදී, ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් ඔහු කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය.(ඇත්ත නම් ඉල්ලා අස්කරවන ලැබූ බවයි.)
එය පැසසුමට ලක්කළ යුතු ආදර්ශමත් පියවරකි.
නමුත් ඔහු ඉල්ලා අස්වීමේදී, ඉල්ලා අස්වීමට හේතු දක්වමින් නිකුත් කළ ලිපිය පරිස්සමින් කියවා ගැනීමෙන් මතු පිට නොපෙනෙන මානයක් කියැවෙයි. ඔහු මෙසේ පවසයි. “අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් තමන් විසින් සිදු කර නැති බවත් තම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බවත් එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ. මා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීද විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි”
වියහැකිතාවය
ඔහු පවසන ලෙසටම ආචාර්ය උපාධියට අදාළව සුදුසුකම් තහවරු කිරීමට අවශ්‍ය “සමහර ලියකියවිලි” ඔහු සන්තකයේ නොතිබෙන්නට හැකියාවක් ඇති බවට අපි පිළිගනිමු.
නමුත්, මේ ඇතිවී තිබු තත්ත්වය නිසා බහුතර ආණ්ඩුවක් සතියකට අධික කාලයක් තිසේසේ විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්විය. මෙය සම්පූර්ණයෙන් සමනය කර ගැනීමට ඇති හැකියාවක් දැන් ලෝකයේ තිබේ.
සරලව කිවහොත්, ඔහු කියන ‘සමහර ලියවිලි’ තමා සතුව නැතිනම්, එම ලියකියවිලි ජපානයෙන් ගෙන්වා ගැනීම මේ ලෝකය තුළ අතිදුෂ්කර කටයුත්තක් නොවේ.
උදාහරණයකට – ජපානයේ තිබෙන, ලංකාවේ තානාපති කාර්යාලය හරහා අදාළ විශ්ව විද්‍යාලයෙන් අදාළ ‘සමහර ලියවිලි’ ලබා ගැනීමට රටක කතානායකවරෙයක්ට කිසිදු අපහසුවක් වන්නේ නැත. අවම වශයෙන් පැය 48ක් හෝ දවස් 3-4ක අතුලත එය ලබා ගත හැකිය. විශේෂයෙන් පාර්ලිමේන්තුවද, ආණ්ඩුවද දුෂ්කර තත්ත්වයකට වැටී ඇති තත්ත්වයක එම සිග්‍රගාමී ක්‍රමය අනුගමනය කිරීමට නොහැකි වූයේ ඇයි? කෙසේ නමුත් එයත් අතපසු වූවා යැයි අපි පිළිගනිමු.
ඔහු තවත් දෙයක් කියයි.
එනම්, “මා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීද විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි” මෙය ඉතාමත් වැදගත් ප්‍රකාශයකි.
දැන්, සිදුවී ඇති අවනම්බුවෙන් ගැලවීම සදහා ඔහුට ඇති එකම මාර්ගය වන්නේ ඉතාමත් ඉක්මනින්, අදාළ ලියකියවිලි සමාජ ගත කිරීමයි. එසේ නොමැති වුවහොත් කතානායකධූරයෙන් ‘ඉල්ලා අස්වීම’ පිළිබද ඇතිව තිබෙන මහජන ප්‍රසාදය නැවත වරක් සුනාමි රැල්ලකට ගසාගෙන යනවාක් මෙන් ක්ෂණිකයෙන් අතුරුදහන් වනු ඇත.
Disinformation පැතිරීම ඉතාමත් භයානකයි.
නමුත් ප්‍රශ්ණය එයටත් වඩා බරපතල එකකි. එනම්, තමන්ට නොමැති තත්ත්වයක් හෝ අධ්‍යාපන සුදුසුකමක් පෙන්වා ඔහු ඡන්දයට ඉදිරිපත් වුනි. ජනතාව මුණ ගැසුණි. ඡන්ද රැස්වීම් පැවැත්විණි. වේදිකාවල කතා කෙළේය. ඔහුගේ සියලු ඡන්ද ව්‍යාපාරවල ‘අචාර්ය’ යන නාමය භාවිතා කලේය. එපමණක් ද නොව, පාර්ලිමේන්තුවට තේරී පත් වී පැමිණි පසු, කතානායකවරයා ලෙස පත්වීමේ දී පවා ‘අචාර්ය’ යන නාමය භාවිතා කළේය. මෙය එක් පැත්තකින් මහජන විශ්වාසයට ඔහු එල්ල කළ දැඩි පහරකි. එසේම නියෝජන පාර්ලිමේන්තුවේ ප්‍රධානතම තනතුරට පත්වීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම ද ප්රජාතන්ත්රවාදයට මෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසවන්ත සහ වගවීම ට එල්ල කරන ලද බරපතල තර්ජනයකි.
මෙම බරපතල තත්ත්වය ද සමනය කළ හැක්කේ අදාළ ලියකියවිලි සමාජ ගත කිරීමෙන් පමණි. ඔහුට එසේ සිදුකිරීමට නොහැකි වුවහොත් ‘Disinformation’ පැතිරීම වැනි ඉතාමත් බරපතල චෝදනාවට සමාජය ඉදිරියේ ඔහු චෝදනාවට ලක්වනු ඇත. එපමණක් ද නොවේ, සිතාමතාම ව්‍යාජ තොරතුරු සමාජ ගතකරමින්, මැතිවරණයට ඉදිරිපත් වී මහජනයාගේ ඡන්දය ලබාගැනීමේ වරදට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත. එහි තවත් එක් ප්‍රත්ඵලයක් ලෙස කතානායක ධූරයෙන් ඉල්ලා අස්වුවද, ඔහු දරණ පාර්ලිමේන්තු මංත්රීධුරයද දැඩි ලෙස ප්‍රශ්න කිරීමට මහජනයා විසින් යොමු නොවන්නේ යැයි අපට කිව නොහැකිය. එබැවින් සිදුකළ යුතු ප්‍රශස්තම ක්‍රියාකාරීත්වය වන්නේ “Disinformation පැතිරීම” යන බරපතල චෝදනාව ඇතුලු සියලු චෝදනාවන්ගෙන් ඔහුට ගැලවීම සදහා ඇති එකම මාර්ගය ලෙස “අදාළ ලියකියවිලි” සමාජ ගත කිරීමයි. එය ඉක්මනින් සිදුකිරීමට ඔහුට ශක්තිය සහ උනන්දුව ප්‍රාර්ථනා කරමු.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක සහ ආචාර්ය උපාධි
මේ සම්බන්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ඇතිවූ සාකච්ඡාවන් බොහොමයක් ඉතාමත් දියුණු තත්ත්වයක තිබිණි.(ඇතැම් ඒවා පක්ෂග්රාහී, අගතිගාමී ඒවා බවද මතක් කළ යුතුය) එහිදී ද සාකච්ඡාවට ලක් වූ කරුණක් වූයේ “ප්‍රශ්ණය ආචාර්ය උපාධිය නොවේ” යන්නයි. එයින් මතු කළ එහි අනෙක් අක්ෂය වූයේ, කතානායකවරයෙක් හෝ මංත්‍රීවරයෙක් වීමට උපාධියක් හෝ ආචාර්ය උපාධියක් අත්‍යවශ්‍ය නොවන බවයි. එහිදී තවත් ප්‍රධාන කලාපයක් මතුවිය. ඉහත සාකච්ඡා කළ පරිදි තමන්ට නැති පදවියක් හෝ තානාන්තරයක් මැතිවරණ ප්‍රචාරණයට භාවිතා කිරීමත්, එමගින් ඡන්දය දායකයන් හිතාමතාම නොමග යැවීම පිළිබද කරුණයි. එයත් සම්බන්ධ වන්නේ ඩිස්ඉන්ෆොමේෂන් නම්, ප්රජාතන්ත්රවාදී වටිනාකම් ඛාදනයට ලක්කරන තත්ත්වයටයි. එහිම තවත් අක්ෂයක් වූයේ උපාධියට වඩා තමන්ගේ ඡන්ද දායකයාට කොතරම් අවංක වන්නේ ද යන්නයි.
උපාධි සහ විශේෂ නාමයන් සහිත මාළිමා ඡන්ද ව්‍යාපාරය
උපාධිය, ආචාර්ය, නීතිඥ ආදී නාමයන් මැතිවරණයකදී උත්කර්ෂයට නැංවීම ලංකාවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට වඩා ගොඩනගනු ලැබූවේ ජාතික ජනබලවේගය යි. දැන් එය ම ජාතික ජනබලවේගයට පාරාවළල්ක් වී ඇති සැටියකි. එසේ නමුත්, රටක ව්‍යවස්ථා සභාවට හෙවත් පාර්ලිමේන්තුවට උගත්-බුද්ධිමත් මිනිසුන් සහ ගැහැණුන්ගේ නියෝජනය කිසිදු ලෙසක අව-තක්සේරුවට ලක්වන්නේ නැත. දැන් ලංකාවෙටත් ලෝකයටත් අවශ්‍ය වන්නේ උගත්-බුද්ධිමත්-අත්දැකීම් තිබීම වැදගත් සේම අවශ්‍ය වන්නේ හෘදය සාක්ෂියක් ඇති ආදරණීය මිනිසුන් ය. අප වැනි අපරාධ රාජ්‍යක පාලනයට අවශ්‍ය වන්නේම හෘදය සාක්ෂියක් ඇති මිනිසුන් සහ ගැහැණුන්ය.
බහුතරය සහ ප්රජාතන්ත්රවාදය
ප්රජාතන්ත්රවාදය යනු බහුතර බලයම නොවන බව ඕනෑම ආණ්ඩුවක් වටහාගත යුතු කරුණුවලින් ප්‍රධාන කරුණකි. ඕනෑම ප්‍රශ්ණයකදී ‘බහුතර බලය අපට තිබෙනවා’ යැයි කියමින් ප්‍රශ්නයට සාධනීය ලෙස පිළිතුරු සපයනවා වෙනුවට ‘රස්තියාදු පාට්’ දැමීමේ තත්ත්වයක් පසුගිය සති කිහිපය තුළ අපට දක්නට ලැබිණි. මෙය ඉතාමත් නරක භාවිතාවකි. අප වැනි ‘විවිධත්වය’ ඉතාමත් වැඩි රටකට එය කිසිසේත්ම සුදුසු නොවේ. එබැවින් ජාජබ ආණ්ඩුව මැතිවරණයෙන් බහුතර බලයක් ලබාගත් බව සැබෑවක් වුවත්, ඔවුන් ක්‍රියාකළ යුත්තේ බහුත්වවාදී වටිනාකම් ආරක්ෂා කරමින්ය. එසේ නොවුනහොත් කතානායක ප්රශ්නය සේම හත්පොලේ ගා ගෙන තමන්ගේ වළ තමන්ම කපා ගනීමට විශාල කාලයක් ගත වන්නේ නැත. එබැවින් අප යෝජනා කරන්නේ ‘බහුත්වවාදී වටිනාකම්’ පදනම් කර ගනිමින් ආණ්ඩු කිරීම ආණ්ඩුවට සේම ජනතාගේ ශරීර සෞඛයටත් ඉතාමත් යහපත් බවය.
මාළිමා ආණ්ඩුව, මතුවන ප්‍රශ්න සහ සමාජ මාධ්‍ය
‘තාක්ෂණිකව ඉතාමත් දියුණු සමාජ මාධ්‍ය යුගයක රටක ආණ්ඩුකරනය යනු ඉතාමත් ගැඹුරින් පරීක්ෂාවට ලක් කිරීමට ලක්වන කාලයකි. එය ඉතාමත් ක්ෂණික මෙන්ම වඩා වැඩි ග්රාහකයන් පිරිසක් අතර අදහස්, මතවාද සහ තොරතුරු හුවමාරු කර ගැනීමට සමත්ව තිබේ. එය නූතන සමාජ මාධ්‍ය වේදිකාවන්වල ප්‍රධාන ලක්ෂණයකි. ඒ නිසාම මේ පිළිබදව ආණ්ඩුවක් ඉතාමත් ගැඹුරින් කල්පනා කළ යුතුය. නමුත් එළෙස ගැඹුරින් සලකාබැලීමේ තත්ත්වයක්, අදාළ සිදුවීම හරහා මාළිමා ආණ්ඩුව විසින් පෙන්නුම් නොකරන තත්ත්වයක් නිරීක්ෂණය විය. එසේම මෙම සමාජ මාධ්‍ය ප්රමුඛව සිදුකෙරෙමින් ඇති නව තත්ත්වය පිළිබදව මාළිමා ආණ්ඩුවට තිබෙන්නේ අවතක්සේරුවක් බව ද නිරීක්ෂණය විය. මෙය ද ආණ්ඩුවේ අනාගතය පිළිබද විචාරාත්මකව බැලීමේදී සැලකිය යුතු ප්‍රධාන ලක්ෂණයකි.’
කෙසේ නමුත්, මෙම සිදුවීමේදී ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරුණු සාකච්ඡා, සංවාද හරහා මතු කරන ලද තත්ත්වයන් ප්‍රමාද වී හෝ සැලකිල්ලට ගනිමින් දක්වන ලද ප්‍රතිචාරය ඉතාමත් වැදගත් දේශපාලන මංසංදියකි(නමුත් එයත් 100% සප්‍රමාන වන්නේ ඉහතින් ලියා ඇත් තත්ත්වයන් මත බව සැලකිල්ලට ගන්න) එසේම මෙම සිදුවීම හරහා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය, ලංකාවේ දේශපාලන සිතියමේ වැදගත් ම මෙවලමක් බවට පත්ව අවසන්ය.
නමුත් කතානායක(හිටපු) අශෝක රන්වල සිදුවීමෙන් ආරම්භකල වාදය තවමත් අවසන්ව නැත.
‘ත’ල වැපිරූ කල්හී නෙලා ගත හැකි වන්නේ ‘තල’ මිසක් ‘වී’ නොවේ.
*පහත පලවන්නේ හිටපු කතානායක සහ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ෆේස්බුක් හී පමණක් පළවු අදහස සහ මතයන් පිළිබද උදාහරණ කිහිපයකි.