iMage: emotiv

ශ්‍රී ලංකාවේ නිර්භීත පොලිසියට තමන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් සුරක්ෂිත කළ නොහැකි නමුත් රථවාහන වැරදි වාර්තා කිරීම පහසු කිරීම සඳහා ‘eTraffic’ නමින් නව යෙදවුමක් මේ වන විට දියත් කර ඇත. ප්‍රථමයෙන් පෙනෙන්නේ එය නරක දෙයක් නොවන බව සහ නිල සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපතිවරයාගේ අභිලාෂයට අනුකූල වන බවයි.

‘eTraffic’ යෙදවුම පිළිබදව පොලීසිය විසින් ට්විටර් හි දක්වා ඇති ලාංඡනය යෝජනා කර ඇතත්, යෙදුම තවමත් ගූගල් ප්ලේ ස්ටොර් හි (Google Play Store) අඩංගු කර නොමැත. ඔබට මෙය ලියන අවස්ථාවේදී ඇන්ඩ්‍රොයිඞ් තුළින් පමණක් බාගත කළ හැක්කේ https://srilanka-etraffic-app.vercel.app fjí වෙබ් අඩවියෙන් පමණි.(https://srilanka-etraffic-app.vercel.app/)

eTraffic’ යෙදුමේ අඩංගු වන්නේ කුමක්ද?

(https://sisik.eu/apk– tool is a convenient way to understand the workings of any APK file.)

නිවැරදිව කළමනාකරණය නොකළ හොත් (ශ්‍රී ලංකා පොලිසියට එය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති තරම් වන අතර), යෙදවුම මඟින් එකතු කරන ලද පුද්ගලික දත්ත, පරිශීලකයා විසින් ජනනය කරන ලද සහ පරිශීලකයා විසින් ඉදිරිපත් කරන ලද දත්ත වලට අමතරව, විශේෂයෙන් පොලිස් භාවිතය සඳහා නිර්මාණය කරන ලද යෙදුමක් බැවින් සැලකිය යුතු රහස්‍යතා අවදානම් සහ උල්ලංඝනයන් නිර්මාණය විය හැක. ප්‍රමුඛතාවය අනුව පෙල ගැසී නොමැති නමුත්, ඉහළ පෙළේ ගැටළු කිහිපයක් පහත සටහනේ ඇතුළත් වේ.

මෙම යෙදුම හරහා පුද්ගලික සහ උපාංග පිලිබද තොරතුරු රැස් කිරීමට හෝ සැකසීමට හැකි අවසර කිහිපයක් ඉල්ලා සිටී. මෙම අවසරයන් හරහා ‘eTraffic’ යෙදුමට පරිශීලකයින්ගේ හෝ නිලධාරීන්ගේ පෙර සහ පසු යන ස්ථාන දෙකෙහිම(foreground, and background) පැවතීම නිරීක්ෂණය කිරීමකට ඉඩ සලසයි. මම යෙදුම ස්ථාපනය කර නොමැති නිසා (සහ කළ නොහැක, මන්ද යෙදුම ඇන්ඩ්‍රොයිඞ් සඳහා පමණක් වන බැවින් සහ මම iOS මත සිටින බැවින්), ස්ථාපනය කිරීමේදී සහ භාවිතා කිරීමේදී, ස්ථාන නිරීක්ෂණය සඳහා අවසරයන් ලබා ගැනීම පැහැදිලිව සඳහන් කර තිබේද යන්න පැහැදිලි නැත. අඛණ්ඩව හෝ පසුබිම් ස්ථාන නිරීක්ෂණය, සුදුසු ලෙස ආරක්ෂා කර නැත්නම්, ස්ථාන පිලිබඳ ඉතිහාසය හෝ සංවේදී පෙර ගමන්/චලන රටා හෙළිදරව් කළ හැකි අතර, පුද්ගලික පැතිකඩ, අනවශ්‍ය නිරීක්ෂණ, හෝ ස්ථාන පිලිබද තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීමට මග පාදයි.

යෙදුමේ ස්වභාවය නිසා එය අවශ්‍ය වුවද, විශේෂයෙන් පරිශීලක දැනුමකින් තොරව කැමරා ක්‍රියාකාරිත්වය ක්‍රියාත්මක වන්නේ නම්, කැමරා ප්‍රවේශය ලබා දීම හරහා, රහසිගත රූපයක් හෝ වීඩියෝ ග්‍රහණය කිරීමේ හැකියාව මත ගැටළුවක් ඇති කරයි. එම නිපදවන ඕනෑම ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීමක් හරහා නරඹන්නන්ගේ මුහුණු, පෞද්ගලික දේපළ හෝ සංවේදී සන්දර්භ (ශරීරවලට සැලකිය යුතු කම්පන, ඇඳුම් ගලවා දැමූ තත්ත්වයකට ගොදුරු වූවන් වැනි අවස්ථාවලදී), ගබඩා කිරීම සහ බෙදාගැනීම සම්බන්ධයෙන් දැඩි පාලනයක් අවශ්‍ය වේ. මෙම පාලනයන් සහ පියවරයන් මොනවාද යන්න මෙහිදී අපැහැදිලි ය.

ඇන්ඩ්‍රොයිඞ් දුරකථනයේ දත්ත ගබඩා වෙත ප්‍රවේශ වීම තවදුරටත් පෞද්ගලිකත්වය ගැන ගැටලූ මතු කරයි. දැඩි දත්ත හැසිරවීමේ ක්‍රියා පටිපාටි බලාත්මක කරන්නේ නම් මිස බාහිර දත්ත ගබඩා කියවීමෙන් (SD කාඞ්පතක් හෝ දුරකථනයේ අන්තර්ගත දත්ත ගබඩා වැනි), eTraffic යෙදුමට වෙනත් පුද්ගලික ගොනු හෝ ලේඛන නැරඹීමට සහ ඒවා වෙත පිවිසීමට හැකියාව ලැබෙයි. දත්ත එවැනි බාහිර ගබඩාවල තැබීමෙන්, යෙදුම හරහා සංවේදී සාක්ෂි, වාර්තා, හෝ පුද්ගලික දත්ත සංකේතනය නොකළ උපාංග මත ගබඩා විය හැක.

eTraffic යෙදුම ඡායාරූප, සටහන් සහ ස්ථාන තොරතුරු ග්‍රහණය කර ගබඩා කිරීමට අදහස් කරන බැවින්, ඇන්ඩ්‍රොයිඞ් පැකේජ කට්ටලය විසින්ම මෙම දත්ත හසුරුවන්නේ කෙසේද, රඳවා ගන්නේ හෝ මකා දමන්නේ කෙසේද යන්න සහ පොලිසිය විසින් සමස්තයක් ලෙස සහ කාලයත් සමඟ දත්ත භාවිතා කරන්නේ කෙසේද යන්න හෙළි නොකරන අතර – නිදසුනක් ලෙස, මුලින් ඉතා වෙනස් අරමුණ සහ වෙනත් කාරණාවකට ඉදිරිපත් කරන ලද අන්තර්ගතය නැවත භාවිතා කිරීමට දත්ත කෘතිම බුද්ධි වේදිකා හරහා custom machine-learning වෙත දත්ත ලබා දීම සහ පෝෂණය කිරීම නිසා සූක්ෂමව අධික්ෂණය කිරීම වේගවත් කළ හැක.

පහත කාරණාවලට විභව අවස්ථාවක් පවතී:

x උපාංගයේ ප්‍රමාණවත් encryption සංකේතනය හෝ ආරක්ෂිත බව පිළිබද පියවර නොමැති වීම.
x නිසි දත්ත අවම කිරීමේ ප්‍රතිපත්ති(data minimisation policies) නොමැතිව දිගු කාලීනව දත්ත රඳවා තබා ගැනීම.
x ශක්තිමත් encryption/සංකේතනයකින් තොරව අන්තර්ජාලය හරහා දත්ත සම්ප්‍රේෂණය

At-rest සහ සංක්‍රමණ කාලයන්(in-transit encryption) තුළ encryption, ශක්තිමත් පරිශීලක සත්‍යාපනය, දැඩි ප්‍රවේශ පාලනයන් සහ පැහැදිලි රඳවා ගැනීමේ සහ මකාදැමීමේ කාලසටහන් වැනි හොඳම භාවිතයන් හරහා උත්පාදනය කරන ලද සහ රැස් කරන ලද දත්ත ආරක්ෂා නොකළහොත්, මෙම සෑම සාධකයක්ම සැලකිය යුතු ලෙස පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් අවදානමක් ඇති කරයි. වෙබ් අඩවියේ මේ කිසිවක් පැහැදිලි නැත, එහි සටහන් වන්නේ,
ඔබ ඉල්ලා සිටින සේවාව ඔබට ලබා දීමට අවශ්‍ය තාක් කල් පමණක් අපි රැස් කරගත් තොරතුරු රඳවා තබා ගනිමු. අප ගබඩා කරන දත්ත, අලාභය සහ සොරකම් වැළැක්වීමට මෙන්ම අනවසරයෙන් ප්‍රවේශ වීම, හෙළිදරව් කිරීම, පිටපත් කිරීම, භාවිතය හෝ වෙනස් කිරීම වැළැක්වීම සඳහා වාණිජමය වශයෙන් පිළිගත හැකි ක්‍රම තුළ අපි ආරක්ෂා කරන්නෙමු.

සාරාංශයක් ලෙස, රට තුළ පවතින නිරීක්ෂණ/ ඔත්තු බැලීමේ(surveillance) සන්දර්භය තුළ සහ ශ්‍රී ලංකා පොලිසිය, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු නොකරන ස්වභාවයටද අනුව ගත් කල, අධ්‍යයනය කරන ලද ඇන්ඩ්‍රොයිඞ් පැකේජ කට්ටලය පමණක් වටා කේන්ද්‍රගතවූ පෞද්ගලිකත්වයට අදාල ගැටළු – සංවේදී දත්ත (ස්ථානය, පින්තූර, පුද්ගලික ලිපිගොනු) රැස් කිරීමට, උපාංගයක බාහිර දත්ත ගබඩා මත දත්ත ගබඩා කිරීමට ( නොකළ හැකි), සහ encryption සඳහා පැහැදිලි දායකත්වයක් නොමැතිව බාහිර සේවා හරහා එය සම්ප්‍රේෂණය කිරීමට මෙම යෙදුමට ඇති හැකියාව මත පාදක වේ.

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත((PDPA)) සමඟ ඇතිවන ප්‍රධාන ගැටළු

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (මෙතනින් Download කළ හැක) 2025 මාර්තු 18 වන විට සම්පුර්ණයෙන්ම බලාත්මක වීමට නියමිතයි. ඇතැම් සීමා කිරීම් (ජාතික ආරක්ෂක අවශ්‍යතා වැනි) පැවතිය ද, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි සමස්ත යොමුව (ලේඛනයක් ලෙස ඉතා ශක්තිමත් සහ යහපත්) දත්ත විෂයයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම පුද්ගලික දත්ත නීත්‍යානුකූල, සමානුපාතික ලෙස සහ අවශ්‍ය ලෙස සැකසීම සහතික කිරීමයි.

ශ්‍රී ලංකා පොලිසියේ eTraffic යෙදුම, මගේ කියවීමට අනුව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි ප්‍රතිපාදන සම්පූර්ණයෙන් බලාත්මක වූ පසු ඒවා සමඟ නොගැළපෙනු ඇත. පුද්ගලික දත්ත ආරක්ෂණ පනත විසින් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහ නීත්‍යානුකූල, පාරදෘශ්‍ය සහ අවම දත්ත සැකසීම සඳහා ශක්තිමත් ප්‍රමිතීන් සපයන බැවින්, පුද්ගලික දත්තවලට-විශේෂයෙන් සංවේදී ස්ථාන දත්ත වෙතට ඕනෑම ස්ථීර, මහා පරිමාණ ලෙස ප්‍රවේශයක් ඇත්නම් එහිදී පනතේ කාරණා සමඟ දැඩි ලෙස පෙළගැසී නොමැති නම් ඒ හරහා උල්ලංඝනයක් විය හැකිය. ශ්‍රී ලංකාවෙන් පිටත could සේවාවන්හි අමතර දත්ත රඳවා තබා ගැනීමේ හැකියාවද, මෙම පනත සමඟ අනුකූල නොවීම සඳහා ඇති සම්භාවිතාව තවදුරටත් ඉහළ නංවයි.

මෙම යෙදුම අඛණ්ඩව ස්ථානයන් නිරීක්ෂණය කරන්නේ නම් (including background location), අඛණ්ඩ ලූහුබැඳීම (විශේෂයෙන් කාලයත් සමඟ) අපේක්ෂිත ”පොලිස් භාවිතය” සඳහා දැඩි ලෙස අවශ්‍ය කාරණාවලට අදාල විෂය පථය ඉක්මවා යාමේ අවදානමක් ඇත.

පුද්ගලික දත්ත එකතු කිරීම නීත්‍යානුකූලව අවසර දී ඇතත් (උදා: විමර්ශන සඳහා), එම දත්ත එකතුව ප්‍රකාශිත අරමුණට සමානුපාතිකව පැවතිය යුතුය. පොලිසිය මෙය සහතික කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

සක්‍රීය සිදුවීමකට ප්‍රතිචාර දක්වන අතරතුර ස්ථාන දත්ත රැස් කිරීම පමණක් වැනි පැහැදිලි, පටු ලෙස අර්ථ දක්වා ඇති අරමුණකින් තොරව මෙම යෙදුම හරහා ස්ථාන දත්ත අඛණ්ඩව රැස් කරන්නේ නම්, එය පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ දත්ත රැස් කිරීමේ අරමුණු සීමා කිරීමේ මූලධර්මය උල්ලංඝනය විය හැකිය.

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත විසින් සකසන ලද පුද්ගලික දත්ත ”ප්‍රමාණවත්, අදාළ සහ සමානුපාතික” සහ ඒවා එකතු කරන හෝ සකසන අරමුණට අනුකූල බව සහතික කිරීම සඳහා දත්ත ලබා ගැනීම අවම කිරීම අවධාරනය කරයි. ඒ හා සමානව, පැහැදිලි අරමුණු ඉටු කිරීම සඳහා අවශ්‍ය තාක් කල් පමණක් පුද්ගලික දත්ත තබා ගත යුතු බව නීතියේ නියම කර ඇත. පොලිසිය විසින් රාජ්‍ය නිරීක්ෂණ වාතාවරණයේ කොටසක් ලෙස, දශක ගනනාවක් තිස්සේ සම්පූර්ණ දණ්ඩමුක්තිය(impunity ) සහිතව අනවශ්‍ය ලෙස සහ රටෙහි සියලූම ටෙලිකොම් සමාගම් ඇතුළුව පුරවැසියන් පිළිබඳ දත්ත ලබාගෙන ඇත. පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යනු මෙම පැතිරුණු සහ ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතියෙන් විප්ලවීය මාරුවකි.

යෙදවුමේ පසුබිම් ස්ථාන අවසරය(background location permission ) අඛණ්ඩවම සක්‍රීයව පවතී නම් ”සැබෑ ක්‍රියාකාරී අවශ්‍යතාවලින් බැහැරව පවා”සංවේදී ස්ථාන දත්ත අධික ලෙස රැස්කිරීමේ හැකියාව ඉහළ තත්වයක පවතී.

ශක්තිමත් සහ පැහැදිලි රඳවා ගැනීමේ ප්‍රතිපත්ති(Storing such location data without robust and explicit retention policies ) නොමැතිව එවැනි ස්ථාන දත්ත ගබඩා කිරීම හරහා රඳවා ගැනීමේ කාල සීමාවන් සීමා කිරීමේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි අවශ්‍යතාවය උල්ලංඝනය විය හැකිය. විභව අඛණ්ඩ ස්ථාන ලූහුබැඳීම(potential continuous location tracking ) පිළිබඳ ක්‍රියාකාරී සන්නිවේදනයන් වල නොපැහැදිලිතාවය හරහා 11 වන වගන්තිය සහ V උපලේඛනයේ ඇති වගකීම් උල්ලංඝනය වනු ඇත. පරිශීලකයන් හෝ මහජනතාව ප්‍රමාණවත් ලෙස දැනුවත් කර නොමැති නම් සහ නීත්‍යානුකූල පදනමක් (අනුමැතිය, නීතිමය බැඳීම්, ආදිය) ලබා දී නැත්නම්, ස්ථිර ස්ථාන ලූහුබැඳීම(persistent location tracking ) නිසා එය විනිවිදභාවයේ අවශ්‍යතාවයට පටහැනි වනු ඇත.

පොලිස් eTraffic app වෙනත් වචන වලින් කිවහොත්, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතෙ හි මූලික විධිවිධාන කඩ කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

eTraffic app කිසියම් ආකාරයක ස්වයංක්‍රීය නීරීක්ෂණයන් හෝ තොරතුරු පැතිකඩක් ලබාගැනීමට යොදවන්නේ නම් (උදා, අඛණ්ඩ ස්ථාන දත්ත, වාර්තා කරන ලද හෝ වාර්තා කළ හැසිරීම් ආදිය මත පුද්ගලයන්ගේ අවදානම් හෝ තර්ජන මට්ටම් ලකුණු කිරීම), එවැනි තීරණ අභියෝගයට ලක් කිරීමට හෝ සමාලෝචනය කිරීමට දත්ත විෂයයන්ට ඉඩ දීමට අපොහොසත් වීම 18 වගන්තියට පටහැනි විය හැකිය. තව ද, පුද්ගලයන්ට පහසුවෙන් ඉවත් වීමට හෝ සාවද්‍ය ස්ථාන ලඝු-සටහන් නිවැරදි කිරීමට නොහැකි නම්, යෙදුමට පනතේ දත්ත විෂයන්ගේ අයිතිවාසිකම් සපුරාලීමට නොහැකි වනු ඇත.

මෙම වගකීම්වලට අනුකූල වීමට අපොහොසත් වීමෙන් දත්ත ආරක්ෂණ අධිකාරියට දත්ත පාලකයෙකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට, නියෝග නිකුත් කිරීමට හෝ දඬුවම් පැනවීමට හේතු විය හැක – මේ අවස්ථාවේ දී, ශ්‍රී ලංකා පොලිසියට විරුද්ධව – 35 සහ 38 වගන්ති යටතේ, එය සිදු වේ නම් එය ඓතිහාසිකව පෙර නොවූ විරූ දෙයක් වන අතර, මෙය ඉතා විනෝදජනක විය හැකිය!

නිගමනය

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන උනන්දුවක් දක්වන වෙනත් ඕනෑම කෙනෙකුට මගේ උපදෙස නම් eTraffic app ස්ථාපනය නොකිරීමයි.

යෙදවුම නිකුත් කරන ආකාරයෙන්ම එය විශේෂයෙන් හෙළිදරව් වේ. Google’s Play Store හි අනුමැතියට පෙර ඇන්ඩ්‍රොයිඞ් පැකේජ කට්ටලය ලබා දීම, සම්මත භාවිතයක් නොවන ආකාරයෙන් යෙදවුම මහජනයා අතරට ගෙනයාමට දක්වන උනන්දුව හරහා පුද්ගලික උපාංගවල සුපිළිපන්නභාවයට හානි විය හැකි හැසිරීම් වලට තුඩු දෙයි.

තාක්ෂණික ගැටලූ පසෙකින් තැබුවත්, පොලිසිය දත්ත ආරක්ෂණ අධිකාරියෙන් උපදෙස් ලබාගෙන ඇති බවට සාක්ෂි නැත. නැතහොත් පුද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි ප්‍රතිපාදන මාස කිහිපයකින් ක්‍රයාත්මක වන බව ඔවුන් නොදනී. මෙය ප්‍රධාන රතු සංඥාවකි.

මේ සතියේ ශ්‍රී ලංකා පොලිසිය තමන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා මූලික සයිබර් ආරක්ෂණ පියවරයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ දැවැන්ත නොහැකියාව පෙන්නුම් කර ඇත. විශේෂයෙන් යෙදුමෙන් ලබා ගන්නා තොරතුරුවලට ස්ථීර ස්ථාන දත්ත ඇතුළත් වන්නේ නම්, සංවේදී, පුද්ගලික තොරතුරු ඔවුන් වෙත භාර දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටීම අසීරු කරුණකි. පරිශීලකයන් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු, සහ මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේද යන්න සහ විශේෂයෙන් කාලයත් සමඟ කුමන අරමුණු සඳහාද යන්න නොදැන, යෙදුම හරහා පුද්ගලයන් සොයා ගැනීමට හැකි දත්ත සඳහා ව්‍යංගයෙන් හෝ ශ්‍රී ලංකා පොලිසිය විශ්වාස කිරීම මෝඩකමකි.

දත්ත එකතුකරන්නාගේ (එනම්, පොලිසියේ) ස්වභාවය සහ ලබා ගන්නා ලද තොරතුරුවලට අදාලව වෙබ් අඩවියේ රහස්‍යතා ප්‍රතිපත්තිය පවතින ආකාරය ඛේදජනක ලෙස දුර්වලය.

මෙම යෙදුම සංවර්ධනය කිරීම සඳහා බොහෝ කාලයක්, සම්පත් සහ සමහර විට මුදල් කැප කළ සද්භාවයෙන් සිටින පාර්ශවකරුවන් මට හොඳින් අගය කළ හැකිය. කෙසේ වෙතත්, මෙම යෙදවුම සංවර්ධනය කළ අයට අගතියකින් තොරව, එහි පවතින ස්වභාවය අනුව, විශේෂයෙන්ම පොලිසිය විසින් ප්‍රචණ්ඩ ලෙස ඉලක්ක කර ඇති පුද්ගලයන්, අනන්‍යතා සහ පොලිස් සේවයේ සහ පිරිස් පිලිබද විශාල ලෙස විශ්වාසනීයත්වයේ පළුදු වීම් දිගටම පවතින ප්‍රජාවන් විසින් භාවිතා කිරීම නිර්දේශ නොකරයි. මාර්තු මාසයේදී, යෙදුමේ කේතය එය පුද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි ප්‍රධාන විධිවිධාන උල්ලංඝනය කරන බවට යෝජනා කරයි – එයින් අදහස් කරන්නේ මෙහි සඳහන් කර ඇති ගැටළු පැහැදිලි කර නොමැති නම් eTraffic app නීතිය කඩ කිරීමට ඉඩ ඇති බවයි.

Process, planning, and compliance matter – even for the Police.

*(මෙය ආචාර්ය සංජන හත්තොටුව ලියූ “Sri Lanka Police’s eTraffic app raises significant data protection, and compliance concerns” නම් ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවර්තනයක් වන අතර, තාක්ෂණික, සන්නිවේදන වචන සහ අදහස් පිළිබද යම් ගැටලුවක් වේ නම් මුල් ඉංග්‍රීසි ලිපිය පරිෂිලනය කරන මෙන් පාඨක ඔබෙන් ඉල්ලා සිටිමු – සංස්කාරක, විකල්ප වෙබ් අඩවිය)

ආචාර්ය සංජන හත්තොටුව | Dr. Sanjana Hattotuwa