iMage: GenAI
ශ්‍රී ලංකා ආණ්ඩුවේ 2026 අයවැය තුළ, රුපියල් බිලියන 30 කට වැඩි මුදලක් වෙන්කරමින් රාජ්‍ය යන්ත්‍රණය විශාල තාක්ෂණික යාවත්කාලීන කිරීමක් සඳහා විශාල ප්‍රාග්ධනයක් සහිත ඩජිටල්කරණ ව්‍යාපෘතියේ කටයුතු සැලසුම් කිරීමට යෝජනා කර ඇත. කාර්යක්ෂමතාව, විවෘත ආණ්ඩුකාරණය සහ නවීන ඩිජිටල්කරණ ආර්ථිකයක් ලෙස මෙය ඉදිරිපත් කරන නමුත්, ජනාධිපතිවරයාගේ සහ නිල වාර්තා ඇතුලු අයවැය කතාව තුළත්, පෞද්ගලිකත්වය, අත්‍යවශ්‍ය නෛතික ආරක්ෂණ සහතික නොමැතිකමට සහ තෘප්තිමත් ස්වාධීන අධීක්ෂණයක් (Independent Oversight) නොමැතිකම සමග ඒ හා බැඳී ඇති ප්‍රධාන ගැටළු ගණනාවක් සඟවා ඇත. වඩා සැළකිලිමත්විය යුතු වන්නේ, ඩිජිටල්කරණය සරල නවීකරණ උත්සාහයක් වීමට වඩා, සමාජයට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙන අතරම, ප්‍රබල රාජ්‍ය නිරීක්ෂණ ව්‍යුහයක් සඳහා ස්ථීර පදනම් තැබීමට ද හැකි වීම සහ පුරවැසිභාවයේ ස්වභාවය නරක අතට වෙනස්කිරීමට හැකි විභවතාවයක්ද එය සතුවීමය.
පසුගිය සිකුරාදා ජනාධිපතිවරයාගේ කථාවෙහි සඳහන් වූ යෝජනා අනුව, පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාලතම Digital Public Infrastructure – DPI, සහ Digital Public Goods – DPG, අත්‍යවශ්‍ය ජාතික යටිතල පහසුකම් (Critical National Infrastructure – CNI) වෙත ආයෝජනය කිරීම පිළිබඳ ප්‍රධාන තීරණ ගන්නා ලෙස ඉල්ලීමක් කර තීබිමයි. ජෛවමිතික අනන්‍යතා පද්ධති (Bio-metric Identification Systems), ආදායම් ලුහුබැදීමේ ක්‍රියාවලීන් Revenue Tracking), ආගමන-විගමන පද්ධති ඩිජිටල්කරණය කිරීම (Immigration Digitalisation), පොලිස් දත්ත පද්ධති (Police Data Systems) සහ මූල්‍ය ගනුදෙනු අධීක්ෂණය (Financial Transaction Monitoring) ඩිජිටල්කරණය සදහා රුපියල් බිලියන ගණනක මුදල් වෙන් කර ඇත. මෙම පරිවර්තනයේ පරාසය, වේගය සහ පරිමාණය ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස විශාලය. එහෙත්, සම්පූර්ණයෙන්ම අරමුදල් අනුමැතිය (Funding Approval) ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත – එයින් තොරව, උදාහරණයක් ලෙස, මෙම පද්ධති බල ගැන්වීමට පත් කරන තාක්ෂණය සම්බන්ධයෙන් ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් (Bilateral Agreements) පරීක්ෂා කිරීමකින් තොරව, පුරවැසි දත්ත (Citizen Data) කවුරුන් විසින් පාලනය කරන්නේදැයි නොදැන සහ දුෂ්කරතා වැළැක්වීම සඳහා ප්‍රායෝගික අධීක්ෂණ යාන්ත්‍රණ (Oversight Mechanisms) කිසිවක් නොමැතිව ක්‍රියාත්මක කිරීමයි. මෙහි දැඩි අවදානමක් පවතී.
මෙම අවදානම තවදුරටත් විවිධ පැතිවලින් දැඩි අවධානයට ලක් කළ යුතු කරුණකි. DPI (ඩිජිටල් යටිතල පහසුකම්) සහ පුරවැසියන්ට ප්‍රයෝජනවත් ලෙස හැඳින්විය හැකි සියල්ලත් සමඟම, හානිකර, ස්ථිර සහ නොපෙනෙන බලපෑම්සහගත හා පාලන ව්‍යුහයන් නිර්මාණය කරයි. එය විපක්ෂ දේශපාලනඥයන් (Opposition Politicians), සිවිල් සමාජය (Civil Society) සහ ස්වාධීන මාධ්‍යය (Independent Media) ට එරෙහිව අවියක් ලෙස භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස, ජෛවමිතික දත්ත ගබඩා (Biometric Databases) ආදායම් පද්ධති (Revenue Systems), පොලිස් ජාල (Police Networks), ආගමන-විගමන වාර්තා (Immigration Records) සහ මූල්‍ය ගනුදෙනු (Financial Transactions) සමඟ සියල්ල සම්බන්ධ වූ විට, අනාගතයේදී විශාල නිරීක්ෂණ හැකියාවන් උරුම කරගනී.
එමනිසා ශක්තිමත් අයිතිවාසිකම් පාදක කරගත් ආරක්ෂක පද්ධති (Rights-based Guardrails) සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂාකරන පද්ධති (Democratic Safeguards) නොමැතිව සිදුකරන ක්‍රියාවලියක් තුළ රටක්, ‘ඩිජිටල් පැනොප්ටිකොන්’ (Digital Panopticon) ව්‍යුහයක් බවට පත් විය හැකියි.
එහෙත්, ඇයි මේ ආණ්ඩුව විවෘතභාවය ප්‍රතික්ෂේප කරමින් අරමුදල් ඉල්ලන්නේ? එය එසේ කිරීමෙන්, විශාල සමාජ ප්‍රතිලාභවල පොරොන්දු තිබුණ ද, කුමක් ප්‍රකාශ කරයිද? කුමක් සිදුවෙයිද?
උදාහරණයක් ලෙස, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය 3.0 (RAMIS 3.0 system) හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (Inland Revenue Department) නවීකරණය කිරීම බොහෝ දෙනාගේ සාධාරණ පිළිගැනීමක් ලැබුව ද, අවශ්‍ය නෛතික සහ ආරක්ෂක අවශ්‍යතා නොමැතිව දත්ත හුවමාරු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පොලිස් ඩිජිටල්කරණය (Police Digitalisation) සහ ආගමන-විගමන නවීකරණය (Immigration Modernisation) සම්බන්ධයෙන්ද, පොලිසියට බහු ඒකකයකින් ඒකාබද්ධ කළ පද්ධතිවලින් පුරවැසි දත්ත ලබාගැනීම වැළැක්වීමට කුමන ආරක්ෂණ යාන්ත්‍රණ තිබේ ද, බලය ඇති ස්වාධීන අධීක්ෂණය (Independent Oversight with Enforcement Powers) කවුරුන් විසින් උල්ලංඝනයන් සිදුකිරීම් අධීක්ෂණය කරයිද, සහ මෙම සියලු තත්ත්වයන් අරමුදල් අනුමැතියට පෙර ප්‍රසිද්ධ නොකිරීමේ හේතුව කුමක්ද යන්න අපට අසන්නට සිදුවේ.
අයවැය යෝජනාවලට අනුව දත්ත ආරක්ෂණ අධිකාරිය (Data Protection Authority – DPA) පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act – PDPA) සම්මත කිරීමෙන් පසුව දැන් ක්‍රියාත්මක වන බව ද තහවුරු වේ. නමුත්, අයිතිවාසිකම් අහිමි කරන, පුරවැසි අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල කරන මාර්ගගත සුරක්ෂිතතා පනත (Online Safety Act – OSA) අහෝසි කිරීම හෝ විශාල සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ පවතින්නේ දැඩි නිශ්ශබ්දතාවයකි. අනෙක නම්, ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත (Anti-Terrorism Bill) සහ සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත (Cybersecurity Bill) ද අයිතිවාසිකම් අහිමි කරන, පෞද්ගලිකත්වයට බාධා කරන කොටස් ඇතුළත් වන අතර, ඒවා නොගැලපෙන, විරුද්ධ නෛතික වගකීම් නිර්මාණය කරයි.
මෙම පරස්පර නෛතික තත්ත්වයන් (එක්පැත්තකින් OSA – අනෙක් පැත්තෙන් PDPA) නිසා විශේෂයෙන් පෞද්ගලිකත්ව නියාමන (Privacy Regulations) දැඩිව ක්‍රියාත්මක කරන යුරෝපා සංගමය (European Union) වැනි රටවලින් විදේශ ආයෝජන සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක් වනු ඇතිද?. මෙම නෛතික ගැටුම්කාරී තත්ත්වයන් නිසා විදේශ ආයෝජන ද ප්‍රත්‍යක්ෂ නොවනු ඇත. විශේෂයෙන්ම යුරෝපීය සංගමය වැනි දැඩි පෞද්ගලිකත්ව අයිතිනීන් පිළිබද සාධනීය රෙගුලාසි ඇති රටවලින් හෝ කලාපවලින් දක්වනු ලබන ප්‍රතිචාර කුමක් වෙයිද?
රජය DPA (දත්ත ආරක්ෂණ අධිකාරිය) විසින් මෙම නොගැලපෙන රාමු ක්‍රියාත්මක කළ හැකිදැයි පැහැදිලි කර නොමැති අතර මෙම නීතිමය කැළැල් සම්මත කිරීමේදී ඒ සඳහා සුවිශේෂී කැපවීමක් දැක්වූයේ ද නොමැත. මෙය විශේෂයෙන්ම ඉක්මනින්ම ගැඹුරින් සලකා බලිය යුතු තත්ත්වයකි. එය එසේ වන්නේ, ඩිජිටල් යටිතල පහසුකම් (Digital Infrastructure) සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), ක්ලවුඩ් (Cloud Computing) සහ දත්ත මධ්‍යස්ථානයන් (Data Centres) ආදියට විශාල මුදල් වෙන්කර ඇති බැවිනි.
2023 ඔක්තෝබර් මාසයේ ලංකා රජයේ ක්ලවුඩ් (Lanka Government Cloud – LGC) පද්ධතිය කඩා වැටීම, මෙය සයිබර් අර්බුදයක ප්‍රභල උදාහරණයකි – එහිදී නොපැහැදිලි ප්‍රතිචාර ක්‍රමවේදයක්, එකිනෙකට විරුද්ධ සහ සංකීර්ණ නිල පැහැදිලි කිරීම් (එකම නිලධාරියෙකු විසින් විවිධ මාධ්‍ය වෙත වෙනස් දේවල් කියා සිටීම), සහ වගකීම් සහගත නොමැතිකමක් මේ තුළින් ප්‍රක්ශේපනය වූ අතර, ඒ පිළිබදව අද දක්වා ආණ්ඩුව කිසිදු සවිස්තරාත්මක පරීක්ෂණ වාර්තාවක් ප්‍රසිද්ධ කර නැති අතර එය සැමවිටම කළ ආකාරය, විශ්වාස නොකළ හැකි ආයතන සහ අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් මත යැපෙමින් සියල්ල හොඳින් පවතින බව මහජනයාට ඒත්තුගැන්වීමට යොමුවෙමින් සිටී. එහෙත්, පාර්ලිමේන්තුව ක්ලවුඩ් යටිතල පහසුකම් (Cloud Infrastructure) පුලුල් කිරීම සඳහා බිලියන ගණනක් අනුමත කිරීමට බලාපොරොත්තු වේ.
එයට අමතරව, ඩිජිටල් ගෙවීම් පද්ධිතින් (Digital Payment Transformation) මූල්‍ය නිරීක්ෂණ ව්‍යුහය (Financial Surveillance Architecture) පිළිබඳව ද ප්‍රශ්න ඇති කරයි. 2026 ජනවාරි සිට රජයේ ආයතන (Government Institution) වෙත ගෙවීම් සඳහා සේවා ගාස්තු ඉවත් කර තිබුණ ද, මූල්‍ය ගනුදෙනු දත්ත (Financial Transaction Data) ආරක්ෂක සේවා (Security Services), විදේශ තාක්ෂණික හවුල්කරුවන් (Foreign Technical Partners) හෝ නිරීක්ෂණ අරමුණු සඳහා ප්‍රවේශ වීම වැළැක්වීමට කිසිදු ආරක්ෂාවක් ඒ තුළ නැත. පුරවැසියන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම්වල මෙම සම්පූර්ණ වාර්තා රඳවා තබා ගැනීම, ප්‍රවේශය සහ මැකීම (Retention, Access and Deletion) ගැන කිසිදු නෛතික රාමුවක් (Legal Frameworks) නැත.
එපමණක් ද නොවේ, ඩිජිටල්කරණය සම්බන්ධයෙන් දෙමළ සහ සිංහල සන්නිවේදනය (Public Communications) පිළිබඳ අවධානයක් නොමැති වීම විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුයි. ජනතාව බහුතරයක් කතා කරන දේශීය භාෂාවලින්(සිංහල සහ දෙමළ) ඩිජිටල්කරණය පිළිබඳ සංවාදයක් නොමැති එකම සහ පළමු රට ශ්‍රී ලංකාවයි.(ඩිජිටල්කරණය සමබන්ධයෙන් කිසිදු තොරතුරක් සිංහල සහ දෙමළ භාෂාවෙන් නැත) DPI ව්‍යුහය (DPI architecture), විදේශ භූමිකාවන් (Foreign Roles), දත්ත ආරක්ෂණ (Data Protections) සහ අයිතිවාසිකම් ආරක්ෂක පද්ධති (Rights Safeguards) පිළිබඳ සිංහල හෝ දෙමළ භාෂාවෙන් සම්පූර්ණ රාජ්‍ය සන්නිවේදනය සඳහා කිසිදු විශේෂ වෙන්කිරීමක් අයවැය තුළ ද නැත. අද දක්වා, රජය විසින් ඩිජිටල්කරණයේ මූලික කරුණු පවා පැහැදිලි කරන නිල ප්‍රකාශය (Official Statement), රාමු (Framework), සැලැස්මක්, විස්තරයක්, වීඩියෝවක්, ලේඛනයක් හෝ ලිපියක් සිංහල හෝ දෙමළ භාෂාවෙන් නිකුත් කර නැත. මෙම පද්ධතිමය වශයෙන් බැහැර කිරීම, එයට සංවේදීවීම හෝ අවධානයක් නොදැක්වීම නිසා, මහජන විශ්වාසය අඩපණ කිරීමට එය බලපානු ඇත. මහජන විශ්වාසයක් නොමැතිව, තාක්ෂණික රාමු (Technical Frameworks) අසාර්ථක වනු ඇත. මහජන සම්බන්ධතාවයන් නැතිව, මහජන සාකච්ඡාවක් නැතිව, විශේෂයෙන් රාජ්‍ය නිරීක්ෂණයන් ඇතුලු තවමත් පවතින අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්ණ සහ බියෙන් ජීවත්වන උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනයා ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කරනු ඇත.
රෝස පැහැති පොරොන්දු සහ දේශපාලන කථා, අර්ථවත් පොදු උපදේශනය සඳහා අසාර්ථක ප්‍රතිපත්ති ලෙස හැදින්විය හැකිය. කතුවරයා නැවත නැවත අවධාරණය කරන්නේ, බ්‍රසීලයේ ඩිජිටල් මහජන යටිතල පහසුකම් (Brazil’s digital public infrastructure) අත්දැකීම, ආණ්ඩුවේ සන්නිවේදනය (Government Communications) අසාර්ථක වීම නිසා දුස්ප්‍රචාරණ ව්‍යාපාර (Disinformation campaigns) ජනතා විශ්වාසය (Public Trust) ඛාදනය කළ ආකාරයයි. ඒ හරහා ඩිජිටල්කරණය අසාර්ථකත්වයට පත් විය. ශ්‍රී ලංකාව ද, සන්නිවේදනයේ හිස්භාවය (Communications Vacuum), ඉංග්‍රීසි පමණක් භාවිතා කිරීම සහ තාක්ෂණික-ක්‍රමානුකූල අපාරදෘශ්‍යතාව (Technocratic Opacity) හරහා මේ අසාර්ථකත්වය සෑම තැනක්ම අනුකරණය කරයි.
නමුත් අපේ සමාජ-ආර්ථික, සංස්කෘතික හා දේශපාලන යථාර්ථයන්ට අනුකූල ආචාරධර්මීය රාමුව, පක්ෂග්‍රාහීවීම විගණන යාන්ත්‍රණ, විනිවිදභාවය පිළිබද අවශ්‍යතා කිසිවක් වගකිවයුතු ව්‍යුහයන් අදාළ ප්‍රතිපත්ති ලේඛනවල නොපෙනේ.
දමිළ, මුස්ලිම් සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහිව පවතින ක්‍රමානුකූල වෙනස්කම් විශ්ලේෂණය කිරීමට AI සතුව ලේඛනගත විභවයක් ඇති, නමුත් ආරක්ෂක විධිවිධාන සම්පූර්ණයෙන්ම අස්ථානගත වී ඇති අතර සලකා බැලීම් සිදුකර නැත – මෙයින් පෙන්වන්නේ තාක්ෂණවේදීන්ගේ අවධානයට මූලික අයිතිවාසිකම් ආරක්ෂාව වැදගත් නොවන බවයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය (Divisional Secretariat Digitalisation) සහ ඊ-ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය (e-Grama Niladhari Project) ක්‍රියාත්මක කිරීමේදී ආවේක්ෂණ/නිරීක්ෂණ යටිතල පහසුකම් (Surveillance Infrastructure) පිළිබඳ සැලකිලිමත් නොවීම දැඩි කනස්සල්ලක් ඇති කරයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල (Divisional Secretariats) උප්පැන්න සහතිකය (Birth Certificates), අනන්‍යතා ලේඛන (Identity Documents), ඉඩම් ලේඛන (Land Rrecords) සහ සුභසාධන වැඩසටහන් (Welfare Programme Eligibility) මෙමගින් පාලනය කරයි. නමුත්, මෙම පද්ධති ජෛවමිතික අනන්‍යතාවය (Biometric Identification), ආදායම් තත්ත්වයන් ගේ තොරතුරු විමර්ශනය, පොලිස් දත්ත ගබඩා (Police Databases), බුද්ධි සේවා (Intelligence Services) වෙත සම්බන්ධ වන දත්ත හුවමාරුව පිළිබද පියවරයන් (Data-Sharing Protocols) පැහැදිලි නොවේ. පුරවැසියන්ගේ දත්ත (Citizens’ Data) පද්ධති අතර ප්‍රවේශ වීම පාලනය කරන අනුමැති යාන්ත්‍රණ (Consent Mechanisms) නොමැත. සේවා සැපයීම (Service Delivery) වෙතින් පරිපූර්ණ ආවේක්ෂණය (Comprehensive Surveillance) වෙත කාර්යය විහිදීම (Function Creep) සීමා කරන නෛතික රාමුව නොමැත.
ග්‍රාම නිලධාරීන් (Grama Niladhari Officers) දත්ත ආරක්ෂණ වගකීම් (Data Protection Obligations), විශේෂයෙන්ම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) යටතේ, පිළිබඳ පුහුණුව ලබා දීම, විගණන යාන්ත්‍රණ (Audit Mechanisms) ඔවුන්ගේ සංවේදී තොරතුරු ප්‍රවේශය අධීක්ෂණය කිරීම, අවලංගු භාවිතයට දඬුවම් (Penalties for Misuse), සහ ප්‍රාදේශීය නිලධාරීන්ගේ (Local Officials) පක්ෂග්‍රාහී අරමුණු (Partisan Purposes) සඳහා පුරවැසි දත්ත බෙදා ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂක විධිවිධාන (Safeguards) නොමැත. දුම්රිය සේවා ඩිජිටල්කරණය (Railway Service Digitalisation) යටතේ මගීන් සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත් (Electronic Access Passes) හඳුන්වා දී ඇති අතර, ප්‍රවාහන ආවේක්ෂණ ව්‍යුහ (Transport Surveillance Architectures) පිළිබඳවද ඉන් ගැටළු ඇති කරයි. ගමන්-බිමන් පිළිබදව වන දත්ත (Travel Data) රදවා තබාගැනීම සඳහා ඇති කාලය (Retention Periods) සහ පුරවැසියන් ප්‍රවාහන සේවා භාවිතයෙන් ආවේක්ෂණයට ලක්වීම වැළැක්වීම සඳහා ඇති රාමු/ පද්ධති/ ආරක්ෂන ක්‍රියාවලීන් පිළිබදව පැහැදිලි සඳහනක් නැත.
සියලුම ඩිජිටල්කරණ ව්‍යාපෘතිවලට අයවැය තුළ වෙන්කිරීම් (Allocations), විදේශ තාක්ෂණික හවුල්කරුවන් වෙත යන මුදල් ප්‍රතිශතය සහ දේශීය හැකියාවන් වර්ධනය (Domestic Capacity Building) සඳහා යන මුදල් සැඟවී ඇත. එක් එක් වැඩසටහනට සම්බන්ධ විදේශ ආයතන (Foreign Entities), ඔවුන්ට ලැබෙන ශ්‍රී ලංකාවේ දත්ත (Sri Lankan Data) ප්‍රවේශය, සහ ඔවුන්ගේ මෙහෙයුම් පාලනය කරන නෛතික රාමුව පිළිබඳ විස්තර නොමැත. අයවැය කථාව යටතේ ඩිජිටල් ආර්ථික අධිකාරිය (Digital Economy Authority) සහ දත්ත ආරක්ෂණ අධිකාරිය (Data Protection Authority) පිහිටුවන නමුත්, දත්ත භාවිතායන් උල්ලංඝන කිරීම් පරීක්ෂා කිරීමේ බලතල (Powers to Investigate Violations), සාක්ෂි ලබා ගැනීම (Compel Testimony), දඬුවම් පැනවීම (Impose Penalties), සහ පුරවැසි ප්‍රතිචාරය (Citizen Redress) සපයන ස්වාධීන අධීක්ෂණ මණ්ඩල (Independent Oversight Body) නොමැත. ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන, බලාත්මක කිරීමේ බලතල (Enforcement Powers) සහිත වගකිවයුතු යාන්ත්‍රණය (Accountability Mechanism) කුමක්ද?, එම යාන්ත්‍රණයන් පිහිටුවනු ලබන්නේ, ජෛවමිතික දත්ත රැස් කිරීම (Biometric Data Collection) ආරම්භයට පෙර ද, නැතහොත් උල්ලංඝන කිරීම් වාර්තා වූ පසු ද?
උදාහරණයක් ලෙස, භාණ්ඩාගාර ආදායම (Treasury revenue) සහ වියදම් පද්ධතිය (Expenditure System) සියලු වියදම් ඒකක (Expenditure Units) වෙත පුළුල් කිරීම, ආණ්ඩු වියදම් (Government Spending) සම්පූර්ණ ආවේක්ෂණය සඳහා හැකියාව සලසයි. එය විපක්ෂයේ දේශපාලනඥයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික කර්මාන්තය (Private Industry), සිවිල් සමාජ සංවිධාන සහ ස්වාධීන මාධ්‍ය වේදිකා (Independent Media Platforms) දක්වා බලපෑම් විය හැකිය. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය පිළිබද ඉදිරිපත් කිරීම්ද, ජාත්‍යන්තරය තුළ හොඳම ක්‍රියාමාර්ග (International Best Practices) නොසලකා හරින බව පෙන්වයි. Freedom Online Coalition සංවිධානය 2025 ඔක්තෝබර් මාසයේදී මානව අයිතිවාසිකම් රාමු මත පිහිටා, ඩිජිටල් මහජන යටිතල පහසුකම් (Digital Public Infrastructure) සඳහා මූලධර්ම පිළිබද ප්‍රකාශයක් නිකුත් කළේය. එම මූලධර්ම තාක්ෂණ සංවර්ධනයේදී මානව අයිතිවාසිකම්වලට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව, සියලු දෙනාට බාධාවකින් තොරව ඩිජිටල් සේවා ලබා ගැනීමේ හැකියාව සහතික කළ යුතු බව, පෞද්ගලිකත්ව ආරක්ෂක (Privacy Protections) සහ විනිවිදභාවය තහවුරු කළ යුතු බව එම ප්‍රකාශය අවධාරණය කර සිටියේ ය. පද්ධති ක්‍රියාත්මක වීම සහ දත්ත රැස් කිරීමේ විනිවිදභාවය, තිරසාර හා ප්‍රතිශක්තිමත් යටිතල පහසුකම් (Sustainable and Resilient Infrastructure), සහ සිවිල් සමාජය සහ බලපෑමට ලක්වූ ප්‍රජාවන් (Affected Communities) තීරණ ගැනීමේදී ඇතුළත් කරන සහයෝගී ප්‍රවේශන් (Collaborative Approaches) අත්‍යවශ්‍ය බව ද එහිදී අවධාරණය කරයි. රටවල් 27ක් එම ප්‍රකාශයට අත්සන් තැබූ අතර, දුර්වල ලෙස සැලසුම් කරන ලද ඩිජිටල් යටිතල පහසුකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ සාකච්ඡා ඇතුළත්කිරීම්වලට එල්ල කරන අවදානම් පිළිබඳ පොදු කනස්සල්ල ඇඟවීය.
නමුත්, ජනාධිපති විසින් 2026 අයවැය කථාව තුළ පොරොන්දු දුන්, යෝජනා කළ, ප්‍රචාරය කළ ඩිජිටල්කරණය මෙම මූලධර්ම පද්ධතිමය ලෙස උල්ලංඝනය කරයි. රහස්‍යභාවය, අධීක්ෂණ නොමැතිවීම, සහන යාන්ත්‍රණ (Redress Mechanisms) නොමැතිවීම, දත්ත ආරක්ෂක විධිවිධාන (Data Protection Safeguards) අඩු වීම, අධිකරණ අධීක්ෂණය (Judicial Sversight) නොමැති ආවේක්ෂණ ව්‍යුහය (Surveillance Architecture), භාෂාමය බහිෂ්කරණය (Linguistic Exclusion), තාක්ෂණය පමණක් ප්‍රමුඛ කරමින් මානව අයිතිවාසිකම් නොසලකා හරින ආකාරය, අර්ථවත් පොදු උපදේශන (Public Consultation) නොමැතිවීම, වැසුණු තීරණ ගැනීම, අයිතිවාසිකම් රාමූ නොමැතිවීම, ප්‍රසම්පාදනය (Procurement) සහ Vendor lock-in යන අවදානම් පැහැදිලි නොවීම මෙයට උදාහරණ වේ.
2025 මාර්තු මස දී සිවිල් සමාජ සංවිධානවල විවෘත ලිපිය – ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා එකතුව’ විසින් ලියූ – ඩිජිටල්කරණයේ රහස්‍යභාවය, මාර්ගගත හානි නියාමනයන්, මාධ්‍ය නිදහස සහ පෞද්ගලිකත්වය ඇතුලු තත්ත්වයන් පිළිබඳ කනස්සල්ල සහ ඊ-එන්අයිසී යටිතල පහසුකම්වල ඉන්දියාවේ භූමිකාව, දත්ත ආරක්ෂණ රාමුව, විදේශ ප්‍රවේශය සහ ආවේක්ෂණය, ආරක්ෂක විධිවිධාන පිළිබඳ විමසමින් විවෘත ලිපියක් ආණ්ඩුවට ඉදිරිපත් කළත්, ඒවාට පිළිතුරු නොදක්වා ආණ්ඩුව ඉදිරියට යයි.
ඩිජිටල්කරණය සම්බන්ධ තාක්ෂණික සංකීර්ණතාවය, විවිධ කථා, වැඩසටහන්, ව්‍යාපෘති, ප්‍රවර්ධන, ආයතන පිළිබදව ඇති නොපැහැදිලි තත්ත්වයන් නිසා බිය හා අඳුරු බවක් ඇති කරයි – නමුත් මූලික ප්‍රශ්න පැහැදිලිව ඇත. පුරවැසියන්ට ජෛවමිතික සත්‍යාපන නීති (Biometric Authentication Protocols) තේරුම් නොගන්නා වුවද, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු පාලනය කරන රහස් ගිවිසුම් (Secret Agreements) ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම (Democratic Principles) උල්ලංඝනය කරන බවක් තේරුම්ගන්නට හැකියාවක් ඇත. පාර්ලිමේන්තුව විසින්, විනිවිදභාවය, ආරක්ෂක විධිවිධාන, අධීක්ෂණය (Oversight), සහ අර්ථවත් පොදු උපදේශන නොමැතිව, ස්ථිර ආවේක්ෂණ හැකියාවන් (Permanent Surveillance Capabilities) ඇති කරන ඩිජිටල් මහජන යටිතල පදනම් (DPI foundations) සඳහා බිලියන ගණනක අයවැය අනුමත කළ යුතු ද යන්න දැන් තීරණය කළ යුතුය.
මේවා නොසලකා හැරිය හැකි ප්‍රශ්න නොවේ. අපගේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය වඩාත් සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට අයිතිවාසිකම් පදනම් කරගත් ඩිජිටල්කරණ ව්‍යුහයන් අතිශයින්ම අවශ්‍ය වේ. නමුත් අද පවතින ආකාරයට ඩිජිටල්කරණයේ මූලධර්ම, ආයුධකරණය සඳහා කලබලකාරී, පුලුල්ව පැතිරුණු, ස්ථීර නිරීක්ෂණ ව්‍යුහයන් නිර්මාණය කිරීමේ අවදානමක් පවතී.
මෙය අවාසනාවන්ත වන අතර, මෙය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයට සහාය වීමට කැමති කලාපීය හවුල්කරුවන් ඇතුළු විදේශීය හවුල්කරුවන්ගේ දායකත්වය මෙයින් දුර්වල කරයි.
විශේෂයෙන්ම 2022 අරගලයේ ‘පද්ධති වෙනසක්'(System Change) සඳහා වූ පැහැදිලි ඉල්ලීමෙන් පසුව, අයිතිවාසිකම් පදනම් කරගත් රාමු සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති පුද්ගලික පොරොන්දු, පක්ෂග්‍රාහී බැඳීම් සහ තාවකාලිකව බලයේ සිටින විශේෂිත පුද්ගලයන් කෙරෙහි වන ප්‍රේමයෙන් ඔබ්බට යාම වැදගත් වේ. පාරදෘශ්‍යතාව, අයිතිවාසිකම් සහ වගවීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට ආණ්ඩුව කැපවී සිටිය යුතු අතර, රටට ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ සැබවින්ම අත්කරගැනීමට තවත් බොහෝ දේ කළ යුතු බව වටහාගත යුතුය.
[*ආචාර්ය සංජන හත්තොටුව විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද https://sanjanah.wordpress.com/2025/11/12/digitalisation-in-2026-budget-a-trojan-horse-for-a-surveillance-state-or-vital-foundation-for-democratic-governance/ ලිපියේ සිංහල අනුවාදය ‘විකල්ප’ වෙබ් අඩවිය විසින් වන අතර, සිංහල ලිපිය පරිශීලනය කිරීමේදී තාක්ෂණික වචන ඇතුලු කරුණු පිළිබද කිසියම් ව්‍යාකූල තත්ත්වයක් පැනනැගුනහොත් කරුණාකර ඉංග්‍රීසි බසින් ඇති මුල් ලිපිය පරිශීලනය කරනමෙන් පාඨක ඔබෙන් ඉල්ලා සිටිමු.]
ආචාර්ය සංජන හත්තෝටුව | Dr. Sanjana Hattotuwa