සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

‛‛මට මගේ දරුවා වැළඳගන්න ඕන. මට මගේ දරුවා සිප ගන්නට ඕන.’’ අතුරුදහන් වූ තම දරුවා සොයා එන මවක්

‛‛මගේ දරුවා අතුරුදහන් වෙනකොට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ වෙනකොට එයා ඉගෙන ගත්තේ 10වසරේ. 2007 දී ඇති වුනු යුද්ධයත් එක්කම අපි මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශවල අවතැන් වෙලා හිටියා. ඊට පස්සේ අපි ලංකාවේ හමුදා පාලන ප්‍රදේශයට ආවා. ඒ අවස්ථාවේ දී හමුදාව විසින් අපව වට කරගෙන වෙනත් ප්‍රදේශ වලට ඒකරගෙන ආවා. ඒ අවස්ථාවේදී තමා මගේ දරුවා අතුරුදහන් උනේ. සමහර අය මට කිවුවා කලාප අංක 4 දී මගේ දරුවා දැකලා තියනවා කියලා. ඊට පස්සේ අපි හැමතැනම ගිහිල්ලා මගේ දරුවා මම හෙව්වා. නමුත් අපට එයාව හොයාගන්න හම්බ උනේ නෑ. ඒවාගේම විවිධ තැන්වලට ගිහිල්ලා මේ ගැන කිව්වා. පැමිණිලි කලා. නමුත් අද වෙනතුරත් කිසිම තොරතුරක් අපිට ලැබුන්නේ නෑ. ඒ ගිය හැම තැනදීම අපට හම්බ උනේ වේදනාව සහ කඳුඑ විතරයි.

මගෙත් එක්ක අද මෙතනට 10දෙනෙක් විතර ඇවිල්ලා ඉන්නවා. ඒ හැම දෙනෙකුගේම තත්වය ඒ වගේමයි. ඒ වගේම අද මෙතන ඉන්න යාපනේ සහ මඩකලපුව වැනි ප්‍රදේශවල අයගේ දරුවන් සහ ස්වාමිපුරරෂයින් අදවනතුරුත් අතුරුදහන්වෙලා තියනවා. මම කියනවා මගේ දරුවා හොයා ගන්න මට අවස්ථාවක් ලබා දෙන්න. කොහේ හරි ඉන්නවානම් කියන්න, මගේ දරුවා හොයා ගන්න. මට මගේ දරුවා වැළඳගන්න ඕන. මට මගේ දරුවා සිප ගන්නට ඕන. ඒ අසාවෙන් මම අද ජීවත් වෙන්නේ. මට ඒකට අවස්ථාවක් ලබා දෙන්න. ඒ වේදනාව අඩු කරන්න, තුනී කරන්නට ඔබට පුවන්නම් ඒකට උදව් කරන්න. දැන් මට අඬන්න බෑ. මගේ ඇස්වල කඳුලු නෑ. අඬලා අඬලා කඳුඑ ඉවරයි. අපි දැන් මහන්සිවෙලා හම්බ කරත් ඒ හම්බකරපු දෙයින් කන්න බැරිවෙලා තියනවා. රජය සහ අනිත් අය අපගේ දරුවන් හොයා දෙන්න උදව් කරන්න. මට ඔවුන් බලන්නට ඕන. මට තව දුරටත් කතා කරන්න බෑ. මට අඬන්න දැන් ශක්තිය නෑ. ඒ හින්දා ඔබ උදව් කරන්න අපේ දරුවන් හොයාගන්න. ස්තූතියි.’’

ඒ මන්නාරමේ පදිංචි රාමතිලී කොනේශ්වරීගේ හැඟුම් බර කතාවේ සිංහල අදහසයි. මේ අම්මාගේ කතාව ඇය ප්‍රකාශ කළේ පසුගිය 27 වනදා අතුරුදහන්වූවන් සැමරීමේ වැඩසටහනේ දීය. ඒ සීදුව රද්දොලුව අතරුදහන් වූවන් සිහි කිරීම උදෙසා තනා ඇති ස්මාරකය අසල ය. මේ වැඩසටහන සඳහා මන්නාරම, මඩකලපුව සහ යාපනය වැනි ප්‍රදේශ වලින් අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් විශාල පිරිසක් පැමිණ සිටිය අතර ඒ සියලු දෙනාගේ අත්දැකීම ද රාමතිලීගේ කතාව මෙන්ම විය.

රාමතීලි මෙන්ම, දකුණේදී අතුරුදහන් වුනු තම සමීපතමයින් කවදාහෝ එනු ඇතැයි මඟ බලා සිටින අම්මාවරුන්, පියවරුන් සහ දරුවන් තවමත් රද්දොලුව අතුරුදහන් වූවන්ගේ සිහිවටනයට මල් පුදන්නේ ඒ ඔවුන් නැවත එනු ඇතැයි යන බලාපොරොත්තුවත් සමඟම ය. ඔව්න්ගේ ඇස්වලින් කඩා හැළෙන කඳුඑ නැවත නැවතත් පවසන්නේ බලාපොරොත්තුවත්, වේදනාවත් සහ මේ අපරාධ නැවත නැවතත් මේ සමාජයේ සිදු නොවේවා යන්න ය. ඒ අන් කිසිවක් නිසා නොව ඒ අතුරුදහන් වුනු තම සමීපතමයන්ට ඇති ආදරය නිසාවෙනි. නමුත් කරුමය නම් ඒ ආදරයේ උණුසුමත්, කඳුඑ වල වේදනාවත් අදත් අතුරුදහන් කරවන පාපතරයින්ගේ හදවතට නොදැනෙන්නේ උන්ගේ හදවත්ව නොගැහෙන නිසාය. ආදරය නොදැනෙන නිසාය. උන්ගේ ඇස්වල කඳුඑ නැති නිසාය.

මේ සමීපතමයන්ට හැමදාමත් මල් පුදන බලාපොරොත්තුවේත්, ආදරයේත් සංඛේතයේ එක් ගල් පුවරුවක මෙසේ සඳහන් කර තිබේ.
‛‛අතුරුදහන් වූ ඔබට
නම නොමැති
මේ මල් වඩම
සොහොනක් නොමැති ඔබටයි

ඔබේ පහස
ලද පොළාව
සොයාගත නොහැකි වූයෙන්
පාරක් අසල තැබූවෙමි
එම මල් වඩම

පාරක් අසල
එලෙසට
ඔබට සිහිවටන තැබූවාට
කමන්න’’
-බැසිල් ප්‍රනාන්දු