පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
අමාත්‍ය මහාචාර්‍ය පීරිස්, ජනාධිපති රාජපක්ෂ ලංඩනයේ දී මුහුණ පෑ අකරතැබ්බයෙන් පසු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කැඳවූ පුවත්පත් සාකච්ජාවක් අමතා මෙසේ ඇසුවේ ය: “බ්‍රිතාන්‍යයේ නගරයක දී යම් අදහසක් ප්‍රකාශ කිරීම වැළැක්වීම පිණිස ප්‍රජාවකට ජීවිත තර්ජන කිරීම, සක්‍රීය සහ ජවසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපේ ද?” එමගින් ඔහු කරුණු දෙකක් කියා සිටියේ ය. පළමුවැනිව බ්‍රිතානයයේ සක්‍රීය සහ ජවසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බව යි. දෙවනුව ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයට තර්ජනය කර ජනාධිපති රාජපක්ෂගේ අදහස් දැක්වීම වැළැක්වීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව යි.
සිය ස්ථාවරය පැහැදිළි කිරීම පිණිස අමාත්‍ය පීරිස් 1694 – 1778 අතරතුර ජීවත් වූ නිදහස් චින්තනයේ ප්‍රදීපස්ථම්භයක් වන ප්‍රංශ ජාතික දාර්ශනික වොල්ටෙයර් ගේ පරසිඳු කියමනක් ද ගෙනහැර දැක්වීය. : “ඔබ කියන එක වචනයක් සමඟ හෝ මම එකඟ නොවෙමි. එනමුත් ඔබට කීමට ඇති දේ කීමට ඔබට ඇති අයිතිය මගේ දිවිහිමියෙන් ආරක්ෂා කරමි”.
පුවත්පත් සාකච්ජාවේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේ දී බිබීසී සිංහල සේවය අමාත්‍ය පීරීස්ගෙන් මෙසේ ඇසුවේ ය. “ඔබ වොල්ටෙයර්ව උපුටා දැක්වූවා. ඒත් ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ වාර්තා කිරීමට විදේශ ජනමාධ්‍යවේදීන්ට අවසර දෙන්නේ නැහැ”. අමාත්‍ය පීරිස් මෙසේ පිළිතුරු දුන්නේ ය. “යුද්ධ පවතින රටවල යම් යම් සීමා කිරීම් පවතිනවා. අප අතීතය ගැන කතා කරල වැඩක් නැහැ. අප ජනාධිපති රාජපක්ෂගේ පණිවිඩය වන සාමකාමී සහජීවනයේ පණිවිඩය ගෙන යා යුතුයි.”
ජනාධිපති රාජපක්ෂ සඳහා බ්‍රිතාන්‍යයේ දී ඉල්ලා සිටි කතා කිරීමේ නිදහස ශ්‍රී ලංකාවේ දී ලබා නොදෙන බව විනාඩි ගණනාවක් තුළදී එළෙසින් පිළිගැනීමට අමාත්‍ය පීරිස්ට සිදුවිය. එපමණක් නොවේ, එළෙස බ්‍රිතාන්‍යයේ දී හෝ ශ්‍රී ලංකාණ්ඩුවට විරුද්ධව අදහස් දැක්වීමේ නිදහස අමාත්‍ය පීරිස් නියෝජනය කරන රාජ්‍යය ලබා දීමට සූදානම් නැති බව ද ඉක්මනින්ම දැක ගන්නට ලැබුණි. ඒ ජනාධිපති රාජපක්ෂට හීත්‍රෝ ගුවන්තොටෙහි දී විරෝධය දැක්වූ පිරිස් කව්රුන්දැයි එම විරෝධතාවයේ වීඩියෝ පට නරඹා සොයා ගන්නා ලෙස ආරක්ෂ අමාත්‍යාංශය එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දීම මගිනි. මෙම පුවත ආරක්ෂක අමාත්‍යාංශයට ඉතා සමීප වාර්තාකරුවකු විසින් සිය ආරක්ෂ තත්ත්ව විග්‍රහයේ දී දක්වා තිබුණි. එළෙස හඳුනා ගැනෙන පිරිස් වත්මන් පාලනයේ ‛තහනම්’ ලැයිස්තුවට යනු ඇති බවට සැකයක් නැත. අදහස් දැක්වීමේ නිදහස් දිවිහිමයෙන් රැකීම ක්‍රියාවට නැගෙන රඟෟ
ඉන් දින පහකට පසු අමාත්‍ය පීරිස්ගේ ලිබරල් චින්තනයේ දෙපිටුකාට්ටුව හෙළිදරව් කැරුණේ ඊටත් වඩා භයානක ලෙස ය. ඒ දේශපාලන රුස්වීම් ගණනාවට සහභාගී වී නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය මගිනි. ඔහුට පහර දීම පිණිස වත්මන් පාලනයේ හෙංචයියන් රුසක් කැඳවා තිබුණි. මෙම පහර දීමට හේතුව වුයේ, ඇදහිය නොහැකි ලෙස පෙනී යා හැකි නමුත්, ආචාර්ය කරුණාරත්න, මහාචාර්ය පිරිස් විසින් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා සිටි කතා කිරීමේ අයිතියම බ්‍රිතාන්‍යයේ දී පාව්ච්චි කිරීම ය. රාජපක්ෂට තිබිය යුතු යැයි කියන අයිතිය වික්‍රමබාහුට අයිති නැත්ද?
ආචාර්‍ය වික්‍රමබාහු සිය දේශපාලන අදහස් කිසිදු අවස්ථාවක සඟවා නැත. මෙරට දෙමළ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය ඇති බව ඔහු පිළිගනී. වැඩ කරන ජනයාගේ පාලනයක් වෙනුවෙන් පෙනී සිටින දෘඩ සමාජවාදියකු වන ඔහු කිසිදා යුද්ධයට සහය දුන්නේ නැත. බ්‍රිතාන්‍යයේදීත් ශ්‍රී ලංකාවේදීත් ඔහු ප්‍රකාශ කරන අදහස් එකහා සමානය. වොල්ටෙයර් කියා සිටි පරිදි අප එකඟ වුවත් නැතත් එම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට ඔහුට අයිතිය තිබිය යුතුම ය.
මෙම නින්දිත ප්‍රහාරය අවස්ථාවෙහි ප්‍රහාරකයින් නොවැළක් වූ හෝ අත්අඩංගුවට නොගත් පොලීසියේ හැසිරීම විසින් පෙන්නුම් කළේ ආචාර්‍ය වික්‍රමබාහුට එල්ල කල ප්‍රහාරය සිතාමතා හොදින් සූදානම් කළ එකක් බව යි. එම අවස්ථාවේ දී ප්‍රහාරයට ලක්ව, වාසනාවටමෙන් ජීවිතය බේරුණු ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය සිය ලොමු දැහැ ගැන්වෙන අත්දැකීම එම වෙබ් අඩවියට ලියමින් කියා සිටියේ තමන් පසු පස පන්නා පැමිණි ප්‍රහාරකයින් තමන් මරා පුළුස්සා දැමිම පිණිස පෙට්‍රල් කෑන් දෙකක්ද රැගෙනවිත් තිබූ බවය.
එම වෙබ් අඩවියේම වාර්තාවන අන්දමට ‛රටට ද්‍රෝහීවන වික්‍රමබාහුලා ට දුටු තැන ගල් ගසන්නැයි සම්ප්‍රදායික හා කුඩා කර්මාන්ත අමාත්‍ය වීරකුමාර මහතා විද්‍යුත් නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.’
එපමණක් ද නොවේ. වොල්ටෙයර් උපුටා දැක් වූ අමාත්‍ය පීරිස්ගේ දේශපාලන සගයකුවන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සති අන්ත ලක්බිමනිව්ස් පුවත්පතට මෙසේ කියා තිබුණි : “කරුණාරත්නට පහර දුන්නේ ඔහුගේ පාවාදීම ගැන කේන්තියට පත් දේශප්‍රෙමී ජනතාව යි. මේ රටේ සාමාන්‍ය ජනයා පවා සිය දේශප්‍රෙමී යුතුකම බරපතල ලෙස ගනිමින් ද්‍රෝහීන්ට විරුද්ධව ක්‍රියා කිරීම මගේ සතුටට හේතුවක්. මම කියනවා අනාගතයේ දී දේශපාලනඥයින් වුවත් ජනමාධ්‍යවේදීන් වුවත් මේ රට පාවා දෙන ඕනෑම අයකුට මේ රටේ ජනතාව පහර දේවි. මෙම එයට කියන්නේ ජනතා බලය කියල යි. මේ රට සහ එහි නායකයා පාවා දෙන ඕනෑම අයෙකුට ජනයා වැඩේ දේවි”. හරියට 1983 දී දෙමළ ජනයාට වැඩේ දුන් පරිදිය. එදා ජේ.ආර්. කීවේ සිංහල ජනයාගේ සාධාරණ කෝපය කියා ය. අදත් ඇසෙන්නේ ඒ මරණිය වචනම නොවේ ද?
අහෝ ෟ අමාත්‍ය මහාචාර්‍ය පීරිස් ඔබ කොහිද? තමන් එකඟ නොවන අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය දිවි හිමියෙන් රැකිය යුතු බවට කියා සිටි අමාත්‍ය පීරිස් දැන් කටක් හැර මෙම ඝාතකයිනට එරෙහිව ආචාර්‍ය වික්‍රමබාහුගේ අයිතිය ආරක්ෂා නොකරන්නේ මන්ද? ශ්‍රී ලංකාවට සැපැත් වූ වහාම ඔහුගේ රාජ ඌෂ්නයෙන් දෙකොණම පූට්ටු වී ද? කතා කිරීමේ නිදහස් තිබිය යුත්තේ බ්‍රිතාන්‍යයේ පමණ ද? විරුද්ධ අදහස් දරන්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමත් අනතුරුව ඔව්න් ගල් ගසා මරා දැමන සේ ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමත් සාධාරණ කිරීමට මහා දාර්ශනික වෙල්ටෙයර්ගෙන් උපුටනයක් සොයා ගැනීමට නම් නොහැකි ය. එවැනි උපුටා දැක්වීමක් අවශ්‍ය නම් අමාත්‍ය පීරිස් දැන් පෙරළා බැලිය යුත්තේ නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ දාර්ශනිකයන් නොව භිෂණයේ සහ මරණයේ පාලකයින් ය. සමහරවිට බුරුමයෙන්, ඉරානයෙන් හෝ සිම්බාබ්වේ ආඥාදායකයින්ගෙන්.
අමාත්‍ය පීරිස් කළකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා පෙනී සිටි ශ්‍රාස්ත්‍රඥයකු විය. අද ඔහු විසින් විනාශ කිරීමට සහාය දෙමින් සිටින්නේ එළෙස කලකට පෙර ඔහු විසින් ද ශත්කිමත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ය. හරියටම වොල්ටෙයර් ද කියූ පරිදි “සෑම අඥාදායකයකුටම යහපත් ලක්ෂණයන්ගේ ජායාවක් තිබේ. නීති විනාශ කිරීමට පෙර ඔව්හු ඒවාට සහාය දෙති”. කොයිතරම් ගැලපීමක් ද?
වැඩකරන ජනයාගේ අයිතීන් වෙනුවෙන් කැප වූ ආචාර්‍ය වික්‍රමබාහු වැනි පිරිස් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඔව්න්ට විරුද්ධව ගෝලබාලයින් ලවා ප්‍රචණ්ඩත්වය මුදා හැරීම වොල්ටෙයර් දුටුවේ මෙසේ ය “අභුත කතා විශ්වාස කිරීමට ඔබ පෙළඹවීමට හැකියාව ඇති පිරිස් ඔබ ලවා අසාධාරණ දේ කරවති ”. ප්‍රථමයෙන් ද්‍රෝහියකු ලෙස එත්තු ගන්වනු ලැබේ. එවිට ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම ලෙහෙසිය.
වොල්ටෙයර්ගේ මෙම කියමන මහාචාර්‍ය පීරිස්ගේ හෘද සාක්ෂියට ඇමැතීමක් වේවාෟ “සෑම මනුෂයකුම තමා නොකළ යහපත් දේ වෙනුවෙන් වැරදි කරුවෙක් බවට පත්වෙයි.”