“අපේ ළමයි ඉන්නවා මහත්තයෝ. දන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා ඔයාගේ පුතාව අපි අහවල් තැනදි දැක්කා. නාන්න යනකොට ඔයගොල්ලොත් එන්න, සල්ලි ටිකක් අරගෙන. මම කිව්වා අපේ ගාව දෙන්න සල්ලි නැහැ. මම පොලීසියට ඔක්කොම දීලා තමයි තියෙන්නෙ. කවදා වුනොත් හරි අපේ පුතා එයි. එන දවසක අපි බලාගන්නන් කියාලා.”
“මගේ කඳුළු වගේ, මේ ඉන්න ඔක්කොම මව්වරුන්ගේ කඳුළු. මගෙ එකම පුතා, මගෙ පුතා තමයි මට බලන්න හිටියෙ. මට නම් පුතාව හිතලා හිතලා මම ලෙඩෙක් වෙලා දැන් ඉන්නෙ. කොහොම හරි මගෙ පුතාව මට බේරලා දෙන්න.”
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ ජනාධිපති කොමිසම විසින් 2011 ජනවාරි 08 සහ 09 දින මන්නාරම් දිස්ත්‍රික්කයේ පවත්වනු ලැබූ සාක්ෂි එක් රැස් කිරීමේ දී මන්නාරමේ රන්ජන් වර්ජිනියා ශාන්ති මහත්මිය, යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙර අතුරුදහන් වූ සිය පුත්‍රයා පිළිබඳ කොමිසමට මේ ආකාරයට කරුණු කියූ බව බී.බී.සිය 08 වන දා වාර්තා කරනු ලැබීය.
මෙහිදී කොමිසමේ නිළධාරියෙක් පවසා තිබුණේ “තමන් දන්නා සියළු තොරතුරු කොමිසමට සපයන ලෙසත්, මෙම තොරතුරු අනුව අතුරුදහන්වූවන් සොයා දීමට උත්සාහ ගන්නා බවත්, තොරතුරු වැඩි වැඩියෙන් සැපයීම අතුරුදහන්වූවන් සෙවීම සඳහා පහසු වන බවත්ය.”
එහි දී ටිරෝනියා නම් කාන්තාව ද කොමිසම ඉදිරියේ මෙසේ කියා සිටියේ. “එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ ජෝන් නැමැති තම ස්වාමියා යුධ හමුදාව විසින් බස් රථයක නංවාගෙන රැගෙන ගිය නමුත්, ඔහු මේ දක්වා පැමිණියේ නැති බවයි.”
“2009 මැයි මස 18 වෙනිදා එල්.ටී.ටීයේ හිටපු නායකයින් කිහිපදෙනෙකු සමග බස් රථයේ තමන්ගේ ස්වාමියා ද සිටි නමුත් මේ දක්වා ඒ කිසිදු පුද්ගලයෙකු ආපසු පැමිණ නැති බවත්, බසරථයේ සිටි පිරිස අතර එවකට එල්.ටී.ටී.ඊ යේ යාපනයේ නායකයා වූ ‛ඉලම්පරින්’ ද සිටිනු තමා දුටු බවත්” මේ කාන්තාව වැඩි දුරටත් ප්‍රකාශකළ බව බීබීසී ය වාර්තා කර තිබිණි.
“තම ස්වාමි පුරුෂයා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ඇය, තම ස්වාමිපුරුෂයා අතුරුදහන් වීම නිසා ළමයින් හතර දෙනෙකු සමග ඉතා දුක්ඛිත තත්වයක් ගත කරන බවද සාමය සාමය යනුවෙන් සැවොම කියා සිටියත් තමන්ට සාමයක් හෝ සතුටක් නොමැති බව ද” කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමේ දී ටිරෝනියා කියා සිටිබව බී.බී.සීය පවසයි.
සංස්කාරක සටහන
ජනාධිපති කොමිසමේ නිළධාරීන් එහිදී ප්‍රනාශ කර තිබුණේ, “තමන් දන්නා සියළු තොරතුරු කොමිසමට සපයන ලෙසත්, මෙම තොරතුරු අනුව අතුරුදහන්වූවන් සොයා දීමට උත්සාහ ගන්නා බවත්, තොරතුරු වැඩි වැඩියෙන් සැපයීම අතුරුදහන්වූවන් සෙවීම සඳහා පහසු වන බවත්ය.” මෙවැන්නක් වුවත් යුද්ධය පැවති වසර ගණනාවේම සහ අනිකුත් දේශපාලන කාරණා මත ලංකාවේ අතුරැදහන් වීම් තවමත් සිදුවෙයි. ඒ බව සනාථ කිරීමට සෑම වසරක් පාසාම මීගමුවේ රද්දොලුවේ පිහිටි අතුරැදහන් වූවන්ගේ සිහිවටනය අසලට සෑම වසරකම පැමිණෙන මිනිසුන් සහ ගැහැනුන් ප්‍රමාණය කොමිසම කියන මෙවන් දේ විශ්වාස කරාවිද..!
මේ 2010 ඔක්තෝබර් 27 අතුරැදහන් වූවන් සිහිකිරීමට එම ස්මාරකය අසලට පැමිණි මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ කදුඑ..