ළමයා මිනිසාගේ පියාය. හඳයාගේ තොරාගැනිම අපුරුය. ඔහු ‘මෙි මගේ සඳයි’ , ‘තනි තටුවෙන් පියාඹන්න’ තුළින් ලාංකීය සමාජයට කියාදෙන්නට, එහි නිදහසට ප්‍රමුඛත්වය දෙන තත්වයක් ඇති කිරමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත. ඔහු බැරිම තැන විදුව එනමි ළමයෙක් මහා ගසකට නංවා කතා කරන්නේ එදා අසාර්ථක වු ඒ උත්සාහයයි. එනමි මානව හිමිකමි සහ නිදහසයි.
එදා නොසිටි පිරිසක් අද ඔනෑවටත් වඩා හඳයාගේ ‘විදු’ පිරිවරා සිටිති. එහෙත් ඔවුන් කොතෙක් දුරට එහි කියවෙන ගැඹුරු මානව හිමිකමි සහ නිදහස අවබෝධ කරගනිද? නැතිනමි තම ළමුන්ද ‘විදු’ මෙන් ඉගෙන ගෙන විරයෙක් වියයුතුයි යන මතුපිට පමණක් ස්පර්ශ කරයිද?
අප වහලුන් නොවෙයි නමි අපට වටිනාකමක් තිබිය යුතුය. අපට වටිනාකමක් ඇතයි යන්න මත පමණක් අපට අභිමානයක් ඇතිවෙයි. ආත්ම ගරුත්වයක් ඇතිවෙයි. ඒ වටිනාකම, දේශපාලන බලය සහ ධනය අභියස දනින් නොවැටි සිටිමට අපව හුරුකරවයි. ගහන්න ගහන්න වැටිමට නොව ධෛර්ය සමිපන්නව නැගි සිටිමට අවශ්‍යය ශක්තිය ලබා දෙයි.
වටිනාකම යන්නට පුලුල් අර්ථයක් ඇත. මා එය දකින්නේ නිදහස ලෙසයි.
උප්පැන්න සහතිකය අපේ පෙළපතයි. අපේ දේපලයි. පාසැල් යන්නේ දේපල බෙදා ගන්නටද? නඩු හබ කියන්නට ඉගෙන ගන්නටද? විදුගේ අමිමා උප්පැන්න සහතිකයට අකමැතිය. ඇය ඊටත් වඩා තම දරුවා අවජාතකයකු ලෙස ලාංකිය සමාජයට හුරුපුරුදු ගැරහුමට අකමැතිය.
ළමයා නැමති පියා එනමි ‘විදු’ ඉතා අපුරුවට මානව හිමිකමි පිළිබද දැනුවත් කිරිමේ සිවිල් සමාජ භුමිකාව ඉතා හොදින් කරයි. එයට හඳයාට තුති. නමුත් සාර්ථක අවසන් ප්‍රතිඵලය සදහා සමාජයේ ‘විදු’ ගැන බුද්ධිමත් කතිකාවක් ඇති විය යුතුය.
හර්ෂි සී පෙරේරා