ඔහු නමින් ඒ.ක්‍රිෂ්ණසාමිය. පුත්තලම, වනාතවිල්ලුව, නවය කණුව, කරඩිපුව ඔහුගේ ගමයි. පනස් හැවිරිදි ක්‍රිෂ්ණසාමි අක්කර පන්සීයක් විශාල පුත්තලම කාසමඩු රජයේ ගොවිපලේ කම්කරුවෙක්.
ගොව්පලේ ගැල්කරුවෙකු ලෙස සේවය කරන ඔහුට එම ගැලෙහි බඳින ගොනකු ඇනිමෙන් සුසුම්නාවට බරපතල ලෙස හානි සිදු වී පළමුව වනාතවිල්ලුව දිසා රෝහලට ඇතුළත් කර ඉන්පසුව පුත්තලම හා හලාවත රෝහල් වලට මාරුකර යවා එදිනම කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇත. දැන් ඔහු එහි හදිසි අනතුරු අංශයේ 54 වැනි වාට්ටුවේ මාගේ ඇඳට සමීප ඇඳෙහි අසරණව වැතිරී සිටී. මේවන විට ඔහු රෝහල් ගතවී මාස දෙකකුත් දින දහයක් ඉක්මවා ඇත. නමුත් ඔහුගේ පවුලේ කිසිවෙකුත් මේ වන තුරුම ඔහු බැලීමට පැමිණ නැත. ඔබ බලන්නට පවුලේ කිසිවෙකු නොපැමිණියේ මන්දැයි? මම ක්‍රිෂ්ණසාමි ගෙන් ඇසිමි. එයාලට ‛‛අයඩින්ටි‛‛නැහැ ඒ නිසා එයාල කොළඹ එන්න බයයි. ඔහු කියයි.
අද පවතින යුදමය වාතාවරණය යටතේ දෙමළ ජාතිකයෙකුට සංචාරය ඉතාම අනතුරුදායකය. හැදුනුම්පතක් නැති, කොළඹ නගරයට කිසිදා නොපැමිණි නූගත් දෙමළ ස්ත්‍රියකට කොළඹ පැමිණිම කොතරම් භිය දනවන ක්‍රියාවක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
ක්රිෂ්ණසාමිට දූවරුන් හත් දෙනෙකි. ඔහුවූ සියළුම දෙනා විවහ වී සිටින අතර දෛනික කුලී වැඩ වල යෙදෙති. ඔවුන් ගේ ගමේ සිට පුත්තලම නගරය දක්වා පැමිණෙන මඟෙහිද ආරක්ෂක හමුදා මාර්ග බාධක හතරක් ඇති බව ක්‍රිෂ්ණසාමි කියය.ි එබැවින් ඔවුන් අත්‍යාවශ්‍ය වූ විටෙක පමණක් පුත්තලමට හෝ වනාතවිල්ලුව නගර වලට පැමිණේ. ඒ ද ඉහත මාර්ගයේ නොව වෙනත් දීර්ඝ අතුරු මාර්ග ඔස්සේය. ක්රිෂ්ණසාමිගේ බාල දුව කේ ශාන්තිය, බිරිද කාලිඅම්මාය. ඇය ලුණු ඇසුරුම් කරන ව්‍යාපාරික ආයතනයක දවස් පඩියට වැඩ කරන බව ක්‍රිෂ්ණසාමි කියයි.
ක්‍රිෂ්ණසාමි අත වූ කුඩා කොලකැබැල්ලක ජංගම දුරකථන අංක දෙකක් තිබිණි. ඒ ඔහු වැඩ කල වත්තේ මහත්වරුන් දෙපළකගේය. මම ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදී ක්රිෂ්ණසාමිගේ පවුලේ කෙනෙකු ඔහු බැලීමට රැගෙන එන්නැයි ඉල්ලා සිටියෙමි. ඔහු ඉතා ඇල්මැරුනු හා මන්දෝත්සාහි හඬකින් ‛‛හා‛‛ යැයි කීය. එහෙත් ඔහු කිසිදිනෙක ඒ සඳහා ඉදිරපත් නොවන බව ඒ හඬතුළ ගැබ් වී තිබූ බව නම් ඒකාන්තය. හැඳුනුම්පතක් නැති සිංහල කතා කිරීමට නොහැකි දෙමළ කාන්තාවක් කොළඹට රැගෙන ඒමේ අනතුර භාර ගැනීමට ඔහු ඉදිරිපත් නොවනු ඇත. අද පවතින යුදමය වාතාවරණය යටතේ ක්රිෂණසාමිගේ ඥාතීන්ට ඔවුන්ගේ ගම්මානය එළිමහන් සිරකඳවුරක් බවට පත්ව ඇති සේය.
කිසියම් මෙහොතක පවුලේ කෙනෙකු තමා බැලීමට පැමිණෙතැයි අපේක්ෂාවෙන් දැල්වුනු ක්රිෂණසාමිගේ දෑස් වාටිටුවේ දොරටුව වෙත යොමු වී තිබේ. ඒ තම බිරිඳගේ හෝ දරුවෙකුගේ අතින් වතුර උගුරක් හෝ බීමේ නොනිත් අපේක්ෂවෙනි. නමුත් මෙම වාට්ටුවේ හෙදියන් හා සාත්තු සේවකයින් ඔහු කෙරෙහි බොහෝ දයාවෙන් සාත්තු කරයි.
එහෙත් පවුලේ කෙනෙකු දැකීමේ අපේක්ෂාවෙන් දැල්වී ඇති ක්රිෂ්ණසාමිගේ දෑස් හෙට සදහටම පිය වී යනු ඇත. නමුත් ඔහුට අවසන් බුහුමන් දැක්වීමට හෝ පවුලේ අයට අවස්ථාව ලැබෙනු ඇතිදැයි සැකසහිතය. ඒ ක්රිෂ්ණසාමිද ඔහුගේ දූ දරුවන්ද දෙමළ හා දුප්පතුන් ලෙස මේ මහ පොළව මත උපත ලබා තිබීම නිසාය
සුනිල් කහගල්ල
කොළඹ ජාතික රෝහලේ 54 වැනි වාට්ටුවේ සිට
15 12 2008