මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන් බවට පත්වි ඇත්තේය.
දමිළයන්ගේ සිරුරු පසාරු කරමින් ගිණි උණ්ඩ විදිනා විටල දමිළ හිස් කඳින් වෙන්කොට දමා වගුරු බිම් තුළ ඔබා හරින විට, අත්පා සිඳලමින් දෙතිස් වධයට පමුණුවමින් වාධකාගාරවලට ගාල් කොට මරාදමන විට, නූපන් දරු පැටවුන් කුස හොවාගෙන සිටිනා ගැබ්බර මව්වරුන්ගේ සිට කණ වැල අල්ලමින් ඇවිද ගිය මහල්ලන් දක්වා දස දහස් ගණනක් මිනිසුන් ළමා ළපටියන් අමු අමුවේම මරා දමනා විට, ඒ රණකාමී පුතුන් ගේ මව්පියවරුන් මහත් වු අභිමානයෙන් යුක්තව සිනාසුන. ෂෙල් වෙඩි පහරින් පණ බේරා ගැනිමට හිස් ලුලු අත දිවයන දමිළ යුවතියන් ට ලකාන්තාවන් ට ගිනි බට උලුක් කොට තම නොසිදුනු කාමාශාවන් සන්සිඳවා ගන්නා රණකාමි ස්වකීය සොහොයුරන්, ස්වාමිවරුන් නිවාඩුවට ගමට පැමිණෙන විට පෙර මගට ගොස් පිළිගෙන ඔවුන් වීරත්වයෙන් පුදන්නට දකුණේ සොයුරියන් අමතක නොකළහ.
පන්සල්වල උදේ සවස ඝාණ්ඨාර නාද නැගුණේ උතුරුකරය ජයගන්නට දිවි පුදා සටන් වදින කොලු පැටවුන්ට යෝධබල ශක්තිය ලබාදෙනු වස්ය. බුදු පුතුන්යැයි කියාගන්නා චිවරධාරින් රට රකින්නට යුධ බිමට යන වීර පුත්වරුන්ගේ ජිවිතාරක්ෂාව පතා පිරිත් නූල් ගැට ගැසුවේ තව තවත් දමිළයන් පොළවට පස්කරන්නට දිරිය ශක්තිය ලැබේවායැයි අශීර්වාද කරමිනි.
දකුණේ වැඩබිම්වල කම්හල්වල සොච්චම් වැටුපට දහඩිය වගුරන සොයුරු ලසොයුරියන් තම පඩිපත රණවිරු සොයුරන්ගේ සුබසාධනය වෙනුවෙන් නිර්ලෝභීව පුදකරලුයේ ය. උපාධියට නිසි රැකියාවක් ඉල්ලමින් කොළඔ පෙළපාලි යන විට කඳුලු ගෑස්ල රබර් උණ්ඩ, පොලු පහරවල් කොතෙක් වැදුන ද අටේ පන්තිය පවා සමත් නැති සෙබළ සොයුරන් ගේ බූට් සපත්තු පහරවල් හෙණ ගෙඩි මෙන් හිස් මතට පතිත වුනද කිසිවකුත් ඔවුන් හා විරසක නොවුනේ ය. ඔවුනට රටම ආදරය කළේය.
එදා වේල සරිකර ගන්නට ගිනි කාස්ටක අව්වේ පදික වෙළදාමේ යෙදෙන විට හිටි ගමන් කඩාපනිමින් බඩු පොදිත් සමගම කුදලාගෙන ගියද පොලිසියේත් හමුදාවේත් අයියලා මල්ලිලාට කවදත් ඔවුන් හිතවත්ය. ඒ නිසාම රණවිරුවෝ නමින් බැනර් දමන්නටත් කොඩි වැල් දමන්නටත් උතුරු නැගෙනහිර දෙමළ ගම්මාන පොඩි පට්ටම් කරන විට රතිඤ්ඤා දමන්නටත් ඕනෑතරම් පිරිස් දකුණේ සිටියහ.
අවසානයේ ජාතියක් අලු දුහුවිලි බවට පත්කොට උන්ගේ කණකර ආභරණ පමණක් නොව වළන් කෑලි පැදුරු කඩමාලු ටිකත් හොරා ගන්නා විට, මිය ගිය වුවන්ගේන්ද පළිගනු වස් සොහොන් පිටි පවා බුල්ඩෝසර්කර හරිමින් ඒ මත පන්සල් බුදු පිළිම තබමින් කෲරත්වය විදහාලන විට පදික වෙළෙන්දාගේ සිට රාජ්‍යය නායකයා දක්වා සියල්ලන්ම එකාවන්ව ඒ සියල්ල අනුමත කරමින් ඒවා සාධාරණිය කරමින් ඒවාට එරෙහි වන්නන් දේශද්‍රෝහින් හා පාවා දෙන්නන් ලෙස හැඳින්වුයේය.
උතුරු නැගෙනහිර වනසා දමන විට ආලින්දයේ රූපවාහිනිය අද්දර හිදිමින් අත්පුඩි තැලු සමාජයකට අද දවසේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?. පෙර උතුරට හැරවී තිබු බයිනෙත්තුව අද දකුණට හැරි තිබුණද, රාජ්‍ය අනුග්‍රහයෙන් මිලිටරි භීෂණය උපරිමයෙන් දොරේ ගලා ගියද, කම්හල් වැඩබිම් වසා දමමින් කම්කරුවන් මරා දමමින් ලසිසු අයිතින් කප්පාදු කරමින්, නීතියත් යුක්තියත් අධිකරණයත් විනිසුරෝත් පාලකයන්ගේ අතවැසියන් බවට පත්කර ගනිමින් සිටිය ද දකුණේ සමාජය තවමත් නිද්‍රාශිලිය.
සාගින්දර, විරැකියාවල සමාජ අසහනය කොතෙක්ද? වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් හෝමාගම ප්‍රදේශයේ පැවති ජනරැළියකදි එක් වයෝවෘද්ධ මාතාවක් මහත් වු උද්යෝගයෙන් යුතුව දෑත් හිස්මත තබමින් කියා සිටියේ කුමක්ද? ‛‛ජනාධිපතිතුමනි ඔබතුමා යුද්ධය දිනන්න අපි බඩගින්න උහුලා ගන්නම් ’’කියා නොවේද ?.
අද වන විට ඒ බඩගින්නේ, සාගතයේ තරම කොතෙක්ද? දුගීභාවයේ අන්තයටම මුලු රටම තල්ලුවි ගොස් අවසන්ය. දෙමළ සංහාරයේ පළමු ජයපානෝත්සවය සමරා අවසන් වන විට එනම් 2010 මැයි මාසය වන විට ශ්‍රි ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව උද්ධමනය 8.8% කි. එයම 2011 මැයි වන විට 6.9% කි. ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තයනට අනුව 2011 අප්‍රේල් මාසය වන විට දරිද්‍රතාවය 8.9% කි. 2011 අප්‍රේල් මාසය සඳහා වන ජාතික මට්ටමේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 3321 කි.
වාර්ෂිකව දැයට කිරුළ ප්‍රදර්ශන පවත්වමින් ජන ඝාතණයක වීරත්වය පාසල් දරුවන්ගේ හිස් ගෙඩි වලට පුරවන ආණ්ඩුවේම වාර්තාවන්ට අනුව 2009 වර්ෂයේදි වයස අවුරුදු 15 අඩු දරුවන් තිදෙනෙකු මන්දපෝෂණ රකුසාට ගොදුරුව මියගොස් ඇතග 2011 පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ දත්තයන්ට අනුව වයස අවුරුදු 15 ට අඩු පාසල් දරුවන්ගෙන් කෘෂ බව නොහොත් උසට සරිලන බර නොමැති වීමේ ප්‍රතිශතය 1වන ශ්‍රේණීය 13 .39% කි. 4, 7, 10 ශ්‍රේණීවල පිළිවෙලින් ප්‍රතිශතය සියයටi13.36, 22.92 ,17.18 කි. ජනවිද්‍යාත්මක හා සෞඛ්‍ය සමික්ෂණයට අනුව වයස අවුරුදු 15 ට අඩු ළමා ජනගහනයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන සමස්ත ප්‍රතිශතය 25.4 %කි. වෛද්‍ය පරියේෂණායතනයේ 2010 සංගණනයට අනුව වයස අවුරුදු 12ත් 13ත් අතර දරුවන්ගේ පෝෂණ ඌණතාවය නීරක්තිය සියයට 22 කි.
එසේම 2010 අවසන් වන විට ශ්‍රි ලංකාවේ අඩු උපත් බර නැමති මන්දපෝෂණ තත්ත්වය සහිත දරුවන්ගේ මුලු ප්‍රතිශතය සියයට 16.6 කි. ආහාර පමණක් නොව බීමට දිය පොදක් පවා නොදි මරණයට කැපකල උතුරු නැගෙනහිර පළාතේ තත්ත්වය කෙබඳුද? 2010 අවසන් වන විට නැගෙනහිර පළාතේ මන්දපෝෂණයෙන් පෙලුණු ගර්භණි මව්වරුන්ගේ ප්‍රතිශතය සියයට 29.6 කි. උතුරු පළාතේ එයම සියයට 14.8 කි. මේ සියල්ල විදේශගත දේශද්‍රෝහින් රටට වින කරන්නට හෙළිකල තොරතුරු නොව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යය ලලිත් දිසානායක පාර්ලිමේන්තුවේ සභාගත කළ තොරතුරුය.
සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මෙහෙය වනු ලැබු සමීක්ෂණයක් උපුටා දක්වමින් ආණ්ඩුවේ ඩේලි නිවුස් පුවත් පත 2010 මැයි 29 දින වාර්තා කලේ කුමක්ද? 2010 අවසන් වන විට මුලු රටේම මාතෘ හා ළමා මන්දපෝෂණ තත්ත්වය සියයට 29 කි. එයටම අනුව උතුරු නැගෙනහිර දෙපළාතේ ඇතැම් ප්‍රදේශයන්වල සමස්ත ජනගහනයෙන් සියයට 50 ක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලෙති. උතුරු පළාතේ පමණක් වයස මාස 12 ත් 35ත් අතර ගැහැණු දරුවන්ගෙන් සියයට 42 ක්ද පිරිමි දරුවන්ගෙන් සියයට 50 ක් ද අඩුබර මන්දපෝෂණයෙන් පෙලෙති. මව්වරුන් දරුවන් ඇකයේ ගසාගෙන සියදිවි නසාගන්නේ, මංකොල්ලකෑම් වැනි සමාජ අපරාධ දිනෙන් දින ඉහළ යන්නේත් දිවි රැකගැනිමේ අරගලය නිසාම නොවේද?
බඩගින්න උහුලා ගැනිම සහ බඩගින්නේ තැබිම අතර වෙනස කෙතරම්ද? මේ වැනසි යන්නේ රටේ අනාගත පරපුර මිස වෙන කවරක්ද? දේශප්‍රේමිත්වයෙන් මේ කටුක යථාර්ථය සැඟවිය හැකි වන්නේද?
2006 සිට 2009 දක්වා රජයේ යුධ වියදම ඩොලර් බිලියන 5.5 ක් බව මහ බැංකු අධිපතිවරයා පසුගිය ජුනි 2 දා කියා සිටියේය. ජාතියක් වනසන්නට එසේ නිර්ලෝභීව මුදල් වැයකරන රජය රටේ සියලු සුබසාධන පහසුකම් සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් කිසිදු වග විභාගයකින් තොරව කපා හරිති. 2010 මහ බැංකු වාර්තාවට අනුව සෞඛ්‍ය සඳහා රජයේ වියදම 1.3කි. අධ්‍යාපනයට 1.9 කි.
උතුරු නැගෙනහිර මව්පියවරුන්ගේ දරුවන් සිය දහස් ගණනින් මරණයට දක්කන විට ඇස් කණ් වසා සිටි දකුණේ මව්පියවරුන්ට අද විලාප නගන්නට සිදුව ඇත්තේ කුමක් නිසාද ? යලිත් දකුණේ දිනපතා ගොඩ ගැසෙන මිනි කඳු, පැහැර ගැනිම්, අතුරුදහන් කිරිම්, අත්අඩංගුවට ගැනීම් කොතෙක්ද? ජාතිවාදයෙන්, වර්ගවාදයෙන් මිනිසුන්ගේ ඔලුගෙඩි පුරවාලු දෙමළ සංහාරය හරියට කරන්නට රාජපක්ෂ ආණ්ඩුවට ජවය සැපයු ඒවාට එරෙහි වන්නන් ජාතියේ හතුරන් ලෙස හංවඩු ගසමින් ගල් ගසා මරා දමන තරමට ජන මතය හැසිරවු ජනතා විමුක්ති පෙරමුණ අන්තරය සහ ඔවුන්ගේ අතවැසි සංවිධාන වෘත්තිය සමිති ව්‍යාපාර අද කියන්නේ කුමක්ද ?
උතුරේත් දකුණේත් මානව හිමිකම් ගැන, අතුරුදහන් වීම් ගැන, දේශපාලන සිරකරුවන් ගැන, කම්කරු සහ සිසු අයිතින් උල්ලංඝණයන් ගැන, දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂ පාලනයේ ගොදුරක් වීම ගැන, පොලිසිය ඉවක් බවක් නොමැතිව මිනිසුන්ව මරා දැමීම ගැන, ජවිපෙ ත්, අන්තරයේත්, භික්ෂු සංවිධාන වලත් අද දවසේ කම්පා වීමෙන් ඔවුනගේ යුදවාදී ලේ තැවරුනු අතිතය මකා දැමිය හැකිද?
අද දකුණේ නිවෙස් වලින් නැගෙන විලාපය කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ, බෞද්ධ භික්ෂුණ්ගේ පමණක් නොව ජවිපෙ ප්‍රමුඛ විපක්ෂයේත්, ලතැවිල්ල, යුක්තිය සිඟමන් යැදිමේ පළමු පියවර විය නොහැකිද ?
පාලකයන්ගේත් ඔවුන්ගේ අතවැසි කුලී හමුදාවන්ගේත් ගැරහුමට මර්දනයට දකුණේ සමාජය කොතෙක් ගොදුරුව තිබුණද තවමත් මේ කිසිවකුත් තම වර්ගවාදි බව සහ දේශප්‍රේමිත්වය හැරයන්නට සුදානම් නැත. සියලු මර්දනකාරි අණ පනත් තීන්දු තීරණ වලට අත් කකුල් සියල්ල ඔසවා අනුමැතිය ලබාදුන් මොවුන් එයින්ම පෙරලා පහරවදින විටත් තවදුරටත් රැකගන්නට තනන දේශප්‍රේමිත්වය කුමක්ද?
එනිසාම මේ වන විටත් ජාත්‍යන්තර ජනමාධ්‍යයන් සහ මානව හිමිකම් සංවිධාන විසින් ඉතා පැහැදිළි සාක්ෂි සහිතව හෙළිදරව් කරනු ලබන දමිළ වර්ග සංහාරයට අදාල තොරතුරු සිය දහස් ගණනක් වු ඡයාරූප විඩියෝ දර්ශණ සම්බන්ධව මේ දේශප්‍රේමින් පෙනි සිටිනුයේ තම භූමියේ සතුරාගේ පැත්තේය.
අවසානයේ මේ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රමයත්, එය පෝෂණය කරන්නා වු පුද්ගල සමුහයත් සමුහිකව පරාජය කරන තුරු ලාංකීය ප්‍රජාවන්ට ලබාගත හැකි නිදහසක් හෝ ජයග්‍රහණයක් නොමැත්තේය. අනෙකාගේ නිදහස ගරුත්වය සහතික නොකරන ඒ වෙනුවෙන් පෙනි නොසිටින සමාජයකට ලබාගත හැකි ගරුත්වයක් හෝ නිදහසක් නොමැත.
කේ. විජේසිංහ