සුනන්ද දේශප‍්‍රිය
පළමු ශ්‍රේනියට ළමුන් ඇතුලත් කර ගැනීම අරභයා අගවිනිසුරුතුමා විසින් දෙන ලද නිර්දේශ නිසා මගේ ඇග හිරි වැටී ඇත. ඒ හිරි ඇර ගැනීමට හොදවායින් දෙකක් නොලියා බැරි ය.
මා හිරි වැටී ඇත්තේ මේ නිර්දේශයන්ගේ ඇති අ¥රදර්ශි ස්වභාවය නිසාම නොවේ. ඒසා බලපෑමක් ඇති කළ හැකි මෙම නිර්දේශ අරභයා අපේ යැයි කියන ජනමාධ්‍ය දක්වන භයානක නිහඩතාවය නිසා ය. ඇත්තටම නම් අපේ යුගයේ ලොකුම ඛේදවාචකය දුෂ්ඨයින්ගේ සැහැසිකම් නොව යහපත් මිනිසුන්ගේ නිහඩතාවය ය යන යුග පැරනි කියමන මෙවැනි අවස්ථාවන්ට හරියටම හරි ය.
මේ නිර්දේශ අනුව පාසැළට දරුවා ඇතුළත් කිරීමට ළකුණු ලැබෙන සැටි කෙටියෙන් බලමු: දරුවාට – බුද්ධියට 25යි අභියෝගතා හැකියාවට 25යි.
දෙමාපියන්ට – සමාන්‍ය පෙළ සමත් 8යි. උසස් පෙළ සමත් 10යි. ඩිප්ලෝමාධාරී 12යි. සුලූ සේවකයින්ට 3යි. ලිපිකරු සමාන්තර සේවාවන්ට 5යි. කණිෂ්ඨ කළමනාකාර ශ්‍රේනියට 7යි. කළමනාකාර 10යි. ඇමැතිවරයකුට 10යි. පා.ම.ට 7යි. පළාත් සභා මංත‍්‍රීට 5යි. පළාත්පාලන නියෝජිත 3යි. ත‍්‍රිවිධ හමුදා සේවය 7යි. ක‍්‍රියාන්විත සේවය 10යි. ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්වන්ට 15යි.
මෙම නිර්දේශ මගින් සමහර ජනයා වඩා වටින්නේ ය යන දුර්දාන්ත අදහස තහවුරු කරන බව බැලූ බැල්මටම පෙනේ. මේ තාක් අප රටෙහි පැවැති සෑම පුරවැසියකුටම සමාන ලෙස සැළකීමේ පිළිවෙත අගවිනිසුරු විසින් ම මෙමගින් අහෝසි කිරීම එක එල්ලේම සමානාත්මතාවය කෙළෙසීමකි. සෑම පුරවැසියකුට ම සෑම අයිතිවාසිකමක්ම යන ලොව පිළිගත් මූලධර්මය මෙම නිර්දේශ මගින් යන්නේ කුණු කූඩයට ය.
අනෙත් අතට මේ වනාහී උපහැරණයකින් කියන්නේ නම් බල්ලාගේ වැඬේ බූරුවා බාර ගැනීමකි. අධ්‍යපන මනොවිද්‍යඥයින් විසින් තීරණය කළ යුතු දරුවාගේ බුද්ධි මට්ටම මැන බැලීම වැනි කරුණු සම්බන්ධයෙන් තීරණ දීමට අධිකරණයකට ඇති සුදුසුකම කුමක්ද? බුද්ධියෙන් වැඩි යැයි මැනෙන දරුවන්ට සුපිරි පාසැල් සහ බුද්ධියෙන් අඩු යැයි මැනෙන දරුවන්ට පහසුකම් අඩු පාසැල් ලබා දීමේ පිළවෙත සාධාරණ වන්නේ කුමන සමානාත්මතා ධර්මය අනුව ද?
අගවිනිසුරුගේ නිර්දේශ අනුව ප‍්‍රායෝගිකව සිදුවන්්නේ බුද්ධිමත් සහ උසස් යැයි සැළකෙන පවුල් වල දරුවන්ට සුපිරි පාසැල් වෙන් කර දීමය. එය සමානාත්මතාවය නොවේ. සමාජ අසමානාත්මතාවය තහවුරු කිරීමකි. මේ වනාහී තෝරාගත් සුපිරි ජනයාට සුපිරි අවස්ථා සළසා දීමේ ප‍්‍රභූවාදී පිළිවෙතකි.
අගවිනිසුරු නිර්දේශයන්ගෙන් මේ පිළිවෙත කොපමණ දුර ගමන් කරන්නේද යත් ස්වකීය ම වූ ප‍්‍රවාහණ පහසුකම් සළසා ගත හැකි නම් පාසැලේ සිට කොපමණ දුර පදංචි වී සිටිය ද කමක් නැත. දරුවා සුපිරි නම් ඉගෙනුම සුපිරි පාසැලේ ය.
ඇඩොලප් හිට්ලර්ට ද තිබුනේ මෙවැනි අදහස් ය. සුපිරි ජනතාවක් නිරිමාණය කිරිම පිණිස කෝටි සංඛ්‍යාත යුදෙව්වන් මරා දැමුනේ ඔවුන් පහත් ජාතියක් යැයි හංවඩු ගැසීමෙන් පසු ය.
බොහෝ අධ්‍යපන මනෝ විද්‍යාඥයින් පාසැළ තේරීම සඳහා ළදරුවකුගේ බුද්ධිමට්ටම මැන බැලීම සුදුසුකමක් ලෙස යෝජනා කිරීම සළකනු ඇත්තේ නොදන්නා කමක් ලෙස ය.
අධ්‍යාපන ඇමැතිතුමා නිහඩ ය. රාවය හැර අනෙක් ජනමාධ්‍ය ද නිහඩ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන ද නිහඩ ය. රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත‍්‍රය ද නිහඩ ය.
අප පාසැල් සමයේ නැවත නැවත කියවූ ලිපියක් එකළ රසවාහිනී සඟරාවක තිබුණි. එනම් බමුණු කුළය බිදවැටීම යනු ය. එය ලියා තිබුණේ මාර්ටින් වික‍්‍රමසිංහ විසිනි. 1956 ජයග‍්‍රහණය ඔහු හැදින් වූයේ එළෙස ය. පොදු මහාජනයාට සමානව සැළකෙන යුගයක් ඇරඹිම ඉන් සළකුණු විය.
අද යළි කැරෙනනේ් නේ එම බමුණු කුළය යළි නගා සිටුවීම ය. අද ඒ ගැන ලිවීමට රසවාහිනිය නැත. ඒ වෙනුවට ඇත්තේ බොල් සහ නිසරු ප‍්‍රලාප සහ වසැංගූ ලිංගකත්වය අලෙවි කිරීමේ යෙදෙන හයි නැත්නම් ගයි සඟරාය. සාරගර්භ සඟරාවක් කිරීමට කිසිදු ජනමාධ්‍ය ව්‍යාපාරිකයකු සිතන්නේ හෝ අතදෙන්නේ නැත. අගවිනිසුරු නිර්දේශ පිළිබද විද්වත් සාකච්ජාවක් ජනමාධ්‍ය හරහා ගොඩ නොනැගෙන්නේ එනිසා ය.
මේ අගවිනිසුරු නිර්දේශ අනුව එදා එම ලිපිය ලියූ ලේඛකයා වූ මාර්ටින් වික‍්‍රමසිංහ මහතාට ලැබෙන්නේ දෙමාපියකු වශයෙන් ඉතාම අඩු ළකුණු ය. ආදිශිෂ්‍ය, විභාග සමත්, මංත‍්‍රී ධුරන්දර. වෘත්තීය සුදුසුකම් (ලේඛකයා යන ප‍්‍රභේදය අගවිනිසුරු ලැයිස්තුවේ නැත* ඔහුට නොතිබූ නිසා ය.
මෙම නිර්දේශ පොදු ජනයා වෙනුවට ”ලොකු” ජනයාට වරප‍්‍රසාද පිරිනමයි. අධ්‍යාපනය අයිතියකි. එය මොන ජගතා කීව ද ළකුණු ක‍්‍රම මගින් උදුරා ගත හැකි දෙයක් නොවේ.
සුපිරි යැයි කියන විදුහල් මායිමේ ජිවත් වුවත් දැන් සාමාන්‍ය ජනයාගේ දරුවන්ට සුපිරි පාසැල් තහනම් ය. එවා සුපිරි පංතියකට ලියා දීම අගවිනිසුරු නිර්දේශයන්ගේ විපාකය බවට පත් වීම වැලැක්විය නොහැකි ය. පෙනෙන විධියට එම නිර්දේශයන්ගේ අරමුණ ද එය යි.
දේශපාලනඥයින්ට වැඩි ළකුණු දීම අගවිනිසුරු සාධාරණ කරන්නේ කුමණ පදනමකින් ද? සුළු සේවකයින්ට සහ පලාත්පාලන ආයතන නියෝජිතයින්ට සමාන ළකුණු දීම ඔහු සාධාරණ කරන්නේ කුමණ පදනමකින්ද? (කොළඹ නගර සභාවේ නගරාධිපති සහ නගර සභිකයින් වැටෙන්නේ ළකුණු තුනේ ගොඩට ය*.
දුර බැහැර සිටියත් ස්වකීය යාන වාහන ඇති පවුල්වලට ළකුණු දීමේ ක‍්‍රමය ඔහු සාධාරණ කරන්නේ කුමණ පදනමකින් ද?
මෙම නිර්දේශ පදනම් වන්නේ එකම එක සාධකයක් මත පමණි. එනම් පංති බේදය තහවුරු කොට ශක්තිමත් කිරීම යි. නැතහොත් සමාජ අසමානතාවයන් වැඩි වර්ධනය කොට පොදු ජනයා පීඩාවට පත් කිරීම යි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෘෂ්ඨි කෝනයෙන් බැලූව ද මානවවාදයේ දෘෂ්ඨිකෝනයෙන් බැලූව ද ආර්ථික සමානාත්මතාවයේ කෝනයෙන් බැලූවද මේ නම් මහා අසාධාරණයකට මුල පුරන නිර්දේශ ගොන්නකි. ඊට එකහෙළා විරුද්ධ වනසේ මෙරට පුරවැසි සමාජයෙන් අප ඉල්ලා සිටිය යුතු ය.
මා නම් සිතන්නේ රාවය වැනි පුවත්පතක් හෝ අන් එවැනි සංවිධානයක්/ආයතනයක් මුල් වී මෙම නිර්දේශ පැරදවීමේ සමාජ ව්‍යාපාරයක් දියත් කළ යුතු බව යි. මේ වනාහී මානවවාදය පමණක් නොව මානවවාදීන් ද උරගා බැලෙන මොහොතකි.