මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී. මෙම සංහාරය සඳහා ප්‍රධාන හවුල් කරුවන් වන්නේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන ප්‍රමෝදය වික්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මෙලෙස මහා පරිමාණයෙන් විනාශ කරනු ලබන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙස්ට් ලේක් විලේජ්හි පිහිටි ‛ඩෝල්’ නම් මහා පරිමාණ බහු ජාතික සමාගමේ ලංකාවේ හවුල්කාර සමාගම වන “ලෙට්ස් ග්‍රෝ” නම් ආයතනය විසිනි. මේ සමාගමේ හිමිකරුවන් වන්නේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන ප්‍රමෝදය වික්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය. ඔවුන් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ යුද හමුදාවෙනි. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ පැවැති මේ වනාන්තර මුදාගැනීමෙන් පසු ව යුද හමුදාව භාරයේ පැවැතිණි. මුදාගැනීමෙන් පසු ව ඔවුන් ඒ ප්‍රදේශවලින් ඉවත් වී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා සිවිල් පරිපාලනයට නතු කිරීම වෙනුවට කෙළේ වනාන්තරය එළි පෙහෙළි කිරීම ය. පළමුව යුද හමුදාව විසින් ම මෙහි වගා බිම් ඇති කරන ලදී. අද වන විට එල්.ටී.ටී.ඊ. පුනරුත්ථාපන රැඳවියන් යොදාගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිත වනාන්තර අක්කර 3500 ක් පමණ එළි කර ගොවිපොළක් ආරම්භ කර ඇත. ඉන්පසු ව ලෙට්ස් ග්‍රෝ සමාගමට වනාන්තර අක්කර 11600 ක් යුද හමුදාව විසින් වගා කිරීම සඳහා දෙනු ලැබ තිබේ. පළමු අදියරේ දී මේ සමාගම වනාන්තර අක්කර 5000 ක් පමණ එළි කර කෙසෙල් වගාව ව්‍යාප්ත කර ඇති අතර, ඉදිරියේ දී සත්ත්ව ගොවිපොළක් ඇති කිරීම හා කෘෂි සංචාරක කර්මාන්තය :්ටරද ඔදමරසිප* ක්‍රියාත්මක කිරීමටත් මේ සමාගම සැලැසුම් කර තිබේ.
මේ එම හෙළිදරවුවේ සම්පූර්ණ විස්තරයයි
මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී. පොළොන්නරු දිස්ත්‍රික්කයේ, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දකාඩුව ප්‍රදේශයේ මේ මහා පරිමාණ වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු වේ. බැකෝ යන්ත්‍ර යොදා ගෙන හය සිය දෙනකු ගේ පමණ ශ්‍රම දායකත්වයෙන් මේ වනාන්තර විනාශය සිදු වේ. මහවැලි ගඟ හා සම්බන්ධ කන්දකාඩුව ඇළ ආසන්නයේ සිට මහවැලි ගඟ දක්වා පිහිටි තෙත් විල්ලු, වියළි සදාහරිත වනාන්තර හා ගංගාශ්‍රිත වනාන්තර සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මෙලෙස මහා පරිමාණයෙන් විනාශ කරනු ලබන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙස්ට් ලේක් විලේජ්හි පිහිටි ‛ඩෝල්’ නම් මහා පරිමාණ බහු ජාතික සමාගමේ ලංකාවේ හවුල්කාර සමාගම වන “ලෙට්ස් ග්‍රෝ” නම් ආයතනය විසිනි. මේ සමාගමේ හිමිකරුවන් වන්නේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන ප්‍රමෝදය වික්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය. ඔවුන් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ යුද හමුදාවෙනි. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ පැවැති මේ වනාන්තර මුදාගැනීමෙන් පසු ව යුද හමුදාව භාරයේ පැවැතිණි. මුදාගැනීමෙන් පසු ව ඔවුන් ඒ ප්‍රදේශවලින් ඉවත් වී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා සිවිල් පරිපාලනයට නතු කිරීම වෙනුවට කෙළේ වනාන්තරය එළි පෙහෙළි කිරීම ය. පළමුව යුද හමුදාව විසින් ම මෙහි වගා බිම් ඇති කරන ලදී. අද වන විට එල්.ටී.ටී.ඊ. පුනරුත්ථාපන රැඳවියන් යොදාගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිත වනාන්තර අක්කර 3500 ක් පමණ එළි කර ගොවිපොළක් ආරම්භ කර ඇත. ඉන්පසු ව ලෙට්ස් ග්‍රෝ සමාගමට වනාන්තර අක්කර 11600 ක් යුද හමුදාව විසින් වගා කිරීම සඳහා දෙනු ලැබ තිබේ. පළමු අදියරේ දී මේ සමාගම වනාන්තර අක්කර 5000 ක් පමණ එළි කර කෙසෙල් වගාව ව්‍යාප්ත කර ඇති අතර, ඉදිරියේ දී සත්ත්ව ගොවිපොළක් ඇති කිරීම හා කෘෂි සංචාරක කර්මාන්තය (Agro Tourism) ක්‍රියාත්මක කිරීමටත් මේ සමාගම සැලැසුම් කර තිබේ.
රටක් දියුණු වීමට නම් මෙවැනි දෑ සිදු කළ යුතු බව අපි අවිවාදයෙන් පිළිගනිමු. එහෙත් ඒ සඳහා වනජීවීන් වෙනුවෙන් වෙන් කළ ජාතික වනෝද්‍යානයක, වන සතුන් බොහොමයකට රැකවරණය සලසන මහවැලි ගඟේ පෝෂක ප්‍රදේශ භාවිතයට ගන්නේ නම් ඉන් සිදු වන හානිය, ලැබෙන ප්‍රතිලාභවලට වඩා ඉතා විශාල ය. මේ ව්‍යාපෘතිය යහපත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට මේ සමාගමේ හිමිකරුවන්ට සැබෑ වුවමනාවක් තිබුණේ නම් ලංකාවේ දැනට පවතින පාරිසරික නීති උල්ලංඝනය කරමින් සිදු නො කර, ඊට සුදුසු ඉඩම් තෝරාගෙන විධිමත් පරිදි ක්‍රියාත්මක කළ හැකි ව තිබිණි. එසේ නොමැති ව නීතිවලට පිටතින් යමින් කටයුතු කළ සමාගමක්, ඉදිරියේ දී රටට යහපත් යමක් සිදු කරනු ඇතැ යි සිතිය නො හැකි ය.
ඩෝල් සමාගමේ චරිතය
ඩෝල් සමාගමේ ඉතිහාසය දෙස බැලූව ද එය කළු ඉතිහාසයක් ඇති සමාගමක් බව පෙනේ. ලෝකයේ රටවල් 90 ක පමණ එළවළු හා පළතුරු නිෂ්පාදන 300 කට වැඩි ප්‍රමාණයක් නිපදවන මේ සමාගම, 2005 වසරේ දී ඊකෝලයි රෝගකාරකය ඇමරිකාවේ ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට දායක වී තිබේ. සලාද කොළ මඟින් මේ රෝගකාරකය ඇරිසෝනා, කැලිෆෝනියා, මිනසෝටා, නිව්යෝක් ඇතුළු ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට හවුල් වී තිබේ. මීට අමතරව නිකරගුවාවේ ඩෝල් සමාගමට අයත් වගා බිම්වල 1985 දී ඇමරිකාවේ තහනම් කළ ඩයිබ්‍රෝමො ක්ලෝරෝ ප්‍රොපේන් නම් පළිබෝධ නාශකය අධික ව භාවිත කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සේවකයන් වඳ භාවයට පත් ව තිබේ. එහි සේවකයන් විසින් මේ සමාගමට එරෙහි ව නඩු පවරන ලදී. එහෙත් සමාගම සේවකයන්ට මුදල් ලබා දී, තමන් එකී සමාගමට අයත් ඉඩම්වල සේවය කළ අය නො වන බවට අධිකරණය ඉදිරියේ දී ප්‍රකාශ ලබා දී තිබේ. පසුව 2009 වසරේ දී මේ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජුවන් ඩොමින්ගෙස් අසත්‍ය සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම, සාධාරණත්වයට අවහිර කිරීම, අධිකරණයට වංචා කිරීම හා ඇමරිකා සමාගමකට එරෙහි ව කුමන්ත්‍රණ කිරීම ආදී අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය කැරිණි. ඩෝල් සමාගමේ මුදල් බලය ඉදිරියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකුට අවසානයේ සිදු වූයේ මෙවන් ඉරණමකට මුහුණ පෑමට යි.
නිකරගුවාවේ, ඩෝල් සමාගමේ සේවකයනට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ස්වීඩන් ජාතික ෆ්‍රෙඩ්‍රික් ගර්ට්න් විසින් වාර්තා චිත්‍රපටයක් ද නිපද වූ අතර, එය ලොස්ඇන්ජලිස් චිත්‍රපට උලෙළේ තිරගත කැරිණි. ඊට එරෙහි ව ඩෝල් සමාගම ලොස්ඇන්ජලිස් අධිකරණයේ නඩුවක් ගොනු කෙළේ ය. 2010 වසරේ දී එය ප්‍රතික්ෂේප කළ අධිකරණය, මේ චිත්‍රපටය ඇමරිකාවේ පෙන්වීමට අවස්ථාව ලබා දුන් අතර, චිත්‍රපට නිෂ්පාදකයාට ඩොලර් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට ඩෝල් සමාගමට නියෝග කෙළේ ය.
නීතිය….?
මෙවන් අපකීර්තිමත් සමාගමක් ලංකාවේ මහා පරිමාණ වගා කටයුතු සඳහා ආයෝජනය කිරීම පිළිබඳ ව හා රටට ගෙන්වා ගැනීම පිළිබඳ ව රටේ අනාගතය පිළිබඳ ව සිතන පිරිසක් ලෙස අපි කනගාටු වෙමු. පසුගිය ජුලි දෙවන දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මේ සමාගම යටතේ ඉඩම් එළි කිරීම සිදු කරන ‛නුවන් ලක්ෂිත’ නමැත්තා අත් අඩංගුවට ගත් නමුත් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් නො කර මුදාහැරියේ මන්දැ යි අපට ගැටලුවකි.
අද වන විට වනජීවී නිලධාරීන්ට පවා මේ වනාන්තර ප්‍රදේශයට පිවිසීමට නො හැකි තත්ත්වයට පත් වී ඇත. යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ මේ වනාන්තරය ඩෝල් සමාගමේ ලාංකීය හවුල්කරුවා වන ලෙට්ස් ග්‍රෝ සමාගම මඟින් වේගයෙන් එළිපෙහෙළි කර ගෙන යනු ලැබේ. ඒ සඳහා පොළොන්නරුව, වැලිකන්ද ආදී ප්‍රදේශවලින් ශ්‍රමිකයන් බස් රථ දෙකක් මඟින් ව්‍යාපෘති භූමිය වෙත ප්‍රවාහනය කරනු ලැබේ. අද වන විට කෙසෙල් පැළ සිටුවා ඒවාට මහවැලි ගඟේ හා කන්දකාඩුව ඇළෙන් ජලය පොම්ප කැරේ.
මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත්තේ මහවැලි ගඟේ පිටාර බිම්වල ය. මේ පිටාර බිම්වල බෙරු තණ ඉතා හොඳින් වැඩෙන අතර, ඒවා අලි – ඇතුන් ගේ ප්‍රධාන ආහාරය වේ. තව ද මහවැලි ගඟේ ගලා ගෙන එන රොන්මඬ මේ ප්‍රදේශවල තැන්පත් වීමෙන් අලි ඇතුන්ට ඉතා පෝෂ්‍යදායී තෘණ ආහාරයට ලැබේ. මේ හේතුවෙන් අලි – මිනිස් ගැටුම සාපේකෂ ව අඩු මට්ටමක පවතී. මේ ප්‍රදේශයේ වනාන්තර ප්‍රමාණය, තෘණබිම් ප්‍රමාණය හා ජල රැඳවුම් ප්‍රමාණය අලි – ඇතුනට ඉතා යෝග්‍ය මට්ටමක පවතී. එහෙත් මේ ව්‍යාපෘතියත් සමඟ ම ඒ තත්ත්වය උඩු යටිකුරු වෙමින් පවතී.
මහවැලි ගඟ මේ ප්‍රදේශයේ දී අස්ථායී ව ගමන් කරන අතර, වැසි කාලයට විල්ලු හරහා නව මං තනමින් පැතිරී යයි. එහෙයින් මේ ප්‍රදේශයේ ක්ෂුද්‍ර වාසස්ථාන බහුතරයක් දැකගත හැකි අතර, ඒවාට බොහෝ ජීවීන් අනුවර්තනය වී තිබේ. දැනට වගා බිම් සඳහා විනාශ කර ඇත්තේ මේ වාසස්ථාන සමස්තය යි. එපමණක් නො ව මහවැලි ගඟේ ඉවුරු පවා ඩෝසර් මඟින් විනාශ කර තිබේ.
ඉදිරියේ දී මහා පරිමාණ කෙසෙල් වගාවට හා සත්ත්ව ගොවිපොළට භාවිත කරන පළිබෝධනාශක, රසායනික පොහොර ඇතුළු විවිධ දෑ නිසා සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවීන්ට හා මහවැලි ගඟ, කන්දකාඩුව ඇළ දැඩි තර්ජනයකට ලක් විය හැකි ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1986 සැප්තැම්බර් 02 වන දින අංක 417/5 දරන ගැසට් නිවේදනයෙන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. පසු ව 1987 මැයි 09 වැනි දින අංක 453/30 ගැසට් නිවේදනය මඟින් තවත් වනාන්තර හෙක්ටයාර 16,589 ක් ජාතික වනෝද්‍යානයට එක් කැරිණි. ඒ අනුව අද වන විට ජාතික වනෝද්‍යානයට අයත් සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 37,645 ක් පමණ වේ.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 05 සහ 06 වගන්ති සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් මේ නීති වරෝධී වගා කටයුතු සිදු කැරේ. ජාතික වනෝද්‍යානයකට අනවසරයෙන් ඇතුළුවීම, එළිකිරීම, වගාබිම් ව්‍යාප්ත කිරීම යන මේවා සියල්ල නීති විරෝධී ක්‍රියාවන් වන අතර අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නො හැකි වරදකි. එහෙත් මේ සමාගමේ මුදල් බලයත්, යුද හමුදාවේ රැකවරණයත් හේතු කොට කිසිදු සිවිල් නීතියකට යටත් නො වී මේ හානිකර වගා බිම් ව්‍යාප්තිය සිදු වෙයි. එවන් තත්ත්වයක් රට තුළ පවතින්නේ මක් නිසා දැ යි අපි ප්‍රශ්න කර සිටිමු.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් වී මේ වගා ව්‍යාපෘතිය ඉවත් කිරීමට පියවර නොගත හොත්, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වනාන්තර ඉඩම් සියල්ල ඊනියා සංවර්ධනයට සම්පූර්ණයෙන් ම ගොදුරු විය හැකි බව අපි කල්තියා අන්තරාය අඟවමු.
සටහන සහ ඡායා – සජීව චාමිකර