ඉර අහසේ මුදුන් වී තිබිණි. මාතලේ, කයිකාවල සිට බලන විට නකල්ස් කදු මුදුනේ වෙනදා දකින මීදුම අද නැත. පාසල ඇරී ඇති බැවින් (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ) සිසුන් කූඹි රුලක් මෙන් ගිනි අව්වේ තම නිවෙස්වලට ඇදෙමින් සිටියි.
පාසලේ ගේට්ටුව අසල කුඩා ගැහැණු ළමුන් පිරිසක් කුමක්දෝ කියවමින් සිටිනු මා දුටුවෙමි. ගේට්ටුව අසල තාප්පය පුරා දින කිහිපයකට පෙර මිය ගිය යුද හමුදාවේ සොල්දාදුවන්ගේ ඡායාරූප අලවා තිබිණි. මේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19වත් නොයික්ම වූ එකම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකි.
ඒ කුඩා දැරියන් තවමත් පෝස්ටර් දෙස බලාගෙනය.
මම තවත් ලංවීමි.
‛‛මෙයාලගේ අම්මලාට මොනවා හිතෙනවා ඇත් ද අප්පා…’’එක් කුඩා දැරියක් තම මිතුරියන්ට කියනවා මට ඇසිනි.
කුරිරු යුද්ධයේ වේදනාව සහ මිලේච්ඡත්වය ලපටි සිත්පවා විනාශ කරමින් ඇති බව මට සිතිනි.
තවමත් සීතල නකල්ස් කන්ද සීතලක් නැති ‛අධිපතිවාදී සිත්’ දෙස බලාගෙනය. මේ ළමුන් කුමක් කරන්න ද..මේ කුරිරු යුද්ධය විසින් තම සමීපතමයන් උදුරාගන්නා විට. වේදනාවෙන් ඉකිබිඳිනවා හැරෙන්නට….