”…පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා…..”
”…..උතුර නැගෙනහිර ඒකාබද්ධ වූ ස්ථීර දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට අවශ්‍යයි. දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය ආරක්ෂාවෙන, පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා. මෙවැනි විසඳුමක් දෙන්නේ නැතිව කිසිම දිනෙක ජාතීන් අතර සමාදානයක්, ප්‍රතිසන්ධානයක් ඇතිවෙන්නේ නැහැ.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වන යෝගරත්නම් යෝගී, බාලකුමාර් සහ ඔහුගේ පුත් මොවුන්ගේ පවුල් වල සාමාජිකයන් විසින් හමුදාවට භාරකරලා තියෙනවා. බාලකුමාර් හමුදාවට භාර වූ පසු ගත් ඡායාරූපයක් ‛ලංකා ගාඩියන්’ පුවත්පත පළ කලා. එලිලන්, ඉලම්පරුදි, පාප්පා සහ ජේෂ්ඨ එල්.ටී.ටී.ඊ සාමාජිකයනුත් මොවුන්ගේ පවුල් විසින් රජයට භාර කරලා තියෙනවා. තංගන්, කරිකාලන් වැනි ජේෂ්ඨ සාමාජිකයන් පවුල් පිටින් හමුදාවට භාරවුණා. සුදු කොඩි සමග ගිය අය වෙඩිතබා ඝාතනය කරලා තියෙනවා. මෙම සාමාජිකයන් පිළිබඳව අපි පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්න කලා. මේ වන තෙක් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැහැ. නමුත් යුධ අපරාධ පිළිබඳ චෝදනා එල්ලවීමත් සමග කෙසේ හෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතු තත්ත්වයකට ආණ්ඩුව අද පත්වෙලා තියෙනවා…..”එස්. ශ්‍රීධරන්
යුද්ධයෙන් පසුව යාපනයේ ඇතුලු උතුරැ ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ඇතුලු ජන ජීවිතයේ ඇති වෙමින් ඇති වෙනස්කම් සහ වර්තමානයේ පවතින අර්බුධකාරී තත්වය පිළිබදව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මංත්‍රී එස්. ශ්‍රීධරන් සමග පසුගිය අගෝස්තු 16 වනදා සම්මුඛ සාකච්ඡාවක් යාපනයේදී පැවැත්විය.
මේඔහු ඒ පිළිබදව ‘විකල්ප’ සමග දැක්වූ අදහස්.
”යාපනය කියන්නේ විවෘත සිරකඳවුරක්. ඒවගේම කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක දෙකම මුළුමනින්ම හමුදා පාලනය යටතේ තියෙන්නෙ. හැමතැනම චෙක් පොයින්ට්, හමුදා කඳවුරු, සෝදිසි කිරීම්, ‛උත්සවයන් වැනි අවස්ථාවන්වලදී හමුදාවට දැන්විය යුතුය’ ආදි නීති මේ දිස්ත්‍රික්කවල දැකගන්න පුළුවන්. කව්රුන් හෝ මිය ගියත් එය පවා හමුදාවට දැන්විය යුතුයි. අපේ දෙමළ ජනතාව ජීවත් වෙන්නෙ මෙවැනි හමුදා ක්‍රියාදාමයක් තුළයි. යාපනයේ කිසිදු සිවිල් පරිපාලනයක් නැහැ. පොලීසිය දකින්න පුළුවන් වන්නේ උද්ඝෝෂණවලදි පමණයි. යාපනයේ සිට කිලෝමීටරයක් එහාට ගියොත් මුළුමනින්ම හමුදා පාලනය දැකිය හැකියි. අපේ අදහස තමයි ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පරිපාලනයක් නැහැ කියන එක. මෙම භූමියේ දෙමළ ජනතාවට විතරක් නෙමෙයි සිංහල ජනතාවටත් නිදහස අහිමි වෙලා තියෙන තත්වයක් උදාවෙලා තියෙන්නෙ. කොළඹ සිට යාපනයේ එන විට ඕමන්තෙ නවත්තලා හැමෝවම බස්සලා සෝදිසි කරනවා, අලිමංකඩදිත් සෝදිසි කරනවා, යාපනයෙදි 6න් පස්සෙ හැම හන්දියෙදිම ජනතාවව සෝදිසි කරනවා. යුද්ධය නිමාවී වසර දෙකක් වෙලත් ඇයි මෙහෙම සිදුවෙන්නෙ.”
අවතැන් වූ ජනතාව තවමත් මුළුමනින්ම නැවත පදිංචි නොකර මහපාරේ ජීවත්වෙන්නෙ. සෙට්ටිකුලම් මැණික්ෆාම් සහ අරුණාසලම් කඳවුරු වල 60,000 වැඩි අවතැන් වූවන් ජීවත්වෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ මයිලිට්ටි, කට්ටුවන්, තෙල්ලිප්පලෙයි ප්‍රදේශවලට අයත් ගම්මාන වල සහ ඒ වගේම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වේම්බඩුකේනි, ඉන්දිරාපුරම්, ධර්මක්කේනි, සෙන්දිල්නගර් සහ කිලාලි ගම්වල තවමත් අවතැන් වූවන් නැවත පදිංචි කරලා නැහැ. කිලිනොච්චි නගර ප්‍රදේශයේ තිබෙන පරවිප්පාන්ජාන් ගම්මානයට අයත් පවුල් 400 කුත් කිලිනොච්චි දිස්ත්‍රික්කයෙ ඉරණෛතීවු දූපතෙ මිනිස්සුත් තවම නැවත පදිංචි කරලා නැහැ. යාපනය මන්ඩෛතීවු ප්‍රදේශයේ අක්කර 40 වැඩි භූමියක නාවික හමුදා කඳවුරක් හදලා තියෙනවා. ජනතාවට අයත් ඒ භූමියෙ වගා කරන්න ඉඩ දීලා නැහැ. මුලතිව් දිස්ත්‍රික්කයේ 60% කට වැඩි භූමි ප්‍රදේශයේ අවතැන් වූවන් නැවත පදංචි කරලා නැහැ. යුද්ධයෙන් දෙමළ ජනතාවගෙ ඉඩම් උදුරා ගැනීම, ඔවුන්ව වහල් භාවයට පත් කරගැනීම මිස ඔවුන්ව යුද්ධයෙන් බේරා ගැනීමේ අදහසක් ආණ්ඩුවට තිබ්බේ නැහැ. දෙමළ ජනතාවට යහපත් අනාගතයක් ලබා දීමට කිසිවිටෙක ආණ්ඩුව කටයුතු කළේ නැහැ.
මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවායික්කාල්, අම්බලවන්පොක්කනයි, මාත්තලන් ආදී ප්‍රදේශවලට අයත් ජනතාව කැලෑ ප්‍රදේශයක් වන මුලතිව් කෝම්බාවිල් ගම්මානයේ ස්ථීරවම පදිංචි කරවීමට ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ වගේම කොක්කුලායි, කොක්කුතුඩුවායි, කර්ණාට්ටුක්කේනි ජනතාව නැවත පදිංචිකර නැති අතර එම ගම්මාන තුනේ පිරිස තවමත් අක්කර දෙකක භූමි භාගයක් තුළ කූඩාරම් වල රඳවා තබා ගෙන සිටිනවා.
වෙරළබඩ ගම්මාන වල අවතැන්වූවන් නැවත පදිංචිකරවීමට ආණ්ඩුව බිය වී ඇති අතර එම ගම්මාන අත්පත් කරගෙන හමුදා කඳවුරු ගොඩනගන්න උත්සාහ කරනවා. උතුරෙහි වෙරළබඩ ප්‍රදේශයන්හි සම්පත් විදේශ රටවල් වලට විකිණීමටත් (උදාහරණයක් වශයෙන් චීනයට) මෙමගින් සම්පත් සූරා කෑමටත් ආණ්ඩුව ක්‍රියාකරමින් ඉන්නවා.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිසිදු සිංහල වැසියෙක්වත් ජීවත් නොවෙන ජෙයපුරම් ගම්මානය මහින්ද රාජපක්ෂ ගම්මානය ලෙස නම් කර තිබෙනවා. රටේ නායකයා වන මහින්ද රාජපක්ෂගේ නම පාරකට දාලා තිබ්බා නම් ජනතාව එයට විරුද්ධ වෙන එකක් නැහැ. නමුත් බලහත්කාරයෙන් මෙවැනි කටයුතු කළොත් ජනතාව කලකිරෙන එක නවත්වන්න බැහැ. තමන් තවමත් කඳවුරු වල ඉඳිද්දි තමන් ජීවත් වුණු ගම් වලට සිංහල නම් දාන එක ගැන දෙමළ ජනතාව සතුටු වෙන එකක් නැහැ. තවමත් කිසිදු වෙනසක් වෙලා නැති බව ඒ අයට හැඟේවි.
උතුරේ බොහෝ තැන් වල බුදු පිළිම ස්ථාපිත කරලා තියෙනවා. බෞද්ධ ආගමත්, හින්දු ආගමත් එකිනෙකට ඉතාමත් කිට්ටු ආගම් දෙකක්. බෞද්ධාගමිකයෝ හින්දු වතාවත් කරනවා, හින්දු ආගමිකයො බෞද්ධ වතාවත් කරනවා. නමුත් බලහත්කාරයෙන් බුදු පිළිම, විහාර ස්ථාපිත කරන නිසා දෙමළ ජනතාවගේ සංස්කෘතියට බාධාවක් සිදුවෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ 20 ට වැඩි ගම්මානවල සිංහල නම් යොදා එම ගම් සිංහලකරණය කරමින් සිටිනවා. මන්නාරම් සහ වව්නියාවේ මායිමේ ගම්මානයක් වන පිරමනාදන්කුලම්, සපුමල්පුර ලෙස නම් කර තිබෙනවා. මෙහි සිංහල ජනතාව නැහැ. ඉන්නෙ දෙමළ ජනතාව විතරයි. මෙම ගම්වල ඉතිහාසයේ සිංහල ජනතාව ජීවත් වුණා කියලා පෙන්වන්න තමයි මෙලෙස දෙමළ ගම්වල නම් වලට සිංහල නම් දාන්නෙ. උදාහරණ ලෙස නයිනාතීවු නැමැති දූපතේ නම අමතක කර නාගදීපය යන නම මතුකරන්න උත්සාහ ගන්නවා වගේ. ඉතිහාසයේ සිට එහි දෙමළ ජනතාව ජීවත් වෙන්නෙ. සිංහල ජනතාව එහෙ කොහ්වත් නැහැ. 1983 පස්සෙ නාවික හමුදාව විසින් නයිනාතීවූ දූපතේ බුදු පිළිමයක් තියලා වතාවත් කිරීම ආරම්භ කළා. ඊට පසුව මෙම ස්ථානය විහාරයක් ලෙස ගොඩනගලා නාගදීපය කියලා නම් කලා.
වඩමරාච්චි නැගෙනහිර වෙත්තිලෙයිකේනි, කට්ටක්කාඩ, තාලයඩි, උඩුත්තුරෛ වෙරළබඩ ගම්මානවල ජනතාවට ධීවර කටයුතු කරන්න ඉඩ නොදී සිංහල ජනතාව එහි පදිංචි කර තිබෙනවා. මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සිංහල ධීවරයන් මෙම ප්‍රදේශවල පදිංචි කර ඇති බවට ආණ්ඩුව කියනවා. සාමාන්‍යයෙන් දෙමළ ධීවරයන් මුහුදු කූඩැල්ලන් අල්ලන්නේ නැහැ. එම ජනතාවගේ ඉඩම් මුළුමනින්ම උදුරාගෙන සිංහල ජනතාවට පවරන්න හදන්නෙ. උතුරේ සෑම වෙරළබඩ ගම්මානයකම සිංහල ධීවර ජනතාව බහුතරයක් පදිංචි කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා. අනාගතයෙදි මුහුදු මාර්ගයෙන් ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි යන සැකයෙන් දෙමළ ජනතාව මැදිකොට ලංකාවේ සියළුම වෙරළබඩ ගම්මාන සිංහලීකරණය කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව දියත් කරමින් සිටිනවා. මේ වන විට වඩමරාච්චි නැගෙනහිර වෙරළබඩ ගම්මානවල ඉඩම් විකුණන ලෙස ගම්මුන්ට ආණ්ඩුව බලකරමින් සිටිනවා. මේ ආකාරයට මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 600ට වඩා වැඩි ප්‍රමාණයක් පැහැරගෙන තිබෙනවා. මන්නාරම් දිස්ත්‍රික්කයෙත් මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා. මෙවැනි සිදුවීම් ඉදිරියට පැවැතුණොත් දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමි වීමට නියමිතයි.
උතුර නැගෙනහිර ඒකාබද්ධ වූ ස්ථීර දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට අවශ්‍යයි. දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය ආරක්ෂාවෙන, පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා. මෙවැනි විසඳුමක් දෙන්නේ නැතිව කිසිම දිනෙක ජාතීන් අතර සමාදානයක්, ප්‍රතිසන්ධානයක් ඇතිවෙන්නේ නැහැ.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වන යෝගරත්නම් යෝගී, බාලකුමාර් සහ ඔහුගේ පුත් මොවුන්ගේ පවුල් වල සාමාජිකයන් විසින් හමුදාවට භාරකරලා තියෙනවා. බාලකුමාර් හමුදාවට භාර වූ පසු ගත් ඡායාරූපයක් ‛ලංකා ගාඩියන්’ පුවත්පත පළ කලා. එලිලන්, ඉලම්පරුදි, පාප්පා සහ ජේෂ්ඨ එල්.ටී.ටී.ඊ සාමාජිකයනුත් මොවුන්ගේ පවුල් විසින් රජයට භාර කරලා තියෙනවා. තංගන්, කරිකාලන් වැනි ජේෂ්ඨ සාමාජිකයන් පවුල් පිටින් හමුදාවට භාරවුණා. සුදු කොඩි සමග ගිය අය වෙඩිතබා ඝාතනය කරලා තියෙනවා. මෙම සාමාජිකයන් පිළිබඳව අපි පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්න කලා. මේ වන තෙක් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැහැ. නමුත් යුධ අපරාධ පිළිබඳ චෝදනා එල්ලවීමත් සමග කෙසේ හෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතු තත්ත්වයකට ආණ්ඩුව අද පත්වෙලා තියෙනවා.”