සිංහල, Democracy, Life quips, Peace and reconciliation

මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න

මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න.

මීට අවුරුදු අටකට පමණ පෙර එක්තරා දවසක මම අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියා. මා සම`ග අපේ වාහනයේ කොළඹ සුප‍්‍රකට මානව හිම්කම් ක‍්‍රියාකාරිකයෙක්, පියතුමෙක් සහ තරුණ නීතිඥයෙක් සිටි බව මතකයි. අපි ගිහින් හිටියේ ලොකු මානව හිමිකම් වැඩකටබව මුලින්ම කිව යුතුයි.

අම්පාර කොළඹ පාරේ හැට තුනේ හන්දිය අසල මුරපොල එදා හරිම කාර්්‍ය බහුල දවසක්. අනෙක් හැමෝම වගේ අප සියලූ දෙනාමත් පෝලිම් ගස්වනු ලැබුවා. රෙද්දකින් වටකළ කොටුවක් තුළට අප එකිනෙකා පිළිවෙළින් ඇතුල්විය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම වෙනසක් නැතුව ඒ කුටියට ඇතුල්වුණා.

ඒ අසල මේසයක වාඩිවී සිටි එතැන ලොක්කා යැයි සිතිය හැකි පොලිස් නිලධාරියා හැ`දුනුම්පත් බලමින් ප‍්‍රශ්න කිරීමක නිරතව සිටියා. මට කලින් පොලිමේ හිටියේ මුස්ලිම් තරුණයෙක් හා තරුණියක්. මගේ අනෙක් සගයන් පිරිස ඊට පෙර පරීක්ෂණය නිමාකොට පිටවී ගිහින්.

පොලිස් භටයා මුස්ලිම් තරුණයාගෙන් ප‍්‍රශ්නයක් ඇහුව සිංහලෙන් ”දෙමළද?” නැහැ මුස්ලිම්

”කවුද මේ පිටිපස්සෙ ඉන්නෙ, මිනිහද?”
”නෑ ඒ මගේ අයිය.”
”අයිය මොන අයියද?”
”මගේම අයිය”
”පදිංච්ය” ”අම්පාරෙ”
”එතකොට මෙහේ යන්නෙ කොහේද?”
”කොළඹ”
”කොළඹ? ප‍්‍රභාකරන්ට පුක දෙන වැඩකටද කොළඹ යන්නෙ?”
”තරුණිය තම අයියා දෙස බලා සැණෙකින් බිම බලාගත්තා.”
”කෝ කෝ ඊළ`ග …..” අපේ ඇග පවා හිරිවැටෙද්දී මුස්ලිම් තරුණිය කාන්තාවන් පරීක්ෂාකරන කුටියට වැදුනා.
ඊළගට මම
වැඩි ප‍්‍රශ්න කිරීමක් නෑ
ඇතුලට ඇතුලට
කමිසෙ ගලවන්ඩ ඕනා
මම කමිසයේ බොත්තම් ගැලෙව්වා
මං කිව්වෙ කමිසෙ ගලවන්ඩ කියල
මොනව? මං අහගත්තෙ මගෙන්ම.
මානව හිම්කම්, මූලික මිනිස් අයිතිවාසිකම්, මානව ගරුත්වය වැනි කොළඹ සිට අප පට්ට ගහන වචන සියල්ලම මගේ හිස මත ලඹ දුන්නා.
ඉක්මනට ඉක්මනට…..
මගේ කමිසය පමණක් නොව, ඊළ`ග මොහොතේ කළිසම පවා ගැලවීමට අර කිසිම සංකල්පයක් බධා වුණේ නැහැ.

මට පමණක් නොවේ, අප සමග සිටි කොළඹ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයද, නීතිඥ මහතා, සහ පියතුමාටත් නොවූ බව රෙදි ඇ`දගෙන ආපසු වෑන්රියට ගොඩවීමෙන් පසු ඇතිවු කතා බහේදී මට තේරුණා.

ඒ මොහොතේ අපි හිත හදාගත්තේ කොළඹ ඇවිත් ලොකු වැඩක් දෙන්න හිතාගෙන. පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීම, ජනමාධ්‍යමගින් නැවත, නැවත හෙළිදරව් කිරීම වැනි වැඩ කිහිපයක්ම කළ බව ඇත්ත.

එදා යුක්තියේ පිටුදෙකක් පුරා මේ පිළිබ`ද හෙළිකරමින් ලියු ලිපියේ හෙඩිම, ජාතිය වෙනුවෙන් – අපි හෙ`ඵවෙන් !
අද වනවිට අවුරුදු අටක් ගතවී ගිහින්, සිදු වු දෙයක් නෑ, අපි තවම හෙ`ඵවෙන් සෙසු ලෝකයාට විතරක් නොවේ, රෙදි ගැලවුනු අපට පවා දැන් ඒ සිද්ධිය අමතකව ගිහින්.

එහෙත් අට වසරකට පසු පාරක් පාරක් ගානේ හාමුදා මුරපොලවල් කීයක් ඉදිවෙලාද? මේ හමුදා මුරපොලක් පසුකරන බොහෝ විටදී මට යළි යළිත් ඒ දවස සිහියට නැගෙනවා.

මේ හමුදා මුරපොලවල් පසුකරයන හැම දෙනාම නීතිඥයන්. ආගමික නායකයන්, ජනමාධ්‍යවේදීන් හෝ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් නොවේ. එහෙව් අපිත් එදා එහෙම නිහ`ඩ වුනා නම්, අද මේ රටේ හ`ඩක් නැති බලයක් නැති අහිංසකයන් කී දහසක් කොතරම් හිංසන පීඩාවල් නිහ`ඩව විද දරාගෙන මේ හමුදා මුරපොළවල් පසු කරනවා ඇද්ද?