ශ්‍රි ලංකාවේ සමාජයම චන්ඩින්ට හරි කැමතිය. හරිම ආදරේය. ජනසමාජය තුළ ඓතිහාසිකව සරදියෙල් උත්කර්ෂජයට නැංවෙන්නේ ඒ නිසාය. දුටුගැමුණුද එසේමය. වැව් 71 හදපු ධාතුසේන ගැන මහාවංශයේ පිටු දෙකක් වෙන්වෙද්දී දුටුගැමුණු වෙනුවෙන් මහාවංශයෙන් තුනෙන් එකක් වෙන්වන්නේ එබැවිනි. මේ ලෙස ලංකා ඉතිහාසය වෙන්වී ඇත්තේ චන්ඩින් වෙනුවෙනි.
ලංකා සමාජය චන්ඩින් වර්ග දෙකකට වෙන්කරති. ඉන් එක කොටසක් හිතහොද චන්ඩිය. ඒ අයට රොබින් හුඩ් චන්ඩින් කියාද කියති. (රොබින් හුඩ් සංන්දර්භය නොදන්නා අය) අනෙක් පිරිස බහුතරයකට එපා කරපු චන්ඩිය. මේ දෙවර්ගයේ ක්‍රියාකාරීත්වයට සමාජය ප්‍රතිචාර දක්වන්නේ දෙයාකාරිකවය.
එම හැසිරීම නිරීක්ෂණය කිරීමට වැඩි ඈතකට අපට යාමට අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස මෑතම සිද්ධිය අපට ගත හැක. දුමින්ද සිල්වා විසින් භාරත ලක්‍ෂමන් ඝාතනය කිරීම. මේ සිදුවීම ඔස්සේ ඉතාම නිවැරදිව ලාංකිකයාගේ හැසිරීම නිරීක්‍ෂණය කළ හැකිය. බොහෝ දෙනාට අනුව භාරත හිතහොඳ චන්ඩියෙකි. දුමින්ද කුඩු කාරයෙකි. ඔහුද චන්ඩියෙකි. නමුත් බහුතර අනුකම්පාව දිනා ගන්නා ලද්දේ භාරත විසිනි. වැඩිදෙනාගේ ප්‍රාර්ථනය වුයේ වූයේ දුමින්ද මිය නොගොස් සදාකලික අබ්බගාත තත්ත්වයට පත්වේවායැයි කියාය. (මේ ලින්ක් එකෙන් කොමෙන්ටු බලාගන්න 29843 ) මෙලෙස ප්‍රාර්ථනා කලේ මේ ඊයේ පෙරේදා ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරූ අභිමාවත් සිංහල බෞද්ධයාමය. ඒකත් මතක තබාගෙනම ඉදිරිය කියවාගෙන යමු.
දැන් ගැටලුව ලංකා සමාජය නිරන්තරයෙන් චන්ඩියෙකු බලාපොරොත්තු වීමයි. හිතහොඳ චන්ඩින් හෝ හිතනොහොඳ චන්ඩින් දෙවර්ගයක් සිටින්ට බැරිය. මන්ද ඔවුන් සියල්ලෝම පවතින දේශාපාලන ව්‍යාපෘතියේ වන්දිභට්ටන් හෙයිනි. පවතින බලඅධිකාරියේ බලයෙන් දිලිසෙන පිරිසක් බැවිනි.
මෙරට දේශපාලනයේ චන්ඩින් සමග ඇදෙන අනෙක් සුලබ දෙය ගිනිඅවිය. අවිය ඔවුන්ගේ චණ්ඩිකම ත්‍රීර්ව කරයි. කුඩු, ස්ත්‍රී දුෂණ, වංචා, මැරකම් මේ කාරණා සියල්ල කවර ගණයේ චන්ඩියෙක් සමග වුවද සමපාතව කටයුතු කරයි. ලංකාවේ දේශපාලකයන් සියල්ලෝ චන්ඩිය. කුප්‍රකට දේශපාලන චන්ඩින්ගෙන් මෑත කාලීන දේශපාලන පිරී ඇත. කැලණියේ එක් චන්ඩියෙකි. කොලොන්නාවේ චන්ඩි දෙදෙනෙකි. මතුගමින් චන්ඩි මල්ලී ඇත. කුන්ඩසාලෙන් කෙහෙලිය චන්ඩියෙකි. මීගමුවෙන් චන්ඩි දෙදෙනෙකි. ඒ නිමල් ලංසා සහ සරත් ගුණරත්නයි. ගාල්ලේ මුතුහෙට්ටිගම, රත්නපුරේදී පවිත්‍රා චන්ඩි රැජිනකි. මෙලෙස නම් කීපයක් කීවද දියවන්නාවේ සිටින දෙසිය විසිපහම විවිධාකරයේ චන්ඩිය. ඒ දෙසිය විසිපහේ ආශිර්වාදය ලබනා අංකුර චන්ඩීන් සියගණනක් ද සිටී. මෙලෙස ලංකාවේ දේශපාලනය මහජන සේවය පදනම් කරමින් ගොඩනැගුනාවක් නොවන අතර එය තනිකරම මැරකම,ජඩකම, කළුසල්ලි,පාතලය, දුෂණය, භීෂණය මත පදනම් කරගනිමින් ගොඩනැගුනකි. මේ ලෙසින් ක්‍රියාත්මක වන දේශපාලනය සුවිශේෂී ලක්‍ෂයක් සලකුණු කරන්නේ 2009 මැයි 19 වැනිදාය. ඒ දමිළ සන්නද්ධ අරගලය විනාශ කරමින් දකුණේ ලාංකීය සමාජයම චන්ඩින් බවට පත්වෙයි. ඔවුන් සියල්ලගේ මනෝභාවය ‘අපි දෙමළුන්ට දුවන්න දුන්නා‘ යන්නයි. ඒ අතරින් සුවිශේෂී චන්ඩියෙක් මතුව එයි. ඒ නන්දසිරි ගෝඨාභය රාජපක්‍ෂයි.
මේ මොහොත වනවිට ඔහු ශ්‍රී ලංකා රාජ්‍යයේ නිල චන්ඩියාය. සියලු සංස්ථා පද්ධතීන් ක්‍රියාත්මක විය යුත්තේ ඔහුගේ අණ අනුවය. තමන්ට විරුද්ධ සියලු මත විනාශකිරීමට මර්ධනය කිරීම සිදුවන්නේ රාජ්‍යයේ මිලිටරි ය යොදාගනිමිනි. යම් කිසි ලංකිකයෙක් තමන්ගේ පක්‍ෂාත්භාගයෙන් නන්දසිරිගේ අනුදැනුමෙන් තොරව වාතයක් යැවූවද එයද ලංකාව තුළ වරදකි. හිත හොද චන්ඩින්යැයි කියානා භාරත ලා මෙන්ම කුඩුකාර චන්ඩීන් වන දුමින්දලා යහමින් තමන්ගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ මහාචන්ඩින්ට පින්සිද්දවන්නටය. දුමින්දලා සහ භාරත ලා අතර වෙනස දුමින්ද ගෝඨාභයගේ සුවච කීකරු ගෝලයෙක් වීම පමණි. නැතිනම් දෙදෙනාගේ චන්ඩිකම් වර්ගකර නොහැකිය. රාජපක්‍ෂ රිජීමය තමන්ගේ ආධිපත්‍ය පවත්වාගෙන යන්නේ 1. චන්ඩින් 2. ගිණිඅවි 3. දැවැන්ත ප්‍රමාණයේ කුඩු ව්‍යාපාරිකයින්. උදාහරණ ලෙස මර්වින් සිල්වාද, දුමින්ද සිල්වාද කුඩු ව්‍යාපාරිකයින්ය. භාරත අති පිරිසිදුයැයි කිසිවිටෙක කිවනොහැකිය. කොලොන්නාව ප්‍රදේශය පුරා කාලෙක ඔහු මිනිසුන් තුළ භීතියක් ඇති කළ පුද්ගලයෙකි. “ඕකට ඔහොම වෙලා මදියැයි” කියනා පුද්ගලයන් එම ප්‍රදේශයෙන් සොයාගැනීමද අපහසු නොවේ.
ශ්‍රී ලංකාවේ නීතීයේ අනුවනම් දුමින්ද සිල්වා රෝහල තුළදී අත්අඩංගුවට ගත යුතු අතර ඔහු පොලිස් භාරයට පත් කළ යුතුය. නීතිය වල්වැදී ඇති රටක පවතින්නේ රාජපක්‍ෂ සරණං ගච්ඡාමී නීති පමණි. කලෙකට ඉහතදී චන්දන කත්‍රිආරච්චි නම් චන්ඩියාද නීතියෙන් නිදහස් වූයේ ඒමඟ යෑම නිසාවෙනි.
ඒ නිසාම භාරත ලක්‍ෂමන් ඝාතනය කිරීම චන්ඩි දෙකොට්ඨාෂයක් අතර ගැටුමක් වුවත්, ඉන් ගම්‍ය වන කාරණා ගණාවකි. ඉන් ප්‍රධාන වන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන අවනීතියයි. නීතිය පසුගිය කාලය පුරා ගණිකා වෘත්තියේ යෙදවුනු අතර ඒ නිසාම දැන් ලංකාවේ නීතියක් ක්‍රියාත්මක් වන්නේ නැති තරම්ය. ඊට අමතර ලංකාව තුළ පසුගිය කාලය පුරා උත්කර්ෂයට නැගුණු ගිණිඅවි සහ ගිණිකෙලි සංස්කෘතියේ උච්චතය අවස්ථාවකි. පොලීසිය විසින් පාතාල චන්ඩීන් ඝාතනය කරනු ලැබුවේද මේ ලෙසමය. එහි එකම වෙනස එයට අදාළව සැමදා කියන රසවත් කථාවක් ඇති වීම සහ මාධ්‍ය විසින් එය වාර්ථාකරනා ආකාරයයි.
මෙහි බරපතලම කාරණය ජනාධිපති උපදේශක චන්ඩියෙක් පොලීසිය බලාසිටියදී මහමග මරා දැමුවානම්, මෙරට විකල්ප දේශපාලන මතධාරියට දෙයියන්ගේම පිහිටය. ඒ නිසා දැන් ශ්‍රී ලංකාව යනු ගිණිඅවි, චන්ඩින් සහ රාජපක්‍ෂ සරණං ගච්ඡාමී පමණි.
ක්‍රිශාන් රාජපක්‍ෂ