දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා තිබේ. එම නිවේදනය නිකුත් කරනුයේ ” අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමිනි.
රුධිරය වගුරවා දෙමළ ජනතාවට අප ලබා දුන්නාවූ නිදහසට බාධාකරන්නවුන්ට උපරිම දඩුවම් ලබාදෙන බව එම පෝස්ටරයේ සඳහන්ව ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ තෝරාපත් වූ ශිෂ්‍ය නායකයින් සහ අලුතින් ලබන වසරට පත්වී සිටින ශිෂ්‍ය නායකයින්ගේ නම් ඉහත මරණ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. මින් එක් ශිෂයෙකු වන එස්. තවපලසිංහම් මහතා මෑතකදී හමුදා බුද්ධි අංශයෙන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් පහර කෑමට ලක්ව ඇති අතර මින් එක් ආචාර්යවරයෙකු වන එස්.රවීන්ද්‍රන් මහතා 2009 මාර්තු මසදී කොළඹදී පැහැගෙන යාමකට ලක්ව සති දෙකකට පසුව නිදහස් කර ඇත. මෙම තර්ජනාත්මක පෝස්ටරයෙන් පසු විශ්ව විද්‍යාලයේ සිසුන් හා ආචාර්යවරුන් පැහැරගෙන යාමකට හෝ ඝාතනයකට ලක්වේ යැයි දැඩි ජීවිත බියකින් පසුවේ.
පොස්ටරයේ නම සඳහන් විශ්වවිද්‍යාල ශිෂ්යයින්වන ශාස්ත්‍ර පීඨයේ කිරුපාහරන්, අමල් රාජ්, තවපලන්,ශක්ති,ජනමෙනන්,සෙන්තිල් ද කළමණාකරණ හා අධ්‍යයන වාණිජ පීඨයේ සූරූපන් හා විද්‍යා පීඨයේ ප්‍රසන්න යන ශිෂ්‍යයින්ය.
ජීවිත තර්ජනය ලක්ව ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වන්නේ භූගෝල අධ්‍යයන අංශයේ රවීන්ද්‍රන් , ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරයෙක් සහ යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් තනතුර හොඹවන විඥේශ්වරන් සහ හිටපු ශිෂ්‍ය නායකයෙකුව සිටි දැනට සහයක ආචාර්යවරයෙකු වන හරිහරන් යන මහත්වරුන් වේ.
මේ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමන් මේ පිළිබඳ කිසිවත් නොදන්නා බවයි. ඊට අමතර අන්තර්විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාරගෙන් කළ විමිසීමකදී ඔහු ද මේ පිළිබඳ කිසිවක් නොදන්නා බව පැවසීය.
මේ පිළිබදව අප කළ විමසීමකදී යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එස්. තවපාලන් මීට සුලු වේලාවකට ඉහත දී සදහන් කළේ, එම පෝස්ටරයේ ශිෂයන් 8 දෙනකුගේ නම් සහ ආචාර්යවරැන් 3දෙනකුගේ නම් සදහන්ව තිබූ බවත්, දැන් වනවිට තත්ත්වය යහපත් වුවත් සිසුන් සහ ආචාරයවරැන් මේ පිළිබදව බියකින් පසුවන බවත්ය.