පසුගිය දා විවෘත කළ නෙලුම් පොකුණ ජාතික රඟ හළ(පසුව එය නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහළ ලෙස වෙනස් කළේය.) ඉදිරියේ ඇති ‛‛ආනන්ද කුමාරස්වාමි මාවත’’ නමින් හැදින් වූ මාර්ගයේ නාමය වෙනුවට ‛‛නෙලුම් පොකුණ මාවත’’වෙනස් කරනු ලැබූ අතර එය අමනොඥ ක්‍රියාවක් බව සලකා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයේ හිටපු අංශාධිපති සහ ජාතික කලා මණ්ඩලයේ හිටපු සභාපති, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් විවෘත සංදේශයක් යොමු කලේය. එම සංදේශය පසුගිය සතියේ රාවය පුවත් පතේ පළ කළ අතර මේ එම සංදේශය යි.
‘‘මෙම සංදේශයේ අරමුණ වන්නේ කිසියම් අඳබාල පිරිසක් විසින් මෑතිකදී සිදු කොට ඇති ඉතාමත්ම අමනොඥ ක්‍රියාවක් කෙරෙහි ඔබතුමන්ලාගේ අවධානය යොමු කිරීම හා එම වරද නිවැරදි කොට මෙරට ජනතාවට අත්‍යවශ්‍ය මාර්ගෝපදේශයක් සපයන ලෙස ඉල්ලා සිටීමටය.
මේ අභාග්‍යමත් සිද්ධිය නම් කොළඹ 07, මෙතෙක් ආනන්ද කුමාරස්වාමි මාවත නමින් හැදින් වූ මාර්ගයේ නාමය වෙනස් කිරීමය. මෙරට අගනුවර විවිධ කලා කටයුතු සිදුවන මෙම කේන්ද්‍රස්ථානය හැදින්වීම මෙම අංශයන් හී තමා විසින් කරන ලද කටයුතු නිසා ලොව පතල වූ ලොව ප්‍රාඥයකුගේ නම යොදා ගන්නේ නම් ඒ සඳහා යෝග්‍යතම නාමයන් කිහිපය අතර ආනන්ද කුමාරස්වාමි නාමයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක් බව ඔබතුමන්ලා දන්නා බව ලේඛකයාට සැකයක් නොමැත.
ආනන්ද කුමාරස්වාමි ලොව පතල දාර්ශනිකයෙකි. කලා විචාරකයෙකි. ඔහු විසින් දීර්ඝකාලීන පර්යේෂනයන්ගෙන් පසු පළ කරන ලද සිය ගණනක් වූ ග්‍රන්ථ හා පර්යේෂණ ලිපි අද දක්වා ලොව පුරා බුදු දහම, හිංදු දහම පෙරඅපර දිග දර්ශණය, සංගීතය, පෙර අපර දිග නාට්‍ය හා නැටුම් කලාවන් හදාරන විද්වතුන්ගේ පාඨ ග්‍රන්ථ බවට පත් වී ඇත. මෙම ලිපි ලේඛන වලින් සෑහෙන ප්‍රමාණයක් සිංහල සහ දෙමළ භාෂාවන්ටද පරිවර්ථනය වී ඇත.
පර්යේෂකයකු, විචාරකයෙකු හා දාර්ශණිකයෙකු ලෙස බුදු දහම, හිංදු දහම මෙන්ම ඒවා ඇසුරින් වැඩුනු කලාවන් ද ලොවට හඳුන්වා දුන් කුමාරස්වාමි තමා උපන් දේශයෙහි සංස්කෘතික උරුමයන් හදාරන අතරම ඒවා ඉදිරි පරම්පරාවන්ට රැක දීම සදහා ද ක්‍රියාත්මක ලෙස මැදිහත් විය. තම පර්යේෂණ ක්‍රියාවලියේ දී ඔහු විසින් නිරීක්ෂනය කරන ලද එක් තත්ත්වයක් වූයේ උඩරට රාජධානි සමයට අයත් කලාවන් විශේෂයෙන් පැරණි ගොඩනැගිලි, විහාර හා ඒවායේ ඇති චිත්‍ර විනාශ මුඛයට යමින් තිබූ ආකාරය යි. 1905 දී හෙතෙම උඩරට ජන ප්‍රධානීන්ට විවෘත සංදේශයක් යවමින් මෙම සංස්කෘතික උරුමයන් විනාශ වීමට ඉඩ නොතබා රැක ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආයාචනා කර සිටියේ ය. ්බ දචැබ ඛැඑඑැර එද එයැ ණ්බාහ්බ ක්‍යසැිෙ…..මැයෙන් ලිපියක් ලියු හෙතෙම එහි පිටපත් 350ක් මහනුවර කාර්මික විද්‍යාලයේ මුද්‍රණය කරවා බෙදා හැරියේ ය. කුමාරස්වාමි මෙම පොත් පිංචට ලියන ලද කෙටි පෙරවදනෙහි මෙසේ ද කියයි. ‛‛මෙම ලිපිය උඩරට ජනනායකයන් ආමන්ත්‍රණය කරන්නක් වුවද මෙය සමස්ථ සිංහල ජනතාව වෙතම තම සංස්කෘතික උරුමයට අයත් ආගමික සහ ආගමික නොවන වාස්තුවිද්‍යාත්මක දායාදයන් ආරක්ෂා කරගන්නා මෙන් කරන්නා වූ ආයාචනයකි.’’ කුමාරස්වාමිගේ මෙම ආයාචනය උඩරට වාස්තු විද්‍යාත්මක සිහිවටන පමණක් නොව විහාර බිතු සිතුවම් ද රැකගැනීමේ අවශ්‍යතාවය පිළිබදව එතෙක් නොතිබූ උනන්දුවක් අවදි කල බව නිසැකය.
මෙබදු ජාත්‍යන්තර තලයේ මෙන්ම ජාතික තලයේද සංස්කෘතික ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කළ මෙම යුග පුරුෂයාගේ නමින් මෙරට අගනුවර වීථියක් හඳුන්වා මේ මොහොතේ එය මකා දැමීම ඔහුට කරන අපහාසයකටත් වඩා අපදේශයට කර ගන්නා අපහාසයකි. එසේ කළවුන්ගේ අඥානබව මෙම තීරණයට හේතුව බව නිසැකය.
1905 දී කුමාරස්වාමි මහතා කී පරිදිම මෙය මෙරට සමස්ථ ජනතාව වෙතම කරන ආයාචනයකි.‘‘
මෙම සංදේශය උපුටා ගැනීම රාවය පුවත්පතිනි
————————————————————————————————————————————-
අත්‍යවශය සටහනක් – සංස්කාරක
කෙසේ නමුත් මෙම අමන ක්‍රියාව සිදුවන්නේ 30වසරක යුද්ධයකින් පසුව ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමට යැයි පවසා සංහිදියා වාර්තාවක් ජනාධිපතිවරයා විසින් හාංසිපුටුවක් මත කියවමින් සිටින මොහොතකයි. එසේම සාධාරණ සහ යුක්ති සහගත දෙමළ අභිලාශයන් මුග්ද අවි බලයෙන් තලා තමා වසර දෙකකටත් වැඩි කාලයක් ගෙවෙමින් ඇති මොහොතක තවමත් ඔවුනට කිසිදු විසඳුමක් යෝජනා වි නැති මොහොතක ‘ලැබුවා වු නව වසර සාමයෙන්, සතුටින් පිරි වසරක් වේවායි,‘ නව වසරට ජනාධිපතිවරයා සුභ පැතුම් එවන මොහොතකයි.