[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
පහත පළවන්නේ පසුගිය 26 දින දි අයිලන්ඩ් පුවත් පතෙහි කතු වැකියෙහි ජේද කිහිපයක අනුවාදයකි:
”ප්‍රධාන සැකකරු මේ ලියන අවස්ථාවෙහි නිදහසේ සිටින අතර නීතිඥයකු හරහා බාරවනු ඇත. අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාජ පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත. පැවැත්වෙන කවර හෝ පරීක්ෂණයක් වෙතොත් ඉන් කිසිදු වැඩක් නොවනු ඇත. මන්ද යත් ආණ්ඩුවට සිය කුණු, වැළ නොකැඩී හෙළිවීම අනවශ්‍ය නිසා ය. කිසිවකු සාක්ෂි දීමට ඉදිරිපත් නොවනු ඇති අතර සැකකරුවන් සියඵ දෙනාම නිදහස් වීමට බොහෝ ඉඩ තිබේ.”
”ප්‍රහාරකයින් විසින් ගිනි අවියක් යොදා ගත් බව පොලිසිය පවසන මෙම කුරිරු ප්‍රහාරයේ දී බි්රතාන්ය ජාතිකයකු මරණයට පත් වූ අතර ඔහුගේ රුසියානු සහකාරිය බරපතල තුවාල ලැබුවා ය. මීනීමරුවන් යුක්තිය හමුවට පැමිණ වීමට ආණ්ඩුව දිව්රා ඇතත් එය බරපතල ප්‍රකාශයක් ලෙස ගණන් නොගත යුතු ය. මන්ද යත් ආණ්ඩුව විසින් ම හොඳින් රැක බලාගන්නා මැරයින් නීතියට ඉහළින් සිටින නිසා ය.
” ආණ්ඩුවේ බලකණුවක් මරණයට පත්කරමින් ද පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මංත්රිවරයකු තුවාල කළාවූද අපකීර්තිමත් මුල්ලේරියාව ගැටුමට සම්බන්ධ පරීක්ෂණය ආණ්ඩුව විසින් මඩකර ඇති පරිදි තංගල්ල ප්‍රහාරය අරභයා නිසි පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතැයි කල්පනා කිරීම හුදෙක් හිතලූවක් පමණක් වනු ඇත” දි අයිලින්ඩ් පුවත්පත හෝ එහි කතුවරයා හෝ රාජපක්ෂ ආණ්ඩු විරෝධී ලෙස සැළකෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම නම් පුවත්පත මෙන්ම කතුවරයා ද ආණ්ඩුවේ යුදවාදී පිළිවෙතට ප්‍රතිපත්තිමය වශයෙන් සහාය දෙයි. එවැනි පුවත් පතක කතුවැකියක් විසින් කරනු ලබන විවේචනයක් එය කොතරම් උග්‍ර වුවත් ආණ්ඩු විරෝධීන්ගේ ප්රලාපයක් ලෙස බැහැර කිරීමට නොහැකි ය.
එම කතුවැකිය තවදුරටත් පවසන්නේ ‘ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ තමන්ම කුපිත කළ සුළෙඟහි කුණාටුමය විපාකයන්ට බවත් මෙම මිනීමරුම ශ්‍රිලනිප දාමරිකයින් විසින් කළ දෙයක් බව ය. කොකා ගැස්සීම විනෝදය කරගත් සිය දාමරික හෙංචයියන් පාලනය කිරීමට ආණ්ඩුව අසමත්ව ඇති බව ය. පාලක පක්ෂයේ දාමරික මැරයින්ගේ අලූත් ත්රස්තවාදයක් දැන් රට පුරා පවතී. අපරාධ රේට්ටුව භයානක ලෙස ඉහළ ගොස් ඇති අතර දාමරිකයෝ පූර්ණ නිදහසකින් යුතුව කටයුතු කරති’. පසුගිය ඔක්තෝබර් 08දා රාජපක්ෂ රිජීමයේ දේශපාලනඥයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගිනි අවි ගැටුම සමාජයම හෙල්ලූම් කැවූ නමුත් පාලක රාජපක්ෂ කණ්ඩායම ඉන් කිසිදු පාඩමක් ඉගෙන නොගත් බව ඉහත කතු වැකියට පාදක වූ නත්තල් සැන්දෑවෙහි බි්රතාන්ය ජාතික සංචාරකයා ඝාතන කිරීමෙන් පැහැදිළි විය. වෙඩි තැබීම පිණිස යොදා ගන්නා ලද ටී 56 ගිනි අවිය ජනාධිපති ආරක්ෂාව පිණිස නිල වශයෙන් නිකුත් කරන ලද එකක් දැ යි යම්යම් ජනමාධ්‍ය විසින් දැනටමත් ප්‍රශ්ණ කරනු ලැබ ඇත. මූලික පොලිස් පරීක්ෂණයේ දී අත්‍යවශ්‍ය සාක්ෂි සටහන් කර නොගත් බවටත් චෝදනා එල්ල වී තිබේ. දි අයිලන්ඩ් කතුවරයා නිවැරදිව පෙන්වා දෙන පරිදි පාලක පක්ෂයේ දේශපාලන දාමරික මැරයින් විසින් රට පුරාම රිසිසේ දූෂණයේ සහ භීෂණයේ පා නයක් ගෙන යමින් තිබේ. තංගල්ල මිනීමැරුමෙහි සැකකාර මිනීමරුවා රාජපක්ෂ පාලනයේ උරුමකරු වන නාමල් රාජපක්ෂගේ දේශපාලන හිතවතකු බව කියනු ලැබේ. භාරත ලක්ෂ්මන් ඝාතනයේ සැකකාර මිනීමරු ප්‍රධානියා මෙරට ආරක්ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන හිතවතෙක් බව ද ප්‍රසිද්ධ ය.
පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගයන්ගෙන් එකක් මෙම ඝාතනය විසින් ද අප හමුවට ගෙන එයි. එනම් උගත් පාඩම් කොමිසම විසින් යළිත් වරක් අවධාරණය කර ඇති නීතියේ පාලනය මෙරට පිහිටුවීම යි. එසේ නමුත් පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ සමස්ත දිශානතිය යොමුව ඇත්තේ එකී උගත් පාඩම් කොමිසම විසින් හෙළාදුටු ‘පුද්ගලයින්ගේ පාලනයක්’ ඇති කිරීම පිණිස ය. එහි ලැජ්ජා සහගත සංකේතයක් වන්නේ කිසිදු නීතියක් නොසළකන අමාත්‍ය මර්වින් සිල්වා ය.
ඔහු හරියට උගත් පාඩම් කොමිසම සඳහන් කරන ‘පුද්ගලයින්ගේ පාලනයේ’ මාළිමා කටුවක් වැන්න. ඔහුගේ සියළු අවනීතික ක්‍රියාවන් රාජපක්ෂ පාලනයේ පූර්ණ අනුග්‍රහය ලබන බව රහසක් නොවේ. 2012 වර්ශය එළඹෙන්නේ ශ්‍රී ලංකාණ්ඩුව විසින් රටෙහි නීතියේ පාලනය ඇති කරන බවට දෙස් විදෙස් වශයෙන් දෙන ලද පොරොන්දු ගොන්නක් අබිමුවෙහි ය. එක අතකට උගත් පාඩම් කොමිසමෙහි වාර්තාව ය. අනෙක් අතට මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්ම ය. කොමිසමෙහි වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලද නමුත් මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වෙත යවන ලද මුත් මෙරට මහා ජනයා වෙත තවම නිල වශයෙන් ලබා දී නැත. මෙම සැළැස්ම සතියක් ඇතුළත ප්‍රසිද්ධ කරන බවට අමාත්‍ය සමරසිංහ ජීනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුයේ කියා සිටියේ පසුගිය සැප්තැම්බර් 10දා ය.
මෙම ලේඛන දෙකට අමතරව 2011 වසරෙහි එක්සත් ජාතීන්ගේ කමිටු හතරක් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රයන්හි මානව හිමිකම් තත්ත්වය විමසා බලා සිය නිරීක්ෂණයන් සහ නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී. එම ක්ෂේත්රයන් නම් ළමා අයිතිවාසිකම්, ආර්ථීක, සංස්කෘතික සහ සමාජ අයිතිවාසිකම්, ස්ත්‍රී අයිතිවාසිකම් සහ වධහිංසා විරෝධී අයිතිවාසිකම් ය. (එකී නිර්දේශ බොහොමයක් ඒ ඒ අවස්ථාවන්හිදී මෙම කොළමෙ හි සටහන් කර ඇත.) මෙම නිර්දේශ ඉටු කිරීමට ද ශ්‍රී ලංකාණ්ඩුව බැඳී සිටී. එනමුත් එම නිර්දේශයන් සිංහල සහ දෙමළ බසින් ශ්‍රී ලංකාවේ මහාජනයාට දැන ගැනීමට සැළැස්විය යුතු බවට වන නිර්දේශයවත් ආණ්ඩුව විසින් මෙතෙක් ක්‍රියාවට නඟා නැත.
2012 වසර රාජපක්ෂ ආණ්ඩුවට අභිමුවට ගෙන එන්නේ හුදෙක් නීතියේ පාලනය යළි පිහිටුවීමේ අභියෝගය පමණක් නොවේ. ඊට අමතරව මෙරට දෙමළ ජනයාගේ සාධාරණ දේශපාලන ඉල්ලීම් ඉටු කිරීම පිළිබඳ අභියෝගයටත් එය මුහුණ දෙයි. සමහර විට 2012 වසරෙහි ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය විය හැක්කේ එයයි. එය හුදෙක් හදිසිතම අභියෝගය වන දේශපාලන විසඳුමක් සැපයීම පමණක් නොවේ. උගත් පාඩම් කොමිසමේ වාර්තාව අගයමින් දේශපාලන විසඳුමක් ලබා දීම උදෙසා තීරණාත්මක ලෙස ක්‍රියා කරන ලෙස දක්වන අතර ම ඉන්දියානු ආණ්ඩුව අවධාරණය කළ එම වාර්තාවේ අනෙක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාණ්ඩුවට කල් දැමිය නොහැකි අභියෝග වෙයි. ඒවා මෙසේ ය: සොයා ගැනීමට නොහැකි සහ රැඳවුම් කඳවුරුවල සිටින පුද්ගලයින් පිලිබඳ තොරතුරු ලබා දීම, අතුරුදහන්වීම් සහ පැහැර ගැනීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම, ත්‍රෛ භාෂා පිළිවෙත ප්‍රවර්ධනය කිරීම, සෑම කාර්යාලයකට ම දෙමළ කතා කරන නිළධාරීන් පත් කිරීම, නීති විරෝධී ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කිරීම, අධි ආරක්ෂක කලාප සීමා කිරීම, හමුදා විසින් ලබාගෙන ඇති පුද්ගලික ඉඩම් ආපසු ලබා දීම, නිර් මිලිටරිකරණය, සිවිල් කටයුතුවලින් යුද හමුදාව ක්‍රමයෙන් ඉවත් කිරීම සහ උතුරු පළාතෙහි සිවිල් පරිපාලන ක් පිහිටුවීම.
එමෙන්ම සිය හමුදා ප්‍රජාවෙහි එදිනෙදා කටයුතුවලින් ඉවත් කර ආරක්ෂක කටයුතු වලට පමණක් සීමා කරන බවට ලංකාණ්ඩුව දී ඇති පොරොන්දුව ද ඉන්දියානු ආණ්ඩුව සිය ප්‍රකාශයෙහි අවධාරණය කළේ ය. උගත් පාඩම් කොමිසමේ වාර්තාව පිළිබඳ ඉන්දියානු ආණ්ඩුවේ ප්‍රකාශය අවසන් කරනු ලැබුවේ යුද්ධයේ අවසන් අදියරෙහි සිදුවූ සිවිල් ජන මරණ යනාදිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ස්වාධීන සහ විශ්වසනීය යාන්ත්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරමිනි.
ශ්‍රී ලංකාව 2012 වසරට මුහුණ දෙන්නේ වේගවත් ආර්ථීක සංවර්ධනයක් සඳහා ඇති අවස්ථාවන් ඇතිව ය. එසේ නමුත් වසර අවසානයේ දක්නට ලැබුණේ රාජ්‍ය පාලනයෙහි දේශපාලනීකරණය, දේශපාලන විසඳුමක් සඳහා වන සාකච්ජා බිද වැටීම, උතුරේ මිලිටරිකරණය උග්රවීම, උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ අර්බූද මතුවීම, දේශපාලන දාමරික මැරයින් විසින් නීතිය අතට ගැනීම, ජනමාධ්‍ය නිදහස තවදුරටත් සීමා කිරීම, පැහැර ගැනීම් දිගින් දිගටම සිදුවීම වැනි දේශපාලන අස්ථාවරභාවයක් කරා මඟ පෙන්වන වර්ධනයන් ය.
පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව මානව හිමිකම් ගරු කරන සමානාත්මතාවයේ, ප්රජාතන්ත්රවාදයේ සහ නිදහසේ රටක් බවට පත් කරන බවට රාජපක්ෂ පාලනයේ ශපථ කිරීම් සහ ශ්‍රී ලංකා මහ පොළවේ වත්මන් යතාර්ථය සමඟ ගැලපෙන්නේ නැත. මෙම ප්රතිවිරෝධය 2012 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දෙන සමස්ත අභියෝගය බවට පත්වීම නොවැළැක්විය හැකිය.
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshpriya]