”හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව ලොකුයි.” යනුවෙන් ජන වහරේ කියවේ. කිසිවෙකු යම් කිසි වරදක් වසාගැනීමට හෝ යම් ක්‍රියාවක් මගහැරීමට හිතාමතාම කරන ”සුත්‍රයක්” ” (ගෙන හැර පාන ක්‍රියාවක්) ජනවහරේ මෙසේ හඳුන්වයි.
වසර 25ක් තිස්සේ පැවති ජනවාර්ගික යුද්ධය විශාල මිනිස් ඝාතනයක් තුළින් අවසන් කළායින් පසුව ලංකාවේ රජය සහ හමුදාවන් වෙතට ජාත්‍යන්තරයේ සහ
– යුද්ධයේ දී මිනිස් අයිතීන් නොසලකා සිවිල් ජීවිත විශාල ප්‍රමාණයකට හානි පැමිණවීම.
– ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින් අත්අඩංගුවට පත් සිරකරුවන් මරා දැමීම. චෝදනාවන් ලෙසද
– යුද්ධයෙන් හානි පැමිණුනු වැසියන්ගේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට ගෙන ඒම.
– මේ සා විශාල විනාශයකට මුල් වූ ජනවාර්ගික ප්‍රශ්නයට දැන් දේශපාලන විසඳුමක් දීම. කළයුතු දේ ලෙසද ඔවුන් මතුකළ කරුණු අතර විය.
ඒ අතරම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් ලංකාවේ සිදුවූ දේ සොයා බලා ඔහුට දැනුම් දීමට විද්වත් කොමිටියක් පත් කරනු ලැබීය. එම කමිටුව ඉතා කාර්යයක්ෂම ලෙස ක්‍රියා කරමින් වගකීම සහ වගවීම ගැන මෙන්ම නිර්දේශයන් ලෙස ද සාරවත් වාර්තාවක් ඉදිරිපත් කෙරුණි.
මේ අතරම ජාත්‍යන්තරතලයේ මතුවන මේ හඩ යටපත් කරගැනීමේ චේතනාව පෙරදැරිකර ගෙන ජනාධිපතිවරයා විසින් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කරනු ලැබීය. වසර දෙකක පමණ කාලයක් තිස්සේ තෙපරබෑ කොමිසම අන්තිමට පසුගිය නොවැම්බරයේ තම වාර්තාව එළි දක්වනු ලැබීය.
වසර 25කට වැඩි යුද්ධයක් පැවති, මිනිසුන් සිය දහස් ගණනකගේ ජීවිත බිලිගත් දසලකෂයකට වැඩි ප්‍රමාණයක් උන් හිටි තැන් අහිමි කළ ප්‍රශ්නයකට දිය හැකි අවම ආකාරයේ නිර්දේශයන්ගෙන් හෙබි වාර්තාව යුද්ධයේ කෘෘර ක්‍රියා පිළිබඳව වගවීම පිළිබඳව ඉදිරිපත් කිරීම හිතාමතාම මග හැර තිබුණි. ජනවාර්ගික ප්‍රශ්නයක් ඇත. එයට දේශපාලන විසඳුමක් දිය යුතුය. යන්න මෙම නිර්දේශ අතර තිබූ වැදගත්ම නිගමනයන්ය.
මෙම කොමිසම ඉදිරිපත් කරන කාරනා සම්බන්ධව පසුගිය වසර 25ක් තිස්සේම ලංකාවේ විවිධ දේශපාලන කණ්ඩායම් සහ බුද්ධිමතුන් කරුණු ඉදිරිපත් කර ඇත. මෙම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් පවා යෝජනා කර තිබේ. නමුත් සිංහල උත්තමවාදී උන්මාදයෙන් ශීර්ෂ තෝන්තුවී ඇති කොටසකගේ දේශපාලන අධිකාරිත්වය ඇති රටක එම නිගමන යෝජනා මායිම් නොවීය. දැන් කොමිසමේ නිගමන සහ වාර්තා ඉදිරිපත් කර ඇත. පන්දුව රජය අතය. සෙල්ලම් කිරීම හෝ නොකිරීම රජය සතුය.
ලංකාවට කොමිසන් පිළිබඳ ඉතිහාසයක් ඇත. යටත් විජිත අධිපතීන් දක්වාම එය දිවෙයි. කෝල්බෘෘක් කොමිසම ඩොනමෝර් කොමිසම ආදී කොමිසන් සහ ඒවායේ නිර්දේශ එම නිර්දේශ ක්‍රියාවට නැගූ අයුරු ලංකා ඉතිහාසය තුළ සඳහන්ය.
ලංකාවට නිදහස ලැබුණදායින් පසුව හැබෑවටම කියන්නේ නම් අප කරගන්නේ දවසින් දවසම අනාගැනීමකි. ඇදගෙන නෑමකි. සුද්දන්ගේ යුගයේ කොමිසන් සභා සහ ඒවා ප්‍රශ්නවලට විසඳුම් සෙවූ අයුරු අසා ඇති අපගේ නිදහසින් පසු පාලකයින් සැම ප්‍රශ්නයකදීම (සුද්දන් කොපිකර) කොමිසන් පත් කරති. වචනාර්ථයෙන් මිස හරියකට කොපිකිරීමවත් නොදන්නා මොවුන් පත්කරන කොමිසන්වල වාර්තා එළිදක්වන්නේවත් ඒවායේ නිගමන ක්‍රියාවට නංවන්නේ වත් නැත.
මොවුන් පත්කරන මෙම කොමිසන් කෙළවරක් නැත. ඒවායේ නම් ලිවීමට ගියොත් පොත් ගණනක් ලිවිය හැක. පසුගිය එක දෙකක නම් මෙසේ. කොබ්බෑකඩුව – විමලරත්න ඝාතන කොමිසම, මනෝරි කොමිසම, බටලන්ද කොමිසම, මුර්තුර් කොමිසම මෙම කොමිසන් විසින් කරනු ලැබන්නේ රටේ ජනයාගේ බදු මුදල් වියදම් කර වසර ගණනක් රැස්වී ඒවායේ වාර්තා රටේ දේශපාලන බල අධිකාරයට බාරදීමයි. ඉන් පසුව ඒ ගැන කිසිකු කිසිවක් නොදනී. මෙම කොමිසන් වාර්තා කිසිදිනක එළියට නොපැමිණේ. ඇත්තනම් මෙම කොමිසම් පත්කරනු ලබන්නේ ඔහේ කරන්නන් වාලේ මිස එම කොමිසම පත් කිරීමට මූලික වූ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නොවේ. ඇත්ත නම් මෙම කොමිසම් ගැලවිජ්ජා පමණි.
කොමිසමක් පත්කරද්දී මහා හඩක් නගන දේශපාලන අධිකාරය කොමිසමට ප්‍රශ්නය යටයන තුරු කල් මැරීමට ඉඩහරිති. ලංකාව වැනි රටක අද ඇතිවන ප්‍රශ්නයට වඩා වැඩි ප්‍රශ්නයක් තව මාස තුනකින් ඇතිවේ. එවිට මිනිසුන්ගේ අවධානය ඒ දෙසය.
ජන අවධානය වරක රටපුරා මිනීමරන අයගැන වරක් අවදිවන අතර ටික දිනකින් ම එය ග්‍රීස් යකකුවෙත මාරු වේ. ඊළඟට එය රට ගිලගැනීම සිටින ඩයස් පෝරාව වෙතද ඉන් පසුව රට නැවත යුද්ධයකට ගෙනයාමට තැත් දරන සිසුව්‍යාපාර වෙතද ආදී ලෙස මාරුවෙයි. මෙය ලංකාවේ ජන මනස මෙහෙයවන ආකාරයයි. දැනට මාස 6කට උඩදී ලංකාවේ ගමක් පාසා ග්‍රීස්යක්කු මතු වූ අතර පෙම්වතිය බැලීමට රහසේ ආ පෙම්වතුන් කී දෙනෙකු නිරර්තේ ගුටි මුරයට යට වීද?
කෙසේ වුවත් මෙවර උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව එළි දැක් ඇත. එහි නිගමනය වෙනත් නිර්දේශයන්ද එළිදක්වා ඇත.
නමුත් මෙසේ මෙවර මේ උගත් පාඩම් කොමිසමේ වාර්තාව එළිදකින්නේ ඔවුන් මේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සෙවීමට ඇති උවමනාව නිසා යැයි හිතිය නොහැක. එම කොමිසම පත් කරනු ලබන්නේ රටතුළ ජනයාගේ වුවමනාවක් හෝ ඉල්ලීමක් මත නොව ජාත්‍යන්තර ප්‍රජාවගේ හඩින් බේරීමේ උපායක් ලෙසිනි. ඒ නිසාම වසර දෙකක පමණ කාලයක් කල්මරා උවද අන්තිමට කොමිසමට තම වාර්තාව එළිදක්වන්නට සිදුවෙයි. ඒ ලාංකික මිනිසා එය ඉල්ලන නිසා නොව අවදිමත් ජාත්‍යන්තර වැසියා එදෙස නෙත යොමාගෙන සිටින හෙයිනි.
වාර්තාව එළිදැක ඇත. නිර්දේශ ඇත. ක්‍රියාවට නැගිය යුතු දේ ඇත. ඒත් කතාවක් නැත. බලධරයන් නිහඩව ඇත. මෙයත් ගැලවිජ්ජාවකින් එහා යාවිනම් අප පුදුම වියුතු ඇත.
ඒ වෙනකක් නිසා නොව, අපි කවුරුත් දන්නා පරිදි ලංකාවට ව්‍යවස්ථාවක් තිබේ. නමුත් ලංකාවේ පාලනය සිදුවන්නේ ව්‍යවස්ථානු කූලව නොව එයට විරුද්ධවය. 1987 සිටම ව්‍යවස්ථාවට 13වන සංශෝධනයක් ඇති බව අපි දනිමු. ඒ අනුව පළාත් සභාද ඇත. නමුත් ව්‍යවස්ථානුකූල බලය මේවාට ලබාදී නොමැත. එනම් අප රට පාලනය වන්නේ ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි. නමුත් මේ ගැන දේශපාලන පක්ෂ (දෙමළ පක්ෂ හැර) කිසිවකු කතා නොකරති. අඩුම තරමින් මෙම පළාත් පාර්ලිමේන්තු තමනට හිමි බලය ඉල්ලීමවත් නොකරති. ඉතින් තම රටේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක නොවන රටක කොමිසමක නිර්දේශයන් ක්‍රියාත්මක කරාවියැයි සිතීම විහිළුවක් හෝ සිහිනයක් නොවේද?
නමුත් ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් ඇති කළහොත් සමහරවිට මෙම කොමිසන් නිර්දේශ ක්‍රියාවට නැගීමට ඉඩ තිබේ. ඒ ප්‍රශ්න විසඳා ගැනීමට අප රට තුළ දේශපාලන අධිකාරයට ඇති අවංක උවමනාවක් නිසා නොව පිටින් එන ප්‍රශ්නයෙන් ගැලවීම පිණිසයි.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක්‍රිෂ්ණා ලංකාවට පැමිණ පසු 18 දින පුවත්වල මෙසේ පලවී තිබේ. 13වැනි සංශෝධනය පසුකල විසඳුම්ක් දීමට ජනාධිපති එකඟයි. මෙයින් අදහස් වෙන දෙය කුමක්ද යන්න ගැටලූවකි. වසර 25ක් තිස්සේ ඇති ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට ඉන්දියාව බලකළ යුතුය. අනෙක නම් ඉන්දියාව සැනසීමෙන් එහා යමක් මේ වචන තුළ ඇද්ද? 13 පසුකර යාම යනු 13 කණුව පසුකර යාම වැන්නක්ද කියා සිතන්නට තරම් අප රටේ දේශපාලනය සහ දේශපාලඥයන්ගේ කියමන් විහිළු සහගතය.
කෙසේ උවත් අපේ පැතුම මේ කොමිසමේ නිර්දේශ ගැලවිජ්ජාවක් නොවී සැබෑ ලෙස ක්‍රියාත්මක වේවා යන්නයි.
රංජිත් හෙන්නායකආරච්චි[Ranjith Hennayakaarchchi]