ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත අධ්‍යයනය. මෙහි විශේෂත්වය තමයි දෙමළ උගතෙක් විසින් සිංහල කලාව පිළිබඳව දැවැන්ත ගවේෂණයක් සිදුකිරීම. එහිදී ඔහු සිංහල කලාව පිළිබඳව, ගෘහ නිර්මාණ ශිල්පය, පිත්තල, මැටි වළං සම්ප්රදාය පිළිබඳව සාකච්ඡා කිරීමට අමතරව ඒ කාලේ සිංහල සමාජයේ විවිධ වූ ස්වභාවයන් පිළිබඳව, ඒ අයගේ ජනවර්ග මිශ්‍ර ස්වභාවය, ඒ අයගේ ඉතිහාසය තුළ පැවති කුල භේදය පිළිබඳව තියුණු ගවේෂණයක යෙදුනා. සිංහල ජාතිකයින්ට විශේෂිත වූ සංස්කෘතික අනන්‍යතාවයක් තියෙනවා, ඒ වගේම කලාවක් සාහිත්‍යයක් තිබුණා, ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන් හැඟීම බලවත් ලෙස ලබා දුන්න ප්‍රාඥයෙක් විදිහට ආනන්ද කුමාරස්වාමිව හඳුන්වන් පුළුවන්. කුමාරස්වාමිගෙ පර්යේෂණ කටයුතු ලංකාවට පමණක් සීමා වුණේ නැහැ. දකුණු ආසියාවටම විහිදුණු ආකාරයට ඔහු පර්යේෂණ කටයුතු සිදු කළා. ඔහු ඉන්දියාවෙත් විවිධ අංශ පිළිබඳව විශාල ප්‍රමාණයක් දේවල් ලියලා තියෙනවා.
කුමාරස්වාමි ලංකාවෙ ඉන්න කාලයේ, ලංකාවේ තිබුණු දියුණුම එකතුවක් ලෙස සැලකිය හැකි, ලංකාවේ ඇතිවෙන්න ඕනෙ ප්‍රතිසංස්කරණ මොනවාද යන කතිකාව සඳහා ගොඩනගාගෙන තිබුණු, ‛සිලෝන් රිෆෝමිස්ට් ලීග්’ නැමැති ආයතනයේ කැපී පෙනෙන පුද්ගලයෙක් ලෙස කටයුතු කළා. කුමාරස්වාමි එක්ක සසඳන්න පුළුවන් අන්තරජාතිකව එයාගෙ මට්ටමෙන් පිළිගැනීමකට ලක්වුණු උගතෙක්ව තාම අපිට ගොඩනගන්න පුළුවන් වෙලා නැහැ.
කුමාරස්වාමිගෙ මරණයෙන් බොහෝ කාලයකට පසු, 70 දශකයේ අවසානයේ දී කුමාරස්වාමිගෙ අත්පිටපත්, දින පොත්, පල නොකල ඇතැම් ලිපි ලේඛන ඇතුළත් පුස්තකාලය මිලදී ගන්න ලංකාවට අවස්ථාවක් ලැබුණා. නමුත් ඉතාමත්ම කණගාටුදායක තත්ත්වය තමයි ලංකාව ඒ එකතුව මිල දී ගත්තෙ නැහැ. ඒකට ඉල්ලපු මිල හුඟක් ලොකු නැහැ. ඒක ලක්ෂ 25 ක් පමණ මුදලක් වුණා. නමුත් ලංකා ආණ්ඩුව ඒක ගත්තෙ නැහැ. අවසානයේ දී ඒක මැලේසියාව විසින් මිල දී ගත්තා.
මම පුද්ගලිකව හිතන දේ තමයි නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි කියන එක. නෙළුම් පොකුණ, ආනන්ද කුමාරස්වාමිට වඩා ගොඩක් පුංචියි. ආන්නද කුමාරස්වාමිව අභිබවා අළුත් දෙයකට තැන ලැබිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. විශේෂයෙන්ම මේ වගේ කාලයක ඒක වඩාත්ම වැදගත්. අපිට ගෞරවයෙන් සමරන්න ඉන්න දෙමළ විද්වතුන් කිහිපදෙනා දිහා වඩා සංවේදීව බැලිය යුතුයි කියන එක තමයි මම හිතන්නෙ. ජාතීන් ගොඩනගන්න හීන දකින්න, නැවත මේ අය එකතු කරන්න හීන දකින සමාජයක් විදිහට මේ විදිහට ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ කියලා වෙනස් කරපු එක ඉතාමත් අවුල් ඇති කරන ප්‍රශ්නයක් කියන එක තමයි මගේ අදහස. ඒක නොවිය යුතුව තිබුණා.
වික්ටර් අයිවන්
ප්‍රධාන කර්තෘ – රාවය පුවත්පත
(සාකච්ඡාවක් ඇසුරෙනි)