ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත් ලිපි, ප්‍රකාශණය – යුක්තිය පුවත් පත – මුද්‍රණය 1998.
විද්‍යුත් මාධ්‍යයන්ගේ විශේෂයෙන්ම රජයට අයත් විද්‍යුත් මාධ්‍යයන්ගේ පරිහරණය සහ නිදහස ගැන නැවත වරක් ලිවීම අවශ්‍ය වී තිබේ. නොයෙක් ඓතිහාසික හේතූන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් විශේශයෙන්ම ධනවාදී අවවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය ආරම්භ වූයේ රාජ්‍ය ආයතන ලෙසයි. ඒවායේ ඉතිහාසය පුවත් පත් ඉතිහාසයට ඉදුරාම වෙනස්. දැන් දැන් පෞද්ගලක අංශයේ රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන් ආරම්භ වී ඇතත්, ඒවායේ විකාශන ශක්තීන් හා වැඩසටහන් තවම සීමිතයි. ඒවා ඇසිය බැලිය හැක්කේ සීමිත භූගෝලීය ප්‍රදේශයන් තුළ පමණි. ඒවායේ වැඩසටහන් ද බොහෝ විට සීමා වී ඇත්තේ සංගීතමය හෝ විනේදාත්මක අංශ වලට පමණයි.
කාලයක් යන විට මේ තත්ත්වය වෙනස් විය හැකිය. තාක්ෂණයන් දැන් වර්ධනය වන ආකාරය බලන විට තව නොබෝ කලකින් පුවත් පත්හි පටන් ගැනීමට අවශ්‍ය ධනය යෙදවීමෙන් ගුවන් ප්‍රචාරක ස්ථානයක් හෝ රූපවාහිනියක් හෝ පටන් ගැනීමට පුළුවන් වේවි. එහෙත් එවන් කාලයන් එළඹෙන තුරු අපට මුහුණ දීමට ඇත්තේ රාජ්‍ය ගුවන් විදුලියක් සහ රාජ්‍ය රූපවාහිනියකි.
මේ නිසා තමයි ඒවායේ පරිහරණය ගැන බරපතල ප්‍රශ්න නැගෙන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම සරල වශයෙන් ගත හොත් සිය පාලනය තෝරා ගැනීමට ප්‍රජාවට ඇති අයිතියයි. ප්‍රජාව මේ අයිතිය නිසි ආකාරයේ පාවිච්චි කිරීමට නම් නොයෙක් තරගකාරී පක්ෂවල මත හා ප්‍රතිපත්ති දැන ගැනීමත් ඒවා අතරින් තෝරා බේරා ගැනීම සදහා අවශ්‍ය කරුණු හා ඥානය ලබා ගැනීමත් අවශ්‍ය වෙයි. ඒ කාර්ය බෙහෙවින්ම ඉටු කරන්නේ මාධ්‍ය තුළිනි. මාධ්‍ය නිදහස නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි යන නිගමනයට මේ පදනම් වෙයි.
ප්‍රබල ම මාධ්‍ය දෙකක් රජයේ අත තිබේ. ප්‍රශ්නය ඒවා පරිහණය කිරීමයි. ඒවාට සියළුම මත නියෝජනය කරනු සදහා, ප්‍රජාතන්ත්‍රීය අරමුණු ඉටු කරනු සදහා අවශ්‍ය ස්වාධීන්තවය දෙන්නේද? එසේ නැතිනම් ආණ්ඩුවේ මතවාද පැතිරවීමට ආණුඩුව ආරක්ෂා කිරීමට ඒවා යොදා ගන්නවාද?
මධ්‍ය පරිහරණය සහ ප්‍රජාත්නත්‍රවාදය අතර දැඩි සම්බන්ධතාවය පොදු පෙරමුණු රජය හොදින් දනී. ඒ නිසා තමයි රජයේ මාධ්‍ය ප්‍රතිපත්තියේ මෙසේ දසහන් කර තිබෙන්නේ. “එක්සත් ජාතික පක්ෂය ජනතාව අතර අප්‍රිය වීමටත්, එයට ප්‍රජාතන්ත්‍ර විරෝධී රූපයක් ආරෝපණය වීමටත් ප්‍රධාන හේතුවක් වූයේ රජයට අයත් මාධ්‍යයන් කෙරෙහි ඒ පක්ෂය දැක්වූ පූර්ණ ආධිපත්‍යයයි.”
මේ ප්‍රශ්ණය ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුවක් වූ බවද, පොදු පෙරමුණ දනී. ඒ ගැන මාධ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙසේ සදහන් කරයි. “පොදු පෙරමුණු ආණ්ඩුවක් යටතේ මාධ්‍ය නිදහස ඇති වේය යන අපේක්ෂාව මහා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රීය ඡන්ද සංඛ්‍යාව වැඩි කිරීමට ප්‍රබල හේතුවක් විය.”
මේ කරුණු දැන දැනත් ආණ්ඩුවේ සහ එහි සේවකයන් දැන් ක්‍රියා කරන අයුරු වටහා ගැනීම අසීරුය.
රූපවාහිනිය පාවිච්චි කරන ආකාරය ගැන බොහෝ විවේචන පසු ගිය සති දෙක තුළ පළ වී තිබේ. ගුවන් විදුලිය ගැන විශේෂයෙන්ම එහි නව අධ්‍යාපන සේවය ගැන, දැන් එවැනිම චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබේ.
රූපවාහිනයේ ‘සුභ උදෑසනක්’ වැඩසටහනේ ගිය ඉරිදා මේ ප්‍රශ්නය සාකච්ඡාවට භාජනය වුණි. මේ වැඩසටහන් තුළින් ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජෙනරාල් මහතා ඉදිරිපත් කළ තර්කයක් විවේචනය කිරීමට පෙර මෙවැනි ප්‍රශ්න රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ සාකච්ඡා කිරීම ඉතා විශාල මෙන්ම යහපත් වර්ධනයක් බව පළමුවෙන්ම ප්‍රශංසනාත්මක ලෙස සදහන් කළ යුතුයි.
ඒ මහතාගේ තර්කය ගනිමු. වැඩ සටහන් තහනම් කළ බවට චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු, එහෙත් එවැනි තහනම් කිරීම් සාධාරණ කිරීමට උත්සහ කළේය. ඒ තර්කය මෙසේය. අපට ඇත්තේ තුන්වන පංතියේ ප්‍රජාත්න්ත්‍රවාදයක්. ඒ නිසා පළමු පන්තියේ මාධ්‍ය නිදහස ඉල්ලා සිටීම හෝ බලාපොරොත්තු වීම නුසුදුසුයි. තුන්වන පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදයක් යැයි ඔහු දකින්නේ කුමක්ද? එහි ලක්ෂණ මොනවාද? යන ප්‍රශ්නය ඉතා වැදගත් වෙයි. එහෙත් එය පැත්තකින් තබා මේ තර්කය තුළින් මාධ්‍ය නිදහස ගැන ගම්‍ය වන අර්ථය දෙස බලමු. පළමුවන පන්තියේ මාධ්‍ය නිදහස සම්පූර්ණ ස්වාධීනත්වය හා නිදහස ඇති තත්ත්වයක් විය යුතුය. අපිට ඔබින්නේ තුන්වන පන්තියේ මාධ්‍ය නිදහසක් නම් එය සීමිත නිදහසක් විය යුතුයි. මෙයින් අපට එළඹිය හැක්කේ එක් නිගමනයකටයි. නිදහස සහා ස්වාධීනත්වය අපේක්ෂා නොකරයි. ඔහු ගුවන් විදුලිය සීමා සහිතව පාලනය කිරීමට එකගයි.
ප්‍රධාන මාධ්‍යක් මෙහෙයවන මාධ්‍යකරුවෙක් වශයෙන් ඔහුගේ ආකල්පය හා ස්ථාවරය අප විසින් සැලකිල්ලට ගත යුතු වෙයි. ඉතාම අභාග්‍ය සම්පන්න කරුණක් වන්නේ ප්‍රජාත්න්‍රවාදය සහ ජනමාධ්‍ය නිදහස අතර ඇති සම්බන්ධය ගැන ඔහුගේ ඇති සාවද්‍ය අවබෝධයයි. තුන් වන පන්තියේ මාධ්‍ය නිදහසක්, ඒ කියන්නේ සීමා බන්ධන සහිත නිදහසක් ඇති තාක් අපට පළමු වැනි පන්තියේ ප්‍රජාතන්ත්‍රයකට වර්ධනය විය නොහැකි බව ඔහුට නොහැගෙන්නේද?