නාරාහේන්පිට, බොතේජු පාරේ විශාල වශයෙන් මිනිසුන් ගැවසෙන ප්‍රධාන මාර්ගයට ආසන්නයේම අද(14) උදෑසන තරැණයෙකුගේ යැයි සිතිය හැකි මළ සිරැරක් පුලුස්සා දමා ඇත. විශාල වශයෙන් ජනතාව සැරිසරන කොළඹ මෙවැනි ස්ථානයක මිනිසෙක් මරා පුලුස්සා දමන්නට තරම් යාන්ත්‍රණයක් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි අද එම ස්ථානයට රැස්ව සිටි ජනතාව කතාබස් කරනු දැක ගත හැකි විය. ‘‘මම අද උදේ 9ටත් මෙතැනින් ගියා. මම එහෙම එකක් දැක්කේ නෑ. මේක වෙලා තියෙන්නේ උදේ 9න් පසුව වගෙයි‘‘ යැයි එතනට පැමිණ සිටි කාන්තාවක් අප සමග පැවසීය.
පසුගිය කාලය පුරා උතුරේත්, දකුණේත් මෙළෙස ඝාතනය කර පුලුස්සා දමා හෝ පුලුස්සා ඝාතනය කිරීම් බොහෝ ප්‍රමාණයක් අසන්නට ලැබිණි. ඒ සියලු ඝාතනයන් විමසීමට ලක්කළහොත් එයින් මතුවන ප්‍රධාන දෙයක් නම් එක්කෝ එම ඝාතනය වන පුද්ගලයා යම් ලෙසක තම අයිතීන් වෙනුවෙන් කතා කළ හෝ ක්‍රියා කළ හෝ එවැනි දේශපාලනමය හේතූන් විය. නැතිනම් බහුතරයක් ඉවසන්නේ නැති කුමන හෝ ක්‍රියාවකට සම්බන්ධ වීමක් දැක ගත හැකි විය. නැතිනම් පාලකයන් විවේචනය කරමින් ක්‍රියාකල අයෙක් වන්නට පිළිවන. එම තත්වයන් තුළ මෙවැනි මිලේච්ඡ ඝාතකයින් බොහෝ විට ඝාතනය කර ප්‍රසිද්ධ ස්ථානයක පුලුස්සා දැමීම් සිදු කල බව ලාංකීය ඉතිහිසාය දෙස බැලූ විට අපට පෙනී යයි. මෙය එක් පසෙකින් රාජ්‍යය ප්‍රශ්ණ කිරීම්වලට ලක් කරන සමාජ කොටස් බිය වැද්දීමටත් යම් අනතුරැ සංඥාවක් ලෙසත් මෙය භාවිතා කළ බවත් ඉතිහාසය සාක්ෂි දරයි.
නමුත් සුවිශේෂම සිදු වීම නම් එවැනි ඝාතකයන් කිසිවෙකුත් මේ වන තුරැත් නීතිය හමුවට ගෙන ඒමට බළධාරීන්ට නොහැකී වීමයි. අනෙක නමි මෙවන් වේලාවක, මෙවන් ස්ථානයක මෙවැනි මිලේච්ඡ ක්‍රියාවක් සිදුකර පළා යා හැක්කේ කාට ද?