‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’ ( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5)
ඇන්තනි ප්‍රනාන්දු නම් වූ ඝාතනය කරන ලද ධීවරයාගේ කතෝලික අධ්‍යාත්මය හරහා ශ්‍රී ලාංකීය සිංහල කතෝලික හෘදය සාක්ෂිය කියවීම මෙම ලියවිල්ලේ මුඛ්‍ය අරමුණ යි. මාර්තු 15වැනිදාට ඔහු ඝාතනය කිරීමේ සිද්ධියට මසකි. අදට මාසයකුත් සතියකි. එහෙත් මිනී මරන්නන්ට අතීතය අමතක වන නිසාත් මසුන් මරන්නන්ගේ අනාගතය මුහුදුබත් වෙමින් පවතින නිසාත් මෙම ලියවිල්ල මග හැර යා නොහැකිය.
ශ්‍රී ලාංකීය සිංහල කතෝලික බහුතරය ඔවුන් කතෝලිකයන් බව හඳුණාගැනීමට හැකි එකම මග වනුයේ ඔවුන් විසින්ම ඔවුන් කතෝලිකයන් බව හඳුන්වා දෙනු ලැබීම තුළ මතු වන උත්ප්‍රාසයයි. හිත රිදවෙන කියමනක් වුවද, හරයාත්මකව ගත් කල එසේ හඳුන්වනු ලැබීමට අවශ්‍ය නිර්දිෂ්ඨ බොහොමයක් ඔවුන් සපුරා නැත. කතෝලිකකම යනු පුද්ගලයන් තුළ ඒ ඒ යුගයන්හි ඒ ඒ භූමි වපසරි තුළ පවත්නා අශිෂ්ඨ, අධම, දුර්දාන්ත, මානව විරෝධී පාලනයන්ට එරෙහිව උත්පාද වන දේශපාලනික ආස්ථානයන් මිසක තම තමන් හඳුන්වා දිය හැකි විශේෂණ පදයක් හෝ ආගමික ධම්ම පදයක් නොවනා බැවිනි.
ඇන්තනි ප්‍රනාන්දුගේ කතෝලිකකම වනාහි සිය ජීවිත පරිත්‍යාගය තුළින් ප්‍රතිඅර්ථකථණය වූ ඓතිහාසික යථාර්ථයකි. යථාර්ථය එසේ වුව ඊට අදාළව ඓතිහාසිකව කතෝලික සංස්කෘතිය නම් වන ආගමික හික්මීම තුළ ගොඩ නැගී ඇති ඔහුගේ ජීවිත සන්ධර්භය සංක්ෂිප්තව හෝ කියැවීම හරහා උත්ප්‍රසාත්මක කරුණු කාරණා රැසක් ඔබ හමුවේ දිග හැරෙනු ඇත.
ඇන්තනි, අන්තෝනි, ඇන්ටනි, ඇන්ටෝනියෝ, අන්තුවාන් ඈ වූ උච්චාරණයන් හරහා ඇති නාමකරණය වූ කලි වෙසෙසින් ප්‍රාතිහාර්යයේ ශාන්තුවරයා ලෙස උත්කර්ෂයට නැ`ගුණ අන්තෝනි මුනින්ද්‍රයා වෙත පවතින ගෞරව පූර්වක ආචාරයක් බඳු ය. කොළඹ කේන්ද්‍රීයව වරාය මාඉමේ ඉදිකර ඇති කොච්චිකඩේ පල්ලිය නමින් ප්‍රකට කතෝලික දේවස්ථානය වනාහි අන්තෝනි මුනි නමින් ලංකාවේ පවතින සුප්‍රකට සංඛේතීය වපසරියයි. නාමමාත්‍රීය කතෝලිකයන් පමණක් නොව නාමමාත්‍රීය සිංහල බෞද්ධයන් පවා අපමණක් බාරහාර සිදුකරන්නාවූ මෙම ශුද්ධ වූ වපසරිය සැබැවින්ම ශ්‍රී ලාංකික නිල කතෝලක සහාවට ආදායම් මැවෙනා කේන්ද්‍රස්ථානයක් බව ඇත්තකි. පෘතුගාලයේ, ලිස්බන්හි ඉපදුන මෙම ශාන්තුවර අන්තෝනීන්ගේ සැබෑ නාමය වූ ෆර්නෑන්ඩු වෙනුවට ඇන්ටනි යන අන්වර්ථ නාමය වෙත රූපාන්තරණය වූයේ මොරොක්කෝවේ ගත කළ ධර්ම ප්‍රචාරණ මෙහෙවරෙහි දූෂ්කරතා මධ්‍යයේ ය. අධිකතර වෙහෙසකර ජීවන භාවිතයේදී ශෝථය නොහොත් ඉදිමාව රෝගයෙන් ඔත්පලවූ පාදුවාවේ නගරයේ ශුද්ධවරයා වයස අවුරුදු 36දී ස්වර්ගස්ථ වූ බව ඔහු තමන් කෙරෙහිවත් භාවිතයට නොගත් ප්‍රාතිහාර්ය බලයෙන් සුඛ විහරණ වරම් පතන ශ්‍රැද්ධාවන්තයෝ බහුතරය නොදනිති. ප්‍රාතිහාර්යයීය ශාන්තුවරයාගේ සැබෑ නාමයත් අන්වර්ථ නාමයත් යන දෙකම තුළ සංඛේතගත, මෙම ලියවිල්ලේ ප්‍රස්තුත අපේ ඇන්තනි ෆර්නෑන්ඩෝ සිංහල රජයේ හමුදා වෙඩිපහරට හිස පුදාලුයේ වයස අවුරුදු 35දී ය. ෆර්නෑන්ඩෝ ඇන්තනි පාදුවාවේදී මිය යන විට කතෝලිය පල්ලියේ පියතුමකු වූ අතර ඔහුට ආදරය කළ දරුවෝ වීදි පුරා හ`ඩමින් සිටියහ. අපේ ඇන්තනි ෆර්නෑන්ඩෝ හලාවත වැල්ලේදී කෘෘරතර ලෙස ඝාතනය කර දැමෙන විට තමන් අපමණක් ආදරය කළ දරු දෙදෙනෙකුගේ පියතුමකු වූ අතර ඔවුහුද තාත්තාගේ නිසල දෙණ අසල කඳුළු වගුරුවමින් පසුවූහ.
මේ වන විට ත් කතෝලික නිල සභාවට අමතකව ගොස් ඇති එගොඩවත්ත පොළෝ ගර්භයේ සැතපී සිටින ඇන්තනි වනාහී ධීවර සටන් බිමකදී ප්‍රාණ පරිත්‍යගයේ යෙදුණු විරුවකු බව අප අවධාරණය කරනුයේ ධීවර ජීවිතය හා කතෝලික අධ්‍යාත්මයේ අවිච්ඡින්නභාවය කරණකොටගෙන ය. මුල් ගෝලයන් කැඳවීම ශීර්ෂය යටතේ එන ලුක් සුවිශෙෂයේ 5 වැනි පරිච්ඡේදය මෙබඳු ය.
‘‘තවද උන්වහන්සේ ගෙන්නෙසෙරෙත්නම් විල ළඟ සිටිය දී සමූහයෝ උන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට ෙ තරපීගෙන සිටියෝය. විල ළඟ ඔරු දෙකක් තිඛෙනවා උන්වහන්සේ දුටු සේක. මසුන් අල්ලන්නෝ ඒවායින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය. උන්වහන්සේ ඒ ඔරු වලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී ගොඩින් ටිකක් ඈත් කරන්නට ඔහුගෙන් ඉල්ලා, ඔරුවෙහි වැඩ හිඳගෙන සමූහයන්ට ඉගැන්වූ සේක. උන්වහන්සේ තකා කොට නිම වූ කල ගැඹුරට ගොස් මසුන් අල්ලන්නට දැල හෙළන්නැයි සීමොන්ට කී සේක. සීමොන් උත්තර දෙමින් , ස්වාමීනි අපි මුළු රාත්‍රියේ ම වෙහෙස වීමුව, නමුත් මොකවත් ඇල්ලූවේ නැත. නමුත් ඔබගේ වචනය නිසා දැල හෙළමියි කීවේ ය. ඔවුන් එසේ කළවිට මසුන් රාශියක අසු විය. ඔවුන්ගේ දැල ඉරෙන්ට පටන් ගත්තේය. ඇවිත් තමුනට උපකාර කරන්නැයි අනෙක් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔවුහු සංඥා කළෝ ය. ගිලෙන තරමට ඔරු දෙකම පුරවා ගත්තෝය. සීමොන් ප්‍රේතුස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී : ස්වාමීනි, මාවෙතින් ගිය මැනව, මම පව්කාර මනුෂ්‍යයෙකැයි කීවේය. මක්නිසාද ඔහු සහ ඔහු සමඟ සිටි සියල්ලලෝ තමුන් ඇල්ලු මසුන් රාශිය දැක විස්මිත වූ වෝය. යේසුස්වහන්සේ : භය නොවන්න, මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කී සේක. ඔවුහු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, උන්වහන්සේ අනුව ගියෝ ය.’’
මෙළෙස විකාශය වීම ඇරඹුණ ක්‍රිස්තියානි විමුක්ති මාර්ගයට අද වන විට ශී්‍ර ලාංකීය නිල කතෝලිය පල්ලිය විසින් පයින් ගසනු ලැබ, ඇණ ගසා ඇත. පීඩිතයන් ආරක්ෂා කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට, පීඩකයන් ආරක්ෂා කරමින් පීඩකයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් පවා නො සෑහී පීඩිතයන් වෙනුවෙන් පෙනීසිටින සැබෑ විමුක් තිදායකයෝ පීඩකයන් අතට පාවා දෙන තත්වයට නිල කතෝලික සහාව පිරිහෙළනු ලැබ ඇත. සමස්ථ ශ්‍රී ලංකාවට ඇති පීඩාවේ සේ ම කතෝලික සභාව තුළ වන පීඩාවේ මහා පොදු සාධකය ලෙස එම්.ආර්. නම් මුලකුරු සංඛේතගතව පෙනී සිටීම ඔවුනොවුන්ගේ දෛවෝපගතය ලෙස ඔවුනොවුන්ටම පෙනී යා හැකි වුව අපට අනුව නම් එය දේශපාලනික සංසිද්ධියකිි. මහා යුද ජයග්‍රහණයන්ගෙන් වියරු වැටී ඔද වැඩී සිටි රාජපක්ෂ ආණ්ඩුවේ පළමු දැවැන්ත පරාජය සිදුවූයේ සී ප්ලෙන් ව්‍යාපෘතිය හකුළා ගැනීමට සිදුවීම ය. ජන අරගලය මතු වූයේ මීගමුවට ඔබ්බේ වූ කළාපයෙනි. ඉන් අන තුරුව එම කළාපය තුළම වන කටුනායක නිදහස් වෙළෙඳ කළාපයෙන් මතුව ආ ඊනියා විශාම වැටුප් යෝජනාවට එරෙහි කම්කරු අරගලයයි. එම ජයග්‍රාහී සටනේදී ප්‍රාණ පරිත්‍යාගයේ යෙදුණු රොෂේන් චානක, මීනුවන්ගොඩ, ගල්ලොළුව රෝමානු කතෝලික සුසාන භූමියේ මිහිදන් කෙරුණේ නිල කතෝලික සහාවේ අවසාන ගෞරවය පවා නො ලබමිනි. අනතුරුව මතු වූ භූමිතෙල් සටනද පැණ නැ`ගුණේ උක්ත කළාපයෙන් ම වීම හරහා ආණ්ඩුව සිය මර්ධන යන්ත්‍රය ස්ථානගත කරන ආකාරය දේශපාලනිකව කියවීම සඳහා කිසිඳු භාෂා දැනුමක් අවශ්‍ය නොවේ. ඉදින්, ඇන්තනි ෆර්නෑන්ඩෝ ඝාතනය සැළසුම් සහගතව, දැනුවත් ප්‍රවේශයකින් සිදුවූවක් බවත් එය අහම්බයක් නොවන බවත් අතිශයින් ම පැහැදිලි ය. එහෙත් එම ඝාතනයෙන් නො සෑහෙන ආණ්ඩුවේ මර්ධන යන්ත්‍රයට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ හර්මන් කුමාර සහ සමස්ථ ලංකා ජනතා ධීවර සමිති සම්මේලනයේ අරුණ රොෂාන්ත ෆර්නෑන්ඩෝ යන ධීවර නායකයන් පවා දෙනු ලබන්නේ වතිකානුවේ තලෙන්තු ගණන් කළ ශ=ද්ධවූ දෑතකින් වීම සැබෑ කතෝලික හෘදය සාක්ෂියට සිදු කළ නිග්‍රහයක් නොවන්නේද ? ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න තම මිනීමෝරු කටහ`ඩින් පෙබරවාරි 21 වැනිදා පාර්ලිමේන් තුවේ ප්‍රකාශ කළ පරිදි සමස්ථ ධීවර සටන් පසුපස නියාමක කාර්යභාරය සිදුකරන්නේ මොවුන් දෙදෙනා ය. එම ප්‍රකාශය හරහා මෙම අශික්ෂික අමාත්‍යවරයා ඔවුන් පසුපස මරණය ලූහුබඳින්නට ඉ ඩසැළස්සූ අතර එකී මරණයෙන් දිවි ගළවා ගනු වස් සැ`ගව දිවි ගෙවීමට හර්මන් කුමාරට සහ අරුණ රොෂාන්තට සිදුව තිබේ. ඔවුන් රජයේ ඇම්බැට්ටයන් වෙත පාවා දුන් (ප්‍රතිි)කතෝලික නිළධාරීන්ට ඔවුන්ගේම සභාවේ ආරම්භක නායකයා වූ ධීවර සීමොන් පේතෘෘස් අමතක ය.
‘‘නුඹ පේතෘෘස්ය. තව ද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ස්වර්ග රාජ්‍යයෙ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවෙහි දී යමක් බැඳිනනෙහි ද ඒක ස්වර්ගයේහි දී බඳිනු ලබන්නේ ය. නුඹ පොළොවෙහිදී යමක් මුදනු ලබන්නේ ද ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ යැයි ඔහුට කී සේක.’’ (මතෙව් 16: 18-19 )
පේතෘෘස් යනු ලතින් බසින් පර්වතය යන අරුතයි. එහෙත් එවන් පර්වතයක් මත ගොඩ නැංවුණු සභාවක් ලංකාවේ නම් දක්නට නැත. තවත් එක් නිදසුනක් ලෙස මන්නාරම රදගුරු රායප්පු ජෝසප් ඇතුළු කි්‍රස්තියානි පූජකවරු ඉදිරිපත් කළ ලියවිල්ල හා ඊට එරෙහිව පැන නැගුණ සිංහල ප්‍රතිවිරෝධය දැක්විය හැකි ය. ඔවුන්ගේ ලියවිල්ල ඉවසීම් සහගතව කියවන්නට හැකිනම් එය, උතුරු නැගෙණහිර සිදුකෙරුණු මානව විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී කිි්‍රයාවලිය මත පමණක් පදනම් වූවක් නොව එය දකුණටත් අධාලව සැකසුණු ලියවිල්ලක් බව පෙනී යයි. ජනමාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන කි්‍රයාකාරීන්ට එරෙහිව කි්‍රයාත්මක වන වෛරී ක්‍රියා පිළිවෙතට එරෙහිව පමණක් නොව, ඝාතනයට ලක් කළ ඇන්තනි ෆර්නෑන්ඩෝ ධීවරයා ගැනත් එහි ඇත. එම ලියවිල්ල හරහා ඔවුන් ඉල්ලා සිටින්නේ යුක්තිය ම මිස අන් කවරක්වත් නොවේ. එතේ ඊට ප්‍රතිචාර දක්වන නිල කෙ තා්ලික සභාවේ එක් ලවුඩ්ස්පීකර කටක් වන කිතුහ`ඩ පවසන දැයින් කොටසක් උපුටනය කරමි. ඔවුන් ඔවුන්වම හඳුන්වා දෙන්නේ කතෝලික දහම රැක ගැනීමේ ව්‍යාපාරය යනුවෙනි. මන්නාරම රදගුරු තුමන්ගේ ප්‍රකෘශයට අපි එක`ග නෑ යන මැයෙන් යුතු කිතුහ~ නිවේදයේ , රට බේරා ගැනීමට දායක වූ කතෝලික ජනතාව – නම් වූ අනුමාතෘකාව යටතේ වන ඡේදය මෙපරිද්දෙනි.
යුද්ධය සිදුවූ පසුගිය දශක තුනකට ආසන්න කාලයේදී දකුණේ සමස්ථ කතෝලික ජනතාව කටයුතු කළේ මෙරටට හිතවාදී දේශප්‍රේමීන් ළෙස ය. රජය සමඟ අත්වැල් බැඳ ගනිමින් යුද්ධය ජයගැනීම සඳහා හා රජයට සහාය වූ කතෝලික අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්තී්‍රවරුන්, පළාත් සබා මන්තී්‍රවරුන්, ප්‍රාදේශීය සභා නගරසභා මන්තීවරුන්, සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් විශාල ප්‍රමාණයකි. එසේම යුද්ධය මෙහෙයවීමේදී දේශප්‍රේමීව කටයුතු කරමින් රජයට හා ආරක්ෂක හමුදාවන්ට සහාය වූ කතෝලික රජයේ නිළධාරීන් ගණන අති මහත්ය. රට වෙනුවෙන් වෙඩි උන්ඩයට බෝම්බයට සිට ජීවිතය පවා පුදා මව්බිම රැකගත්, සටන් කර එය ජයග්‍රහණය කරා මෙහෙයැ වූ කතෝලික ති්‍රවිධ හමුදා සෙබළුන් සහ නිළධාරින්ද බොහෝ ය, එසේම යුද්ධය ජයගැනීමට ඉතා විශාල සේවයක් කරමින් මෙරට මරමස්ථාන හා අධිආරක්ෂිත කලාප රැකගනිමින් කටුනායක, මීගමුව, ජා ඇල, වත්තල, කෙරවළපිටිය, උස්වැටකෙයියාව, මෝදර, හැඳළ, වැලිසර, වැනි ප්‍රදේශ රාශියක ආරක්ෂක කටයුතු සඳහා ග්‍රාමීය සිවිල් ආරක්ෂක බලකාය හා එක්ව රටේ වැදගත් ස්ථාන කොටින්ගෙන් බේරාගත්, කොටි මරාගෙන මැරෙන බෝම්බ විශාල ප්‍රමාණයක් සොයාදුන්, මරාගෙන මැරෙන කොටි විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට තොරතුරු දුන් වැඩි පිරිසක්ද කතෝලික ජනතාවය. යුද්ධයට සහය දක්වා ලිපි ලියූ කතෝලික මාධ්‍යවවේදීන් බොහෝ ය, යුද්ධය වෙනුවෙන් ගීත හා කවි ලියූ කතෝලික ලේකඛයෝ බෝහෝ ය. යුද්ධය සම්බන්ධව දේශාභිමාන හා රණවිරු ගී ලියූ හා ගී ගැයූ කතෝලික ගායකයින් සහ සංගීත කණ්ඩායම්ද බොහෝය.
මෙම ලියවිල්ල සැකසූවන් සැබෑ කිතුනුවන් වන්නේ නම් ක්‍රිස්තුන් වහන්සේ පවා තම කිතුනුභාවයෙන් ඉල්ලා අස්වනු ඇත. කි්‍රස්තුන් සහ බරබ්බස් යන දෙදෙනාගෙන් කවරෙක් නිදහස් කළ යුතුදැයි එදා පිළාත් ප්‍රශ්න කළ කල්හි -බරබ්බස් බරබ්බස් – යනුවෙන් කෑ ගැසුවෝ මෙවන් ශ්‍රැද්ධාවන්තයෝ ය.
ඇන්තනි ෆර්නෑන්ඩු නම් ධීවරයා වෙනුවෙන් ලියැවුණු මෙම සටහනට විරාමය තැබීමට පෙර, සැබෑ කතෝලික අධ්‍යාත්මයක් සහත සැබෑ විමුක්තිදායක මාර්ගයේ තවමත් අඛණ්ඩව ගමන් ගන්නා සටන්කාමී අභීත පූජක හා ගිහි දෙපාර්ශවයේම අතලොස්සක් පමණ වූ නායකකාරකාදීන්ට ගෞරවපූර්වකව හිස නමා ආචාර කරමි. මා මෙම ලියවිල්ල නිමකරන්නේ ධීවරයෙකු වූ පේතෘෘස් උපුටනය කරමිනි. පේතෘෘස් පේතෘෘස්ගේ සාමාන්‍ය දෙවෙනි පත්‍රය නම් ලියවිල්ල නිම කරන්නේ මෙළෙසිනි.
‘‘එබැවින් ප්‍රේමවන්තයිනි නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී ගොස් නුඹලාගේ ම ස්ථීරභාවයෙන් නොවැටෙන පිණිස පරිස්සම් වන්න.’’
මංජුල වෙඩිවර්ධන[Manjula Wediwardhana]