Tissanaiyagam’s case and the Freedom of Expression

තිස්සෙයිනායගම් නඩුව සහ අදහස් ප‍්‍රකාශනයේ අයිතිය

රහස් පොලිස් නිලධාරියා මගෙන් ඇසූ ප‍්‍රශ්නය මට හොදට මතක ය. එනම් ”නුඹ ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කළේ ද” කියා ය. මම මෙසේ පිළිතුරු දුන්නෙමි: ”මා එසේ උත්සාහ කලේ නැහැ. නමුත් මට ඊට අයිතියක් තියෙනවා. නමුත් මා රජය පෙරළා දැමීමට උත්සාහ කරන්නේ නැහැ.” අන්ද මන්ද වූ රහස් පොලිසි නිලධාරියාට මම රජය සහ ආණ්ඩුව අතර ඇති වෙනස පැහැදිළි කර දුන්නෙමි. ඔහු යමක් තේරුම් ගත් බව මට පෙනුනි.”
1983 කලූ ජූලියේ මතක සටහන් – බිය ජනක අත්දැකීම් කිහිපයක්. Groundviews හි පළ කෙරෙැණු ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ඩිවි ගුණසේකරගේ මතක සටහන්

ප‍්‍රතිපත්තියක් වශයෙන් අඅඅගටරදමබාඩසැඅිගදරට සිවිල් සමාජ හෝ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රකාශ පළ කරන්නේ නැත. ඒ අන් කිසි හේතුවක් නිසා නොව ටරදමබාඩසැඅි නැවුම් සහ සජීවී සංවාදය සඳහා අවකාශයක් වශයෙන් තිබිය යුතු යැයි කල්පනා කැරෙන නිසා ය. ජනමාධ්‍යවේදී තිස්සෙයිනායගම් නිදහස් කර ගැනීම උදෙසා ජාත්්‍යන්තර ජනමාධ්‍යවේදී සම්මේලනය දියත්කරන ඇති ව්‍යාපාරයට සහාය දීමට ටරදමබාඩසැඅි ගත් තීරණය එවැනි ප‍්‍රථම තීරණය යිි. එය එවැනි අවසාන තිරණය ද වනු ඇතැයි මම අපේක්ෂා කරමි. මෙම තීරණය පහසුවෙන් එලඹි එකක් නොවන බව ද කියා සිටිම අවශ්‍ය ය.

තිස්සෙයිනායගම් නඩුවෙහි කැපී පෙනෙන ලක්ෂන රාජපක්ෂ පාලනය යටතේ ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය නිදහසෙහි වඩා බියකරු කඩා වැටීමක් අපට පෙන්නුම් කරයි. මෙම නඩු විභාගය වෙසෙසින් ම අපට පෙන්නුම් කරන්නේ දකුණේ පාලනය ද මාධ්‍ය නිදහස සහ නිදහස් අදහස් ප‍්‍රකාශණය නොඉවසන බවට ප‍්‍රසිද්ධ වී ඇති එල්ටීටීයෙ හි ප‍්‍රතිබිම්බයක් බවට පත්ව ඇති බියකරු අන්දම යි.

ජාත්ත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය පෙන්නුම් කරන පරිදි මෙම නඩුවෙන් චෝදනා කැරෙන්නේ 2006 ජූනි 1 දා සහ 2007 ජූනි 1දා අතරතුර නොර්ත් ඊස්ටන් මන්ත්ලි සඟරාව මුද්‍රණය කිරීම, පළ කිරීම සහ බෙදා හැරීම සහ එමගින් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළේ යැයි යනුවෙනි.

2008 අගෝස්තු 12වනදා අපදා කළමණාකරන සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේම්වරයා ලෙස මහාචාර්ය රාජීව විජේසිංහ විසින් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ බ‍්‍රැඞ් ඇඩම්ස් වෙත ජනමාධ්‍යවේදි තිස්සෙයිනායගම්ගේ ලිපියක උපුටා ගැනීමක් ඇතුළත් කර ලියූ ලිපියක් සාම ක‍්‍රියාවළිය සම්බන්ධිකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ යළි පිණු වෙබ් අඩවිය පළ කළේ ය. එම උදෘතය මෙසේ ය.

”සිවිල් වැසියන්ට එරෙහිව කැරෙන මෙවැනි ප‍්‍රහාරයන් ඉලක්ක කරන්නේ ආහාර මෙන්ම ඖෂධ සහ ඉන්ධන ද ලබා නොදී ඔවුන් හාමතට පත් කර වාකේරි ප‍්‍රදේශයෙන් ඔවුන් පළවා හැර ප‍්‍රදේශය ජන ශූන්‍ය කිරිමට ය.”

අනතුරුව මහාචාර්ය විජේසිංහ මෙසේ පවසයි.

”චෝදනා පත‍්‍රයෙහි උපුටා දක්වා ඇති මෙම ජේදය මගින් පෙන්නුම් කරන්නේ ඔහු අපේ නීති උල්ළංඝනය කර ඇති බවයි. ”

එනයින් ආණ්ඩුව ¥ෂ්කරතාවයට හෝ අපකිර්තියට පත්කිරීම තිස්සට එරෙහිව නගා ඇති ප‍්‍රධාන චෝදනාවකි. මෙයට දැක්විය හැකි ලෙහෙසිම ප‍්‍රතිචාරය නම් අන් සියල්ලන්ට ම වඩා ආණ්ඩුව අපකිර්තියට පත් කර ගන්නේ එයම බව යි.

එනමුත් ඊට වඩා භාර¥ර ප‍්‍රතිචාරයක් අවශ්‍ය ය. ජාත්්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ව්‍යාපාරය විසින් ඉල්ලක කැරෙන්නේ එවැන්නකි. ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක ජනමාධ්‍යවේදය අපරාධයක් බවට පත් කැරෙන මෙරට කිසිදු නීතියක් ගැන කතුවරයා නොදනී. එවැනි නීතියක් ඇතොත් ව්‍යවස්ථා සම්පාදක ඇමැති ඩිව් ගුණසේකර මහතා වහාම අත් අඩංගුවට ගෙන තිස්ස ලෙසින්ම නඩු විභාගයකට යටත් කළ යුතු ය. අඅඅගටරදමබාිඩසැඅගදරට හි පමණක්ම පළ කරන ලද ඔහුගේ 1983 දිනසටහන් කෙරෙන් ගන්නා ලද මෙම ලිපියෙහි ආරම්භයෙහි සදහන් ඇමැතිවරයාගේ උදෘතය පැහැදිලිව පෙන්වන්නේ ආණ්ඩුව විචේචනය කිරීමට පමණක් නොව එය පෙරළා දැමීමට පවා ඹ්නෑම පුරවැසියකුට ඇති අයිතිය යි. තිස්සට නඩු පවරන ආණ්ඩුව සිය ඇමැතිවරයාගේ එකී අදහස් ඉවසා සිටින්නේ කෙසේ ද?

තිස්සගේ නඩුව වනාහී පුද්ගලයකුට එරෙහිව පවරන ලද විකාර නඩුවට වඩා වැඩි දෙයකි. ඔහුට එරෙහිව පවරන ලද වෝදනා, ඔහු ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගත් දීර්ඝ කාලය සහ අත් අඩංගුවෙහි දී ඔහුට සළකන ලද විශම ආකාරය යන සියල්ල මෙරට ස්වාධීන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ තැති ගැන්වීමට පරෙස්සමෙන් සැළසුම් කරන ලද පියවරයන් ය. මෙහිලා රාජපක්ෂ පාලනය අතිශයින්ම සාර්ථක වී තිබේ. අද බොහෝ ජනමාධ්‍යවේදීහු තිස්ස මුහුණ දුන් අසාධාරණය ගැන හෝ ඔහු වහාම නිදහස් කළ යුතු යැයි හෝ ලිවීමට තබා තිස්ස ගැන යමක් හෝ ලිවීමට පවා බිය වෙති.

එනමුත් තිස්සට එරෙහිව නගා ඇති චෝදනා ඒවාට සාධාරණ කේන්තියකින් යුතුව විරුද්ධ වන ලෙස අපට බල කරයි. සෑම බ්ලේග්කරුවකුම, සෑම ජනමාධ්‍යවේදියකුම, කවර හෝ මාධ්‍යක් හරහා සිය අදහස් ප‍්‍රසිද්ධියේ දක්වා ඇති සෑම අයෙකු ම තිස්සට එරෙහිව නඟා ඇති චෝදනා පිළිබඳව බරපතල සැළකිල්ලක් දැක්විය යුතු ය. මෙම චෝදනාවන්ගේ ස්වභාවය විසින් අප සියළු දෙනාම හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා අපරාධ චෝදනාවන්ට ලක් කිරීමේ අවදානමට ඇති කර තිබේ.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්්ඨ සමීක්ෂකයකු වන පබිලිස් නමින් ටරදමබාිඩසැඅි වෙත ලියන අසංග වැලිකල ”නිත්‍ය අර්බූදයකට ගොදුරුවූ රාජ්‍ය ය: ශ‍්‍රී ලංකාවෙහි ව්‍යවස්ථානුකුල ආණ්ඩුව, මූලික අයිතිවාසිකම් සහ හදිසි නීති පාලනය” යන සිය කෘතියට ලියූ හදුන්වාදීමෙ හි සදහන් කරන අන්දමට:

“අදහස් ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ වෝල්ටෙයර්ගේ අදහස අද ජාතික ආරක්ෂාවේ රාජ්‍ය යන බිය ගැන්වුනු අදහසට සහමුලින්ම යටත් වී ඇති බව සක්සුදක් සේ පැහැදිළිය.”

කරුණාකර තිස්සෙයිනායගම් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයට සහාය දෙන්න.

සංජන හත්තොටුව.
කර්තෘ,
Groundviews