එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් විසින් ශ්‍රි ලංකාවේ යුදමය කාලය තුළදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවිනිදැයි සොයා බලා උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව නිකුත් කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි අද[16] මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම පුවත ඉරිදා දිවයින[17] වාර්තා කරන්නේ මෙළෙසය. ‛‛මූන්ගේ විද්වත් මණ්ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා’’ යනුවෙන් මෙන්ම, දිවයින වැඩිදුරටත් වාර්තා කරන්නේ ‛‛මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක් කොටි හිතවාදී සංවිධාන 20ක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 50ක් විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ.’’ යනුවෙනි.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප[17] වාර්තා කරනු ලබන්නේ” රජය බෑන් කී ගේ උපදේශක වාර්තාව ප්‍රතික්ෂේප කරයි” යන සිරස්තලය යටතේ එහි සදහන් වන්නේ ‛‛එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර, එය ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස රජය එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට දැනුම් දී තිබේ. එහි වැඩිදුරටත් සදහන් වන්නේ ‛‛ශ්‍රි ලංකාවේ යුද සමයේ සිදු වූ වැරදි ක්‍රියා සම්බන්ධව විධිමත් පරීක්ෂන කල යුතු බවත් එය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධීක්ෂණ සභාවක් මගින් අධීක්ෂණය කළ යුතු බවත් වාර්තාව පෙන්වා දී තිබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාවට ඓරෙහිව ගෙනා යෝජනාව, නැවත සලකා බැලිය යුතු බවට එක්සත් ජාතීන්ගේ උපදේශණ කමිටුව මහලේකම්වරයාට නිර්දේශ කර ඇත.’’ යනුවෙනි.
කෙසේ වෙතත් මේ සියලු කරුණු මේ වන විට ලංකා රජය සාවද්‍ය ඒවා බව පවසා ප්‍රතික්ෂේප කර තිබේ. මෙය මේ ප්‍රශ්ණයේ මුල සිටම කිසිදු පරීක්ෂණ ක්‍රියාවලීයකින් තොරව [ජනාධිපති කොමිසමේ වාර්තාවත් තවම ලැබී නැති විටදී] රජය සහ බොහෝ සිංහල ජනමාධ්‍ය දැරූ ප්‍රසිද්ධ පිළිවෙත ය. මෙයට කිසිවක් ලිවීම දැන් ඒ තරම් අවශ්‍ය යැයි ලියුම්කරු නොසිතයි. ඒ අන් කිසිවක් නිසා නොව, ‛‛සොරකම් නොකරා නම් තමා බය වෙන්න ඕනෑ නැතැයි’’ යැයි ඉතා සරල කියමනක් බොහෝ තැන්වල භාවිතා වන නිසා වෙනි. මේ පිළිබදව තව දුරටත් පැහැදිලි කිරීම සඳහා කියවන්න, මෙය ලංකා රජයට ඉදිරිපත් කල වහාම ‛‛එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර, එය ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස රජය එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට දැනුම් දී තිබේ’’ යනුවෙන් අප්‍රේල් 17 වන ඉරිදා ලංකාදීප වාර්තා කර ඇත.
මෙම තත්ත්වය උද්ගත වන්නට පෙර එනම් පසුගිය මාර්තු 14 වනදා ලංකා තානාපතිනී කෂේනුකා සෙනවිරත්න ජිනිවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ කතා කරමින් කියා සිටියේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලෛ මහත්මියට ශ්‍රී ලංකාවේ නිළ සංචාරයකට ආරාධනා කිරීම සදහා තම රජය කටයුතු කරමින් යන බවය. ඒ බෑංකී මූන්ගේ කමිටු වාර්තාව පිට වීමට ආසන්න අවස්ථාවක ය.
එසේම ලංකාවේ සිදු විනැයි කියනු ලබන මානව හිමිකම් කෙලෙසීම සම්බන්ධයෙන් ජිනීවාහීදී දක්වන ලද්දේ එරෙහිවීමකට වඩා එකඟතාවයක් බව මාධ්‍ය වාර්තා කලේ කෂේනුකා සෙනවිරත්න සහ අමාත්‍ය මහින්ද සමරසිංහ කරන ලද ප්‍රකාශයන් පදනම් කරගෙනය. ඒ අන් කිසිවක් නිසා නොව යුද්ධයෙදී සිදු විනැයි කියනු ලබන මනුෂ්‍යත්වයට එරෙහිව සිදු වූ අපරාධ සොයා බැලීමට බෑං කී මූන් විසින් පත්කර ලද කොමිසමේ වාර්තාව පිට වීමට ආසන්නව තිබිම බව එම අවස්ථාවේදී බොහෝ විචාරකයින් පෙන්ව දුන්හ.
දැන් එම වාර්තාව පිට වී ඇත. තත්ත්වය උඩු යටිකුරු වී ඇත. එසේ මාසයක් ආපස්සට ගිය තැන ලංකාව සිටි සාධනීය ස්ථානය සහමුලින්ම වෙනස් වී ඇත. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි රජය සහ එල්ටීටීඊ ය විසින් අන්තර්ජාතික මානුෂිය නීති කෙලෙසා ඇති බවට පිළිගත හැකි සාක්ෂි ඇති බවට විවිධ සංවිධාන පෙන්වා දුන්හ. ඒ කිසිවකට රජය විසින් කිසිදු සාධනිය දේශපාලනික පිළිතුරක් සැපයුයේ නැත. දැන් බැං කි මුංගේ කමිටු වාර්තාවෙන් ද පෙන්වා දී ඇත්තේ යුද සමයේ සිදු වු අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බව ය. දැන් ශ්‍රී ලංකා රජය මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම වාර්තාව සහ එහි නිර්දේශයන් පිලිබදව ශ්‍රී ලංකා රජය ගනු ලබන ස්ථාවරයන් අන්තර්ජාතික වශයෙන් ලංකාව දේශපාලනික ලක්ෂගත වන්නේ කුමන තත්ත්වයක් මතද, කෙසේද යන්න තීරණය කරනු ඇත.
එසේම මෙම වාර්තාව සම්බන්ධයෙන් වන කරුණු පිළිබදව ලංකා රජය එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වුවහොත් සිදුවන්නේ අයහපතකට වඩා, වඩා යහපත් තත්ත්වයකි.
නමුත් ඉදිරියේදී එය සිදුවීමට එතරම ඉඩක් නොමැති බව පෙනී යයි. උපවාස වංශත් සහ ජාතිවාදී නඩයත් එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලා තොයිලයක් නැටුවහොත් එයිනුත් සිදුවන්නේ රටට අයහපත් තත්ත්වයකි. එය ජාත්‍යන්තරව අයහපත් ප්‍රවණතාවයකි. එයටත් වඩා රාජ්‍ය තාන්ත්‍රිකාව ගනුදෙනු කිරිමට ලංකා රජයේ ඇති නොහැකියාවයි.
කෙසේ වෙතත් මෙම යුද අපරාධ සහ එක්සත් ජාතීන් සම්බන්ධව ‛විකල්ප’ වෙබ් අඩවියට ට ලිපියක් ලියන සුනන්ද දේශප්‍රිය මෙසේ පෙන්වා දෙයි.‛‛ජන ඝාතනය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද්ධය අතරතුර සිවිල්වැසියන් හෝ සටන්කරුවන්ට නපුරු ලෙස සැළකීම යනාදී සියල්ල යුද අපරාධ ඝනයේ ලා සැළකෙන නමුත් ඉන් ප්‍රධාන කොට සැළකෙන්නේ ජන ඝාතනය යි. අන්තර් ජාතික යුද අපරාධ නීතිය, යුද අපරාධ මෙසේ නිර්වචනය කරයි:
යුදමය අවශ්‍යතාවයන්ට බැහැරව නගර, ගම්මාන, යනාදිය විනාශ කිරීම,
ආරක්ෂාවක් නැති නගර, ගම්මාන, ගේ දොර සහ ගොඩනැඟිලි ප්‍රහාරයන්ට හෝ බෝම්බ දැමීම හෝ මගින් විනාශ කිරීම,
ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික යනාදී ස්ථාන අල්ලා ගැනීම හෝ විනාශ කිරීම හෝ අලාභ හානි කිරීම
පොදු දේපල විනාශ කිරීම
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනු සන්නද්ධ ගැටුම් කාලයක් තුළ සිවිල් ජනයාට එරෙහිව කැරෙන අපරාධයන් ය. මරා දැමීම්, වහල්භාවයට ගැනීම, පිටුවහල් කිරීම, සිර ගත කිරීම, කුරිරු වධහිංසා පැමිණවීම, ලිංගික කෙළසීම, දේශපාලන, වාර්ගික හෝ ආගමික පදනම් මත නඩු පැවරීම සහ දඩුවම් කිරීම යනාදිය ඊට ඇතුළත් වේ.
මෙම චෝදනා මත කවරකුට හෝ යුද අපරාධ මත නඩු පැවැරීම ලෙහෙසි නැත. මන්ද යත් යුද්ධයේ අවශ්‍යතා වෙනුවෙන් යම් යම් ක්‍රියාවන් අත්‍යවශ්‍ය වූ බවට තර්ක කළ හැකි නිසා ය. අනෙක් අතට යුද අපරාධ සම්බන්දධයෙන් නඩු පැවැරීමට නිශ්චිත කාල සීමාවක් නැත. වසර 25කට පසු හෝ සාක්ෂි ඉදිරිපත් කළ හැකි නම් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ හැකි ය. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් නඩු පැවැරීමට අති විශාල අපරාධ කර තිබීම අවශ්‍ය වන්නේ ද නැත.
අවසාන වශයෙන් ලංකා ආණ්ඩුව විසින් පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංන්දානය පිළිබදව වන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි පුනරීන් වැසියෙක් කළ ප්‍රකාශය පහත සටහන් කරන්නේ බොහෝ ලාංකේය සිංහල මාධ්‍ය ඒ පිලිබදව සටහන් කිරීමට දැක්වූ නොසැලකිලිමත්කමත් ඒ නොසැලකිල්ලෙහි ප්‍රතිඵල දැන් ක්‍රමයෙන් උදා වීමට බොහෝ ඉඩ කඩ ඇති නිසාය.
”අවසන් යුද්ධයේදී හමුදාව පොස්පරස් බෝම්බවලින් ප්‍රහාර එල්ල කළා”
”පුනරින් කෘෂි සංවර්ධන නිලධාරී වන එන්. සුන්දරමූර්ත්ති යන අය මෙසේ තමන්ගේ අත්දැකිමට අනුව කොමිසමට සාක්ෂිර ලබා දුන්හ. ඔහු සඳහන් කළ සාක්ෂිය මෙසේය:-
”මානුෂික හමුදා මෙහෙයුම යන නාමයෙන් ආරම්භ කළ යුද්ධය මන්නාරමේ සිට කිලිනොච්චි, මුලතිව් ආදි දිස්ත්රිහක්ක දක්වා ව්යා ප්ත විය. යුද්ධය අඛණ්ඩව දිගටම ක්රිනයාත්මක වූ නිසා ජනතාවත් දිගටම අවතැන්වීමට සිදු විය. මන්නාරමේ දී අවතැන්වීමට පටන්ගත් ජනතාව මුල්ලේවායික්කාල් දක්වාම අවතැන් වීමට සිදු විය. මේ කාල පරාසය තුළ ජනතාව විඳපු දුක් කන්දරාව අති මහත් ය. මෙම දුක් කන්දරාවට යුද්ධයේ යෙදුණු දෙපාර්ෂවයම හේතු විය. රජය විසින් යුධ මුක්ත කලාපය (Safe Zone) යන නාමයෙන් ජනතාව එක තැනකට එක් කිරීම නිසා, කොටින්ට තමන්ට අවශ්ය සාමාජිකයින් පහසුවෙන් බඳවා ගැනිමටත්, ඔවුන්ගේ අයුධ ස්ථානගත කිරීමටත් පහසු කරවන්නක් විය. රජය යුධ මුක්ත කලාපය ඇති නොකළේ නම්, අවශ්යග ආරක්ෂතක තැන් අපම සොයාගෙන විනාශය අඩු කරලීමට හැකියාව තිබුණා. යුධ මුක්ත කළාපයේ සිටින විට ජීවිත හානි ඇතුළු විනාශකාරී තත්වයන්ට අපට මුහුණ දීමට සිදු වුණා. ජනතාව ආරක්ෂසක වළල්ලක් ලෙස තබාගෙන හමුදාව වෙත ෂෙල් ප්ර්හාර එල්ල කර කොටින් එම ස්ථානයෙන් ඉවත් වූ පසුව එම ඉස්ථානයටම හමුදාව විසින් දිගටම ෂෙල් හා ගුවන් ප්ර්හාර එල්ල කරනු ලැබුවා. මේ නිසා දිනකට සිවිල් වැසියන් 200 දක්වා ප්ර්මාණයක් මිය ගියහ.”
”මේ නිසා කිහිප වතාවක්ම යුධ මුක්ත කලාපයේ සිට හමුදා පාලන ප්රහදේශ වලට පැමිණීමට උත්සහ කළා. මේ අවස්ථාවන් වලදී පිටවීමට අවසර නොදී අපිට කොටින් අමු පිති වලින් ප්රතහාර එල්ල කළා. අපිව බය කිරිම සඳහා අහසට කොටි වෙඩිත් තිබ්බා. ඒ සමගම තමන්ගේ පාලන ප්රරදේශ වෙත එන ජනතාවට හමුදාවත් වෙඩි ප්රකහාර එල්ල කළා. මේ නිසා අපිට දිගටම යුධ මුක්ත කලාපයේ සිටීමට සිදු වුණා. පුදුමාතලන්, සුදන්දිරපුරම්, අම්බලවන් පොක්කනායි, වලයිපාඩු සහ වලයිඥර්මඩම් යනාදී ප්රාදේශවල දිගටම රැඳී සිටිමට සිදු වුණා. එක් වතාවක් යුධ මුක්ත කළාපයට හමුදාව විසින් එල්ලකළ ෂෙල් ප්රහාරයෙන් කාන්තාවන් 17ක් සහ කුඩා දරුවන් 6ක්ම එම ඉස්ථානයේදීම මිය ගියා.
පෝෂ්යපදායි ආහාර කිසිවක් එම ප්ර7දේශවල තිබුණේ නෑ. පිරිසුදු පානීය ජලයවත් එහි තිබුණේ නෑ. නැවෙන් බඩුමුට්ටු එනවා. නමුත්, ඒවා සම්පූර්ණයෙන්ම කොටින්ගේ අතට තමයි පත්වෙන්නේ. තමන්ගේ ගබඩා තොගවල ඇති ආහාර ද්රාව්ය, සහනයක් ලෙස කොටින් විසින් ජනතාවට බෙදා දුන්නා.”
”පොල් වැනි ද්ර වයවල දැඩි හිඟයක් පැවතුණු නිසා සමහරුන් අසල ඇති ප්ර්දේශ වලට ගොස් පොල් කඩාගෙන පැමිණියා. එහෙම ගිය කිහිපදෙනෙක් හමුදාවේ දිගදුර විහිදුම් බලකාය (ෘැැච ඡැබැඑර්එසදබ ඹබසඑ) විසින් මරලා දැම්මා.
එක් වතාවක් උදේ පාන්දර කූඩාරම් වටේ ඇති කුඩා වලවල්වල මිය ගිය අයගේ සිරුරු කීපයක් ඇති බව අපි දැක්කා. ඒ අය මියගොස් ඇත්තේ කොටින්ගේ ප්රඅහාර වලින් හෝ හමුදා ෂෙල් ප්රබහාර වලින්. එහි හුඟක් තැන්වල තිබූ වලවල්, හමුදා ෂෙල් වලින් ඉහත පිරිස මිය ගිහින් ඇති බව තහවුරු කරනවා.
යුධ මුක්ත කලාපයට ප්රවහාර එල්ල කරමින් සිටි ගුවන්යානා වලටත් කොටින් ප්ර ති ප්ර හාර එල්ල කළා. මෙයට ප්රයති ප්රමහාර ලෙස කොටින් වෙත තහනම් කළ පොකුරු සහ පොස්පරස් බෝම්බ හමුදාව විසින් එල්ලකරනු ලැබුවා. මේ නිසා පොදු ජනතාවට දැඩි හානි සිදු වුණා. දිනකට 400ත් 600ත් අතර ප්රලමාණයක් මිය ගොස් 1000ක් දක්වා ප්රැමාණයක් තුවාල වෙමින් දරුණු තත්වයක් ඇති වුණා. ඉන් පසු දැඩි පීඩා මැද හමුදා පාලන ප්රනදේශ වෙත අපි පැමිණියා.
මෙහෙනුත් දිගු කාලයක් සුභසාධන කඳවුරුවල රඳවාගෙන දැන් තමයි අපිව නැවත පදිංචි කළේ. නමුත්, අපේ ගෙවල් වල තිබූ සෑම බඩුවක්ම හොරකම් කරලා. අපි ඇවිත් මුල් දවසේ තිබූ බඩුව අනිත් දවස වෙද්දි හොරකම් කරලා. ජනතාවගේ ගෙවල්වල තිබු උළු දැන් හමුදා මුරපොළවල්වලයි තියෙන්නේ. සිදු වූ විපත් සියල්ල නැතිවෙලා දැන්වත් ජනතාවට හොඳක් සිදුවෙන්න ඕන. මෙයිට පෙර ඇති කළ කොමිසම් සියල්ල පළ රහිත වූ ඒවා. එහෙම නොවී මෙම කොමිසමෙන් ජනතාවට හොඳක් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා. ” [කිලිනොච්චි, සැප්තැම්බර් 20 – සු සුඩර් ඔළි පුවතින් උපුටා ගන්නා ලදි ]
පසුගිය සටහන්
දෙමළ ජනයාගේ දුක්ගැනවිලි හමුවේ නිදිවදින ජනාධිපති කොමිසම(LLRC)
බැන්කි මුන්ගේ කමිටුවට එරෙහි විරෝධය සාධාරණද?
එදා මෙදා මානව හිමිකම් සහ ජාතිකාභිමානය
See video below.
War crime video footage, Sri Lanka Tamil killings: “We killed everyone.” – Genocide
Sri Lanka rebels deny UN war crimes claims – 17 Feb 09